Ajith w.Perera /Ruveena Amarasinghe.
සත්ත්ව රූප ඇතුළත් සුවිශේෂී සාම්ප්‍රදායික සැරසිලි.
*සාම්ප්‍රදායික සැරසිලි මෝස්තර, අධ්‍යයනයෙහි පහසුව සඳහා ප්‍රධාන කොටස් හතරකට බෙදාගනී..
- දිව්‍ය
- සත්ත්ව
- උද්භිද
- නිර්ජීවී ( ජ්‍යාමිතික )
සත්ත්ව සැරසිලි කොටස්
තුනකි.
- ස්වාභාවික
- අර්ධ නිරූඪ(ස්වාභාවික/කල්පිත එකතුව )
- නිරූඪ (කල්පිත) ලෙසටය.
මෙයින් නිරූඪ සත්ත්ව සැරසිලි ගණනාවක් අතුරින්......
- වෘෂභ කුඤ්ඤරය
- කිහිඹි මුහුණ
- මකර රුව
- යාලි රුව........ ගැන සලකා බලමු.
*අපරටේ ඉපැරැණි බිතුසිතුවම් ,කැටයම් අතර මේ සුවිශේෂී නිර්මාණ දැකිය හැකිය.
*දකුණු ඉන්දියාවේ දේවාල ආශ්‍රිතව යාලී රුව අප රටේ මකර රුවට සමානය.
*මෙම නිර්මාණ මගින් පැරණි නිර්මාණ ශිල්පීයාගේ රූප සම්පිණ්ඩනය පිළිබඳ ඥානය ඉස්මතු වේ.
වෘෂභ කුඤ්ඤරය :-
*මුහුණට මුහුණ ලා සිටි ඇතකුගේ සහ ගොනකුගේ හිස් එකට සම්පිණ්ඩනය වන සේ මෙය නිමවා ඇත.
*ගොනාගේ අං දෙකම දළ දෙක ලෙස යොදාගෙන තිබේ. ඇතාගේ හොඬවැලෙන්ම ගොනාගේ මොල්ලිය මතුකර ඇත.
*සතුන් දෙදෙනාටම එක ඇසක් ලෙස දක්වා ඇත.
කුරුණෑගල රිදී විහාරය, ඇම්බැක්ක දේවාලයේ සහ මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ වෘෂභ කුඤ්ඤර චිත්‍ර ,කැටයම් දක්නට ලැබේ.
*දෝව රජ මහ විහාරයේ වෘෂභ කුඤ්ඤරයෙන් දක්වා ඇත්තේ බිහිසුණු ලෙස සටන් වැද සිටින ඇතෙකු හා ගොනකුය.
කිහිඹි මුහුණ (කිඹිහි මුහුණ ):-
*කීර්ති මුඛ ලෙසද මෙය හඳුන්වන අතර මකර තොරණ දෙපස ඇති මකර රූ දෙක මැදින් මකර තොරණ මධ්‍යයේ ඉහළින් ම කිහිඹි මුහුණ පිහිටුවා ඇත.
*කිඹිහි මුහුණේ කට විශාලය, රතු තොල් සහිතය, මුඛය දෙපසට කරකැවෙන දළ දෙක සමග අලංකාර ලියපත් නිර්මාණ දෙකකි,විශාල දෙනෙත පහතට නැඹුරුව දක්වා ඇත.
*මිනිසෙකු හට කිඹුහුමක් යන විට මුහුණේ දැකිය හැකි ස්වාභාවය මින් නිරූපණය වන බවටද මතයකි.
මකර රුව:-
*ඇත්සොඬ/සිහපා / යුගකන් ඌරා
දත්පෙළ කිඹුලුය/යුගනෙත් වඳුරා
වෙත් මසු ඇඟ/ගුරුළුගේ පිය පතරා
යුක්ත ය මේ හැමගෙන් රුව මකරා
*ඇතා බලය පාන්නේ උගේ සොඬයෙනි.
සිංහයා ඉදිරි පාද යුගලයෙනි. කිඹුලා දත්වලිනි, ගුරුළා සිය පියාපත්වලිනි.
ඌරා ගේ කන් හා වඳුරා ගේ ඇස් ඉතා තියුණු ය, මාළුවා ට සිය ශරීරහැඩය නිසා වේගයෙන් පිහිණීමට හැකිය. මෙයින් අදහස් වෙන්නේ මේ සුවිශේෂී බලයන් හතම මකරා සතුබවකි.
*මකර සංකල්පය ග්‍රීසිය,චීනය,ඉන්දියාව යන ආදිම ශිෂ්ටාචාරය වල පවා ප්‍රචලිත ව පැවතිබවට පුරා විද්‍යා සාක්ෂි ඇත.
*මකර කැටයම් බහුලව හමුවන්නේ
කොරවක්ගල් හා දොර උළුවහුවල ඇති මකර තොරණවලය.
යාලි රුව:-
*යාලි යනු පුරාණෝක්තිගත නිර්මාණාත්මක සත්ත්වයෙකි.
*බොහොම හින්දු කෝවිල්වල දැකිය හැකිය.
*මෙම රුව නිර්මාණය කිරීම සඳහා ඇතා,සිංහ,අශ්ව යන සතුන්ගේ කොටස් එක්කර අැත.
*කෝවිලේ ආරක්ෂාව සංකේතවත් වීම මෙන්ම කෝවිල ආශ්‍රිත කලානිර්මාණයක් වන මඤ්ජම් හි අලංකාර සඳහා යොදාගැනේ.
No comments:
Post a Comment