Monday, June 21, 2021

9 ශ්‍රේණිය චිත්‍ර - වාහල්කඩ

Ruveena Amarasinghe -
CP/Wath/Arangala K.V.
Ajith w.Perera - St,Sylvester's College.

වාහල්කඩ.

* චෛත්‍යයක සතරදිසාවේ දාගැබට සම්බන්ධකර සාදා ඇති ඉදිකිරීම මෙලෙස හඳුන්වයි.මෙය ගෘහ නිර්මාණ වි⁣ශේෂයකි.

* දාගැබට පූජා පවත්වෙන විට මල් පහන් පිදීමටද භාවිතා කරන ලද මල් අසනයද මෙයට සම්බන්ධ කරඇත.

* අයක,ආයික යන නම් වලින්ද වාහල් කඩ හඳුන්වයි.

* පේසාවළලු වලට සම්බන්ධවන ⁣පාදම කොටස කළුගල් වලින් ඉදිකර ඉහළ විමාන සහිත කොටස ගඩොලින් සකසා ඇත.

*කළුගල් භාවිතා කල පහත කොටසේ බොරදම් තීරු ගණනාවකි.

* මෙම බොරදම් තීරු ඇත්, මකර,හංස සහ වාමන රූප කැටයම් කර ඇත.

* සමහර වාහල්කඩවල ගඩොලින් ඉදිකල කොටසේ විමාන තුනකි,ඒ
තුල බුද්ධ ප්‍රතිමා සහ දේවප්‍රතිමා තැන්පත් කර තිබෙන්නට ඇති බවට අනුමාන කිරීමට පුළුවන.

* වාහල්කඩ දෙපස විසිතුරු කැටයමින් අලංකාර කරනලද ගල්ටැම් පිහිටුවා ඇත.

* මෙම ගල්ටැම් වල ඉහළට ගමන් කරන කල්පලතා, කල්පවෘක්ෂ මෙන්ම නිදහස් සත්ත්ව මෝස්තර කැටයම් දැකිය හැකිය.

* මෙමගින් සෞභාග්‍යය හා සශ්‍රීකත්වය නිරූපණය වන
බව ට මතයකි.

* එමෙන්ම මේ ගල්ටැම් මත ඇත්,අස්,ගව,සිංහ
රූප පිහිටුවා ඇත. මෙයින්
සිව් දිශාව සංකේතවත් වන බවට මතයකි.

* අනුරාධපුර යුගයේ විශිෂ්ටතම වාහල් කඩ මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ වාහවාහල්කඩ වන අතර රුවන්වැලි දාගැබේ වාහල්කඩ ද ඉතා අලංකාරය.

*පොළොන්නරුව රන්කොත් වෙහෙරේ වාහල්කඩ එම යුගයේ අලංකාරම වාහල්කඩ ලෙස සැලකේ.

Wednesday, June 16, 2021

6 ශ්‍රේණිය චිත්‍ර - සිංහල සැරසිලි නිර්මාණකරණයේ පදනම.

Ruveena Amarasinghe - CP/ Wath /Arangala K.V.
Ajith w.Perera -St,Sylvester's College.

සිංහල සැරසිලි නිර්මාණකරණයේ පදනම.

* චිත්‍ර කලාව ඉගෙනගන්න  ගුරුතුමා ළඟට එන කුඩා දරුවාට (ආධුනිකයාට) පළමුවරට සිංහල සැරසිලි මෝස්තර තමයි උගන්වන්නේ.

යටිපෝරුව.
* මේ චිත්‍ර අඳින්න භාවිතා කරන පුවරුවට අපි කියනවා "යටිපෝරුව " කියලා.

* ලෑලි තට්ටුවක "වඩි" කියන මිශ්‍රණය ගාලා තමා යටිපෝරුව හදලා තියෙන්නේ.

