Ajith w. Perera /Ruveena Amarasinghe.
ජෝර්ජ් කීට් ශිල්පීයා...........
*43 කණ්ඩායමේ සාමාජිකයකු වන මෙතුමා 1901 අප්‍රෙල් 17 මහනුවර අම්පිටියේ දී උපත ලැබීය.
*ඔහුගේ නිර්මාණ සඳහා හින්දු/යුරෝපා /ඝනිකවාදී ආභාසය එක් කරගත් තමන්ටම ආවේණික ශෛලියක් ගොඩනගා ගත්තෙකි.
*1939 - 40 කාලයේදී කොළඹ බොරැල්ල ගෝතමී විහාරයේ සිතුවම් ඇඳීම සිදුවිය.
*මෙ ම සිතුවම් සෙ.මී.192 ක් පමණ උස් බිත්තියක ජීව ප්‍රමාණයෙන් ඇඳ ඇත.
*සිතුවම් නිමකිරිමේ දී රේඛාවට මුල් තැනත් දුන් අතර කෙටි රේඛා,වක්‍රරේඛා,
සෘජුරේඛා හදුනා ගත හැකිය.
*රතු ,සුදු, දුඹුරු,කහ,නිල්,කොළ වර්ණ භාවිත කරමින් සියුම් ලෙස ත්‍රිමාන ලක්ෂණ මතුකර ඇත.
මාරපරාජය.......
*ගෝතමී විහාරයේ ඇති චිත්‍රාවලියේ සුවිශේෂී චිත්‍රය මාර පරාජය ලෙස සැලකේ.
*හින්දු හා ඝනිකවාදී කලා ආභාශය මේ සඳහා භාවිතාකර ඇත.
* බුදුරජාණන් වහන්සේ සඳහා කහ,අඳුරු කහ, දුඹුරු වනි වර්ණත්, මාර පිරිස සඳහා අඳුරු වර්ණ වන අළු,කළු සහ අඳුරු දුඹුරු භාවිතාකර ඇත.
*රූප වටා පරිපූරණත්වය හා නිමාව පෙන්වන නිර්මාණශීලී රේඛාකරණය ඔහුටම ආවේණික වූවකි.
නායිකා චිත්‍ර.........
*තෙල්සායම් මාධ්‍යයෙන් කැන්වසය මත නායිකා චිත්‍ර ගණනාවක් ඇද ඇත
*පුළුල් ඇස් හා දෙතොල් මගින් අනුරාගී බවින් යුත්තය.
*රේඛාකරණය මැනවින් යොදාගෙන නිර්මාණයේ ප්‍රකාශන ශක්තිය තීව්‍ර කර ඇත.
*හින්දු තන්ත්‍රයාන ලක්ෂණ මෙන්ම ඝනිකවාදී ලක්ෂණ ද දැකිය හැකිය .
*වර්ණ ගැන්වීමේදී අඳුරු හා පැහැදිලි දීප්තිමත් වරණ මගින් සිතුවම් කර ඇත
No comments:
Post a Comment