Ajith w. Perera /
Ruveena Amarasinghe-
Cp/wath/Arangala K.V.
දඹුලු ගලේ රූ වරුණා........ රන්ගිරි දඹුළු රජමහා විහාරය.
ක්‍රි.ව. 1 වැනි සියවසේදී රජ පැමිණි වලගම්බා රජු
( වට්ටගාමිණී අභය) විසින් කරවන ලදී.
ලෙන් 5න් සමන්විත ය.
*දේවරාජ ලෙන
*මහා රාජ ලෙන
*මහා අළුත් විහාරය
*පශ්චිම විහාරය
*දෙවන අළුත් විහාරය
*මහා රාජ ලෙනෙහි බුද්ධ ප්‍රතිමා, බෝධිසත්ව හා රජවරුන් ගේ ප්‍රතිමා දැකිය හැකිය.
*මෙම සිතුවම් මහනුවර යුගයට අයත්වන අතර, කීර්ති ශ්‍රී රජසිංහ රජු ගේ අනුග්‍රහයෙන් කරවූ ඒවාය
(සුළු වශයෙන් අනුරාධපුර සිතුවම් කොටස් දැකිය හැක.)
*මෙහි සිතුවම් නිර්මාණය නීලගම සිත්තර පරපුරේ සිත්තරුන් විසිනි.
මහනුවර යුගයට අයත් සිතුවම් පහත ලෙස වර්ග කළ හැකිය.
- බෝධිසත්ව චරිතය.
සූවිසි විවවරණය.
- බුද්ධ චරිතයේ අවස්ථා.
මාර පරාජය .
ජේතවනාරාමය රන්කාසි
අතුරා පූජාකිරීම.
- ඓතිහාසික සිදුවීම්.
විජයාවතරණය
මහින්දාගමනය
ශ්‍රී මහා බෝධීන් වහන්සේ
වැඩම කරවීම.
එළාර දුටුගැමුණු යුද්ධය.
දඹුලු සිතුවම්වල සුවිශේෂී ලක්ෂණ:-
*පාර්ශව දර්ශී රූප
*තීරු සංරචනය හා අඛණ්ඩ කථන ක්‍රමය
*ද්විමාන ලක්ෂණ සහිත පැතලි වර්ණ භාවිතය.
*ප්‍රස්කෝ සිකෝ(වියළි බදාමය මත සිතුවම් කරණය).
*රූප වටා ප්‍රශස්ත රේඛාකරණය හා පසුබිම අවකාශය පිරවීමට
නෙළුම්,පිච්ච,සපුු,වැටකේ මල් යොදා ගැනීම.
*පරිමාණය හා පරියාවලෝකය නොසැලකීම.
No comments:
Post a Comment