* ඉකිරි කියන මුහුදු ජීවියා ගේ කටුවක් උණ ලීකෝටුවක සවිකරගෙන ඒකෙන් තමයි.
යටිපොරුවේ චිත්‍ර අඳින්නේ.

* යටිපොරුවේ වකදෙක ළමුවෙන්ම  අඳිනවා. ඊටපස්සේ ලියපත හා තිරිඟිතලය යන සැරසිලි ඒකක අඳිනවා

වකදෙක :-
සුභ නකතකට අනුව  ගුරුතුමා විසින් ගෝලයාට අඳින්න දෙන  මුල්ම අභ්‍යාස ය තමයි වකදෙක.

ලියපත :-
වකදෙක තවටිකක් වර්ධනය කරලා තියෙන ලියපත තමා ඊළඟට අන්දන්නේ.

තිරිඟිතලය :-
වයස අවුරුදු හතෙන් විතර ගුරුතුමා ළඟට එන ගෝලයා විවිධ අභ්‍යාසකරලා හොඳින් ඉගෙනගෙන අවුරුදු දොළහා විතරවෙනකොට චිත්‍ර වලින් අති දක්ෂයෙක් වෙනවා. ඉතිං අන්තිමට ගෝලයාට කියලා දෙන්නේ වකදෙකේ අමාරුම නිර්මාණයක් වුණු තිරිඟිතලයයි. ගෝලයා මේක මතකින් අඳින්න ඕනේ.

Monday, June 14, 2021

9 ශ්‍රේණිය චිත්‍ර - එස්.පී.චාල්ස් ශිල්පියා ගේ නිර්මාණ අගයමු.

Ajith W.Perera - St,Sylvester's College.
Ruveena Amarasinghe -
CP/Wath/Arangala K.V.

එස්.පී.චාල්ස් ශිල්පියා ගේ නිර්මාණ අගයමු.

* 1916 මාතර වැලිගමදී උපන් මෙතුමා කොක්මාදූවේ නානායක්කාර ශිල්පියාගෙන්
චිත්‍රකලාව හැදෑරීය.

* 1944දී කොළඹ කාර්මික විද්‍යාලයෙන්, චිත්‍ර ශිල්පී ජේ.ඒ.ඩී.පෙරේරා මහතා යටතේ වැඩි දුරට චිත්‍රකලාව හැදෑරීය.

* පාරම්පරික බිතුසිතුවම් පිටපත් කිරීම හා ඒවායේ වර්ධනය සඳහා විශාල මෙහෙවරක් කලේය.

* ශ්‍රී ලංකාවේ ජාතික ධජය නිර්මාණ කමිටුවේ චිත්‍ර ශිල්පීයා මෙන්ම පාර්ලිමේන්තු සෙංකෝලයේ සැලසුම් නිර්මාණ ශිල්පියාද මෙතුමාය.

ජාතික ධජය.

* වර්තමානයේ භාවිතා කරන වර්ණ තීරුසහිත සිංහ කොඩිය නිර්මාණය කිරීම සඳහා පත්කල කමිටුවේ මෙතුමා සාමාජිකයෙක් විය. (එස්.ඩබ්:ආර්.ඩී.
බණ්ඩාරනායක මහතා - සභාපති/ සර් ජෝන් කොතලාවල මහතා/ ජේ.ආර්.ජයවර්ධන මහතා/
ලලිත රාජපක්ෂ මහතා/ ටී.බී.ජයා මහතා/ ජී.ජී.පොන්නම්බලම් මහතා/ පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා -කමිටු ලේකම් / චිත්‍ර ශිල්පී එස් .පී.චාල්ස් මහතා ).

*සිංහ කොඩියේ ර්ණ
හා සංකේත වල අර්ථ නිරූපණය :-

කඩුව අතින් ගත් සිංහයා - තේජස හා උත්තරීතරභාවය.
අසිපත - පරමාධිපත්‍යය.
බෝකොළ සතර - සතර බ්‍රාහ්ම විහරණ.
තද රතුපාට පසුබිම - සිංහල.
රඹ පාට තීරුව - ද්‍රවිඩ.
කොළ පාට තීරුව - මුස්ලිම්.

