Monday, May 18, 2020

11 වැනි ශ්‍රෙණිය - චිත්‍ර - හෙන්රි මුවර් (1898 - 1986)

Ajith w. Perera /Ruveena Amarasinghe.

හෙන්රි මුවර් ගේ මූර්ති..........

*1898 එංගලන්තයේ යෝක්ෂයර් හී කාසල් ෆෝඩ් නුවර උපත ලැබීය.

*පුනරුද යුගයෙන් පසු නව ආරක මූර්ති කලාවක් ලොවට හඳුන්වා දුන්  පුරෝගාමියා මොහුය.

*එතෙක් පැවති දෘශ්‍ය තාත්වික (ස්වාභාවිකවාදී) භාවය වෙනුවට වියුක්ත හැඩ මූර්ති කලාවට ගෙනා අතර
මානව රූපයේහැඩ ඉතා සරල කර දැක්වීම විශේෂ ලක්ෂණයයි.

*එම මූර්ති බොහොමයක්ම ප්‍රමාණයෙන් විශාල වූ අතර බොහොමයක් උද්‍යාන මූර්තිලෙස නිර්මාණය විය. එම මූර්ති අතර......

*රජපවුල
*වැතිර සිටින කාන්තාව.

*ප්‍රමාණයෙන් විශාල බව නිසා මූර්තිය කොටස් වශයෙන් නිර්මාණය කර ඇත.

*අමුද්‍රව්‍ය, මූර්ති මූලධර්ම හා ශිල්පක්‍රම ද වෙනස් කළ ශිල්පීයෙකි.

රජපවුල (King and Queen ).

*මානව හැඩ ස්වාභාවිකත්වය හා පරිමාණයන් ද වෙනස් ව නිරූපණය කර තිබේ.

*විශාල ශරීර සමග කුඩා හිසක් ඔහුගේ විශේෂත්වය විය.

*මෙය උද්‍යාන මූර්තියකි.

වැතිරසිටින රූපය (Reclining  figure).

*වැතිර සිටින කාන්තාවක ගේ හැඩයට නිර්මිත මෙය සඳහා වියුක්ත හැඩතල භාවිතාකර ඇත.

*දිගටි හෝ විවර සහිත හැඩ රිද්මයානුකූල ව  හා සමබර ව අවකාශය සමග භාවිතා කර ඇත.

*ඉදිරියට හා ඇතුළට නෙරාගිය විස්තරාත්මක බවෙන් අඩු සරල හැඩ මෙහි දැකිය හැකිය.

No comments:

Post a Comment