සෙංකෝලය :-

* බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව 1949දී මෙරට පාර්ලිමේන්තුවට හඳුන්වාදෙන ලදී.

* මෙම සෙංකෝලයේ     නිර්මාණ සැලසුම කර ඇත්තේද එස්.පී.චාල්ස් මහතා විසිනි.

* මෙහි නිර්මාණ දායකත්වය  බ්‍රිතාන්‍යය රාජකීය අභාරණ නිෂ්පාදන සමාගමකි.

* දේශීය අනන්‍යතාව රැකෙන පරිදි......
අඟල් 52 ක දිගින් යුතුව කැරට් 20 රන් පවුම් 45 ක්, රිදී රාත්තල් 3 1/2 පච්චවඩම් ,නිල් මැණික් හා නවරත්න මැණික්  මෙන්ම කළුවර දැව භාවිතාකර ඇත.

* මෙවැනි සෙංකෝලයක් සිංහල රාජසභාවේදී භාවිතා කල යෂ්ටිය,සෝළු ලීය,ලීලා දණ්ඩය  යන නම්වලින් හැඳන්වූ නිර්මාණයට සමාන වේ.

Friday, June 11, 2021

10 ශ්‍රේණිය චිත්‍ර - දෙගල්දොරුව රජමහ විහාරය.

Ajith W.Perera - St,Sylvester's College.
Ruveena Amarasinghe -
CP/Wath/Arangala K.V.

දෙගල්දොරුව රජමහ විහාරය.

* මහනුවර යුගයට අයත් සිතුවම් සහිත, ලෙන් විහාර වර්ගයට අයත්ය.

* කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව.1747 -1782) විසින් ගොඩනගන ලදී.

* මෙහි සිතුවම් ඇඳි ප්‍රධාන ශිල්පියා දෙවරගම්පල සිල්වත්තැන වන අතර කොස් වත්තේ සිත්තර නයිදේ සහ නීලගම පටබැන්දා සහය විය.

* ගර්භ ගෘහයට ඇතුළුවන දොර දෙපස බිත්තියේ වෙස්සන්තර ජාතකය හා සුතසෝම ජාතකය සුවිශේෂ නිර්මාණ වේ.

* වෙස්සන්තර ජාතකයේ එන "ඇලි ඇතු දන්දීමේ චිත්‍රය " 
ඇතා ගේ සජීවී චලනය හා රිද්මය මනාව දක්වා ඇත.

* සිතුවම් නිර්මාණයේ සුවිශේෂී ලක්ෂණ:-
- තීරු සංරචනය තුල අඛණ්ඩ කථන ක්‍රමය හා පාර්ශව දර්ශී රූප.
- ද්විමාන ලක්ෂණ සහිත පැතලි වර්ණ භාවිතය.
- වර්ණ සඳහා කහ,කොළ,අඳුරු රතු,කළු,සුදු වර්ණ භාවිතය.
- රූප වටා නිමාව දක්වන ප්‍රශස්ත මට්ටමින් යුතු සියුම් රේඛාකරණය.
- පසුබිම සඳහා අඳුරු රතු වර්ණ  යොදාගෙන තිබීම.
- පසුබිමෙහි අවකාශය පිරවීමට විවිධ මල් වර්ග භාවිතය.
- සමස්ත සංරචනය තුල පරිමානය හා පරියාවලෝක රීතීන් නොසැලකීම.

* වියන්තල සිතුවම වන "මාරපරාජය"සිතුවම ඉතාමත් සුවිශේෂවේ. මෙහි තුවක්කුවක් අතින් ගත් මාරයකු දක්වා තිබීමෙන් එම යුගයේ සමකාලීන අත්දැකීම්  හා ද්‍රව්‍ය නිරූපණයට ශිල්පියා උත්සහ දරා ඇත.

* සිතුවම් වලටඅමතරව පිහිටි ගලෙහි නෙලා ඇති සඳකඩපහණ මහනුවර යුගයේ සුවිශේෂී නිර්මාණයක් වන අතර එහි ප්‍රධාන මොස්තරය ලෙස තිරිඟිතලය
යොදා ඇත.

Saturday, June 5, 2021

8 ශ්‍රේණිය චිත්‍ර සාම්ප්‍රදායික සත්ත්ව රූප.

Ajith W.Perera - St,Sylvester's College.
Ruveena Amarasinghe
CP/Wath/Arangala K.V.

සාම්ප්‍රදායික සත්ත්ව රූප.

දේශීය සාම්ප්‍රදායික සැරසිලිවල එන සත්ත්ව රූප අධ්‍යයනය කරමු.

* සාම්ප්‍රදායික සත්ත්ව රූප අතර විවිධ රූප රාශියක් හමුවේ.

*හංසයා සහ හංස පූට්ටුව :- බිතු සිතුවම්, ලී,ගල්, ඇත්දත්,රන්,රිදී,
පිත්තල කැටයම් හා ආභරණ මෙන්ම පුස්කොළ පොත් කම්බ ( පිටකවරය) සහ වඩිම්බු උළු කැට.

සිව් හංස පූට්ටුව :- සාම්ප්‍රදායික බිතු සිතුවම්(මහනුවර දළදා මාළිගා⁣වේ පල්ලේ මාලයේ සිවිලිමෙි හා ලංකාතිලක විහාරයේ සිවිලිමේ ),දැව කැටයම්.

* සිංහයා:- බිතු සිතුවම්,ලී,ගල්, රන්,රිදී,පිත්තල කැටයම් හා වඩිම්බු උළුකැට.

* ඇතා,අශ්වයා, ගවයා,ගිරවා, මොනරා,නාගයා:- බිතු සිතුවම්,ලී,ගල් පිත්තල  කැටයම්.

* ඇත්කඳ ලිහිණියා, භේරුණ්ඩ පක්ෂියා
ගජසිංහ, සැරපෙන්දියා:- ලී,ගල් හා පිත්තල කැටයම්.

* යාලී:- ලී හා ගල් කැටයම්.

සත්ත්ව සැරසිලි වල විශේෂ
ලක්ෂණ :-

* සෑම සත්ත්ව රූප සැරසිලි ඒකකයක්ම, රූප එකක් හෝ කීපයක් යොදා ශෛලිගතව නිර්මාණය කර තිබීම.

* මාධ්‍යයට,කලාකෘතියේ ස්වාභාවයට සහ තලයට උචිත ලෙස සම්පිණ්ඩනය කර තිබීම.

සත්ත්ව රූප ,සැරසිලි සුලබව  දැකිය හැකි ස්ථාන:-

ලී කැටයම් - ඇම්බැක්ක දේවාලය,හින්දු කෝවිල්.

බිතුසිතුවම්  - මහනුවර ශ්‍රී දළදා මාළිගාව, හින්දු ⁣කෝවිල්

රන්,රිදී  සහ පිත්තල 
කැටයම්  -  මහනුවර හා කොළඹ  ජාතික කෞතුකාගාර.

පුස්කොළ පොත් කම්බ සිතුවම් - ශ්‍රී දළදා මාළිගාව ,මහනුවර හා කොළඹ ජාතික කෞතුකාගාර.

Friday, June 4, 2021

10 ශ්‍රේණිය චිත්‍ර - ශ්‍රී දළදා වරුණ

Ajith W.Perera - St,Sylvester's College.
Ruveena Amarasinghe -
CP/ Wath / Arangala K.V.

ශ්‍රී  දළදා  වරුණ.......

* ඓතිහාසික සෙංකඩගල  පුරයට මෙන්ම ශ්‍රී ලංකාවටද මුදුන් මල්කඩක් වූ ශ්‍රී දළදා මාළිගාව ක්‍රි: ව: 1687 රජ පැමිණි 11විමල ධර්ම සූරිය රජු විසින් ඉදිකරනු ලැබීය.

* මහනුවර යුගයටම ආවේණික ඉදිකිරීම් වන ලෙන් විහාර (ස්වාභාවික ගල් ලෙන් හා කැණීම් කර සකසාගත් ලෙන්),ටැම්පිට විහාර හා ඉදිකළ විහාර ගොඩනැගිලි වලින්,
තෙවැනි ක්‍රමයට මාළිගා සංකීර්ණය අයත්වේ.

* මාළිගා සංකීර්ණයේ ගොඩනැගිලි අතර.....
*දළදා මැදුර(වැඩහිටින මාළිගා⁣ව),
* මගුල් මඩුව,
*පත්තිරිප්පුව,
*උල්පැන් ගේ,
*දියතිලක මණ්ඩපය හා *මුලාදෑණි මන්දිරය  ආදී වාස්තුවිද්‍යාත්මක ගොඩනැගිලි  ප්‍රධාන වේ.

දළදා මැදුර - වැඩහිටින මාළිගා⁣ව ලෙස හඳුන්වන දළදාවහන්සේ තැන්පත් කර ඇති දෙමහල් මන්දිරය.

පත්තිරිප්පුව - දළදා මාළිගාවට මහත් අලංකාරයක්වූ අටපට්ටම් හැඩති ගොඩනැගිල්ල,මෙහි පහල කොටසේ පේශාවන් දැක්වෙන අතර ඉහළ අලංකාර කුළුණු ,කවුළු හා ගරාදි වැටවල් (ලාක්ෂා නිර්මාණ යෙන් අලංකාර කල) නිර්මාණය කර අැත.මෙයද දේවේන්ද්‍ර මූලාචාරී තුමන් ගේ නිර්මාණයකි.

මගුල් මඩුව - දැනට ඉතිරිව තිබෙන අලංකාර කැටයම් සහිත දැව කණුවලින් ඉදිකල මෙම ගොඩනැගිල්ල  එකල රජතුමා අමුත්තන්  හමුවූ ස්ථානය වේ.මෙය ශ්‍රී වික්‍රම රාජ සමයේ ජීවත් වූ දේවේන්ද්‍ර මූලාචාරී තුමන් ගේ නිර්මාණයකි.

උල්පැන් ගේ - මාළිගයට දකුණු පසින් (වර්තමානයේ ධර්මපාල තුමන් ගේ පිළිරුව අසල) වැවට සම්බන්ධ කර ඉදිකර ඇත.දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙහි පහත මාලය පොකුණක් ලෙස සකසා ඇත.එකළ අන්ත:පුර බිසෝ වරුන් දියනෑ පොකුණ මෙයයි.

දියතිලක මණ්ඩපය- වර්තමානයේ වැව මැද දැකිය හැකි දූපතේ එකළ ඉදිකරතිබූ රජතුමාගේ විවේක මණ්ඩපය.

මුලාදෑණි මන්දිරය - අලංකාර දැවකණු වලින් නිමවා ඇති ගොඩනැගිල්ල එකළ රජතුමන් හමුවට පැමිණෙන සුළු නිලධාරීන් තම අවස්ථාව එනතුරු රැදී සිටි ස්ථානය.

* මහනුවර යුගයේ විශිෂ්ටතම සඳකඩපහණ හමුවන්නේ දළදා මාළිගා⁣වෙනි.
ත්‍රිකෝණ හැඩති මෙහි මධ්‍යයේ මදක් උස්වූ පූර්ණ පද්මයක් හා එය දෙපස හා මුළු සඳකඩ පහණම ලියවැල් රටාවලින් සැරසිලි කර ඇත.

Wednesday, June 2, 2021

11 ශ්‍රේණිය චිත්‍ර - පොත්ගුල් විහාර ප්‍රතිමාව.

Ajith W.Perera -St,Sylvester's College.
Ruveena Amarasinghe -
CP/Wath/Arangala K.V.

පොත්ගුල් විහාර ප්‍රතිමාව.

*මෙම ප්‍රතිමාව  1 පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාව ලෙසද හඳුන්වයි.

* පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අසල පිහිටා ඇති පොත්ගුල් විහාර භූමියේ පිහිටි ගලක,අධි උන්නතව මෙම ප්‍රතිමාව නෙලා ඇත.

*පොළොන්නරු යුගයට අයත් ක්‍රි.ව. 11 -12 යුගයට අයත් බවට සැලකේ.

* මනාව වැඩුණු ශරීරයකින් යුතු, එක පාදයකට බරදී, අනෙක් පාදය සැහැල්ලුවෙන් තබාගෙන ත්‍රිභංග ඉරියව්වෙන් මනා ශරීර රිද්මයකට නෙලා තිබේ.

* තම දෑත් මත තබාගෙන සිටින වස්තුව දෙස කල්පනාකාරීව  බලාසිටින ඉරියව්වකින් දැක්වේ.

* ළය මත්තක් දක්වා වැඩුණු යටි  රැවුල හා දෙපැත්තෙන් පහතට නැමුණු උඩරැවුල, රූපයට ශාන්ත බවක් මෙන්ම ප්‍රතාපවත් මහේශාක්‍ය බවක්ද  එක්කරයි.

* දෝතිය වැනි ඇඳුමකින් යටිකය අලංකාර වේ.ඉණට තදවී ඇති බඳ පටිය නිසා උදරය ඉදිරියට නෙරා ඇති බවක් දැක්වේ.

* පොළොන්නරු යුගයේ ප්‍රබුද්ධ කලා ලක්ෂණ මෙම ප්‍රතිමාවෙන් ඉස්මතුව පෙනේ.

පොත්ගුල් විහාර ප්‍රතිමාව පිළිබඳව පවතින විවිධ මත.

* පළමුවැනි පැරකුම්බා රජු බව,
* මහාරාවණා රජුගේ මුත්තනුවන් වන පුලතිසි සෘෂිවරයා බව.(ප්‍රතිමාවේ දකුණු පසට වන්නට මුහුණට ඉහළින් පු ල ති සි යන අකුරු හතර කොටා ඇත).
* කපිල සෘෂිවරයා බව.
* පොළොන්නරු යුගයේ විසූ ගුරුළුගෝමී පඬිවරයා බව.

Tuesday, June 1, 2021

9 වැනි ශ්‍රේණිය චිත්‍ර -පුවත්පත් චිත්‍රකතා ශිල්පීන්ගේ නිර්මාණ අගයමු.

Ajith w.Perera - St,Sylvester's College.
Ruveena Amarasinghe -
CP/Wath /Arangala K.V.
පුවත්පත් චිත්‍රකතා ශිල්පීන්ගේ නිර්මාණ අගයමු.

* චිත්‍රකතා සම්ප්‍රදාය ලොවට බිහි වූයේ ප්‍රවෘත්ති පත්‍ර මගිනි.

* 19 වැනි සියවසේදී චිත්‍රකතා කතා ජනප්‍රිය වන්නේ ඇමරිකානු ප්‍රවෘත්ති පත්‍රවලය.

* ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් ඔස්සේ ඇරඹෙන චිත්‍ර කලාව මෙසේ සංවර්ධනය වීමේ ප්‍රතිඵලයකි චිත්‍රකතා.

* ලාංකීය චිත්‍රකතා වල මුල් සළකුණු පොලොන්නරු හා මහනුවර යුගයේ විහාර බිතු සිතුවම් වල දැකිය හැකිය.

* 20වැනි සියවසේ 50දශකයේදී එනම් 1951 ඔක්තෝම්බර් 28 වැනිදා ඉරිදා ලංකාදීප පත්‍රයේ
"නීලා "නමින් පළමු චිත්‍රකතාව
පලවිය.එහි නිර්මාණ ශිල්පියා වූයේ..... ජී.ඇස්.ප්‍රනාන්දු මහතාය.

*ශ්‍රී ලාකේය චිත්‍රකතා වේ ස්වර්ණමය යුගය ඇරඹෙන්නේ 70 දශකයෙනි. ඒ චිත්‍රකතා සඳහා ම වෙන්වුණු පුවත්පත් ඇරඹීමත් සමගය.

* 1972 වර්ෂයේ ලේක්හවුස් ප්‍රකාශණයක් ලෙස ලංකාවේ ප්‍රථම චිත්‍රකතා පත්‍රය වන "සතුට " පුවත්පත ආරම්භ විය.

* 1975 පමණ දෙවැනි චිත්‍රකතා පත්‍රය ලෙස සී/ස මල්ටිපැක්ස් සමාගමේ "සිත්තර" චිත්‍රකතා පත්‍රයද,ඉන්පසුව "සත්සිරි,චිත්‍රමිත්‍ර, ස්වර්ණ, රසික," ආදී පුවත්පත් බිහිවිය.

* මේ සමගින් වෘත්තීය චිත්‍රකතා ශිල්පීන් බිහිවිය.
ඒ අතරින්,
  බන්ධුල හරිශ්චන්ද්‍ර.
  දයා රාජපක්ෂ.
  ජනක රත්නායක.
  බලන්ගොඩ සරත්මධු.
  අනුර විජේවර්ධන.
ආදීන්  පුරෝගාමී චිත්‍ර ශිල්පීන් විය.

 
බන්ධුල හරිශ්චන්ද්‍ර. (1940 - )

* මූලික අධ්‍යාපනයෙන් පසුව රජයේ ලලිත කලායතනයේ චිත්‍ර කලාව පිළිබඳව සති අන්ත පාඨමාලාව හැදෑරීය.

* රෙදි,මැටිබඳුන් පින්තාරුව, මූර්ති ශිල්පිය හා තොරණ චිත්‍ර ආදිය මගින් ස්වාධීන ශෛලියක් ගොඩනගා ගති.

* ඉන්පසු 1962 දී " දිනමිණ " පුවත් පත සමග එක්වී ජාතක කතා ඇසුරින් චිත්‍රකතා අඳින්නට විය.

* ඔහු එසේ ඇඳි පළමු ජාතක කතාව වන්නේ "සුලසා ජාතකයයි".

* ශ්‍රී ලංකාවේ පළමු  වර්ණ චිත්‍රකතාව වන "නල දමයන්ති"
ඔහු ගේ නිර්මාණයකි.

* ලංකා ඉතිහාසයේ කතා,බයිබලය,මහාභාරතය, ග්‍රීක වීරකතා,අරාබි නිසොල්ලාසය හා ජපන් සෙන්කතා ඔහුගේ නිර්මාණ සඳහා වස්තු විෂය විය.
 
* ජීවරූප ඇඳීමට මනා කුශලතාවයක් ඇති ඔහු විවිධ පරිසර තත්ත්ව යටතේ මිනිසුන් ගේ දේහ ලක්ෂණ ඇඳුම් පැළැඳුම් ආභරණ නිවරදිව නිර්මාණය කිරීමට රුසියෙකි.

*  පොත් පිටකවර නිර්මාණය පිළිබඳව ද ඔහුට මනා හැකියාවක් ඇත.

දයා රාජපක්ෂ (1941 -)

* පාසලේ ලද චිත්‍ර කලා ආභාසයෙන් ස්වොත්සහයෙන්
චිත්‍ර දියුණු කරගත දයා 1966 දී
සිළුමිණ පුවත්පතෙහි පලවූ "ඉන්දු" නම් චිත්‍රකතාවෙන් සිය නිර්මාණ දිවිය ඇරඹීය.

* කුඩාකල ඔහුගේ පරමාදර්ශී චිත්‍ර ශිල්පියා වූයේ එම්.සාර්ලිස් මහා ශිල්පියාණන් ගේ පුතාවූ සුසිල් ප්‍රේමරත්නයන්ය.ඔහු ගේ නිර්මාණ කොපිකිරීම දයා නිරන්තරයෙන් කල අභ්‍යාසයක් විය.

* ඉන්දුගෙන් පසු දිනමිණ පුවත්පතට ඇඳි විද්‍යාත්මක ප්‍රබන්ධයක් වූ "ආදර කොමා"
චිත්‍රකතාවද පාඨකයන් අතර ජනප්‍රිය විය.

* ගිනිගත් කිරීටය, හුලවාලී, සාමපුරාණය, අනුපමා, රක්තා, වෙදහාමුදුරුවෝ, තවලම, වැනි චිත්‍රකතා රාශියක් ඉන්පසුව ඔහු නිර්මාණය කළේය.

* ඒ බොහෝ චිත්‍රකතා පසුකාලයේදී ටෙලිනාට්‍ය හා චිත්‍රපට ලෙස නිර්මාණය විය.

* ඒ ඒ පරිසරයන් ආශ්‍රිත ව සිද්ධි හා අවස්ථා නිර්මාණය මෙන්ම පුද්ගල චරිත නිර්මාණයට දයා රාජපක්ෂයන් උපන් හපනෙක් විය.

ජනක රත්නායක

* කොළඹ නාලන්දා වේ විද්‍යා ශිෂ්‍යයයෙකු ලෙස උසස්පෙල හැදෑරූ ඔහු ඉන්පසුව චිත්‍රකතා ශිල්පියෙකු ලෙස තම වෘත්තිය ඇරඹීය.

* ඔහු දවස පුවත්පත් ආයතනයේ චිත්‍රකතා ශිල්පියෙකු වන්නේ පාසල් ඇඳුමින්ම ගොසිනි.

*ඉන්පසු ලේක්හවුස් ප්‍රකාශනයක් වූ සතුට චිත්‍රකතා පත්‍රයේ ද මල්ටිපැක්ස් ප්‍රකාශනයක්වූ සිත්තර පත්‍රයේද ඉන්පසුව උපාලි පුවත්පත් ආයතනයේ චිත්‍රකතා ප්‍රධාන කතෘ ලෙසද ඔහු සේවය කරයි.

*ඔහුගේ විශේෂත්වයක් නම් තම නිර්මාණ සඳහා ස්වාභාවික දර්ශන තල උපයෝගී කරගැනීමයි.

*මහනුවර වැව රවුම, නිදහස් චතුරශ්‍රය. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ආපන ශාලා, දේශනශාලා ආදිය ඒ අතර වේ.

* නවීන රථවාහන,  යුධ උපකරණ හා ආයුධ තරුණ විලාසිතා ඔහු සිය නිර්මාණ සඳහා යොදා ගනී.

*ස්වාභාවික රූප,තලය භාවිතය මෙන්ම විස්තරාත්මක රේඛාකරණය හා දිය සායම් ශිල්ප ක්‍රමය ජනක රත්නායකයන් ගේ නිර්මාණ ජනප්‍රිය වීමට බලපෑවේය.

* සාරංගා, කබළෙන් ලිපට, අත්තික්කා මල් ඔහුගේ ජනප්‍රිය නිර්මාණ විය.
සුසීමා, පාටපාට හීනයක් වැනි චිත්‍රකතා පසුකාලීනව ටෙලි නාට්‍ය බවට පත්විය.