Wednesday, May 13, 2020

11 ශ්‍රේණිය - චිත්‍ර- ඉසුරුමුණි කැටයම්........

Ajith w. Perera /Ruveena Amarasinghe.

ඉසුරුමුණි කැටයම්

පෙම් යුවල කැටයම,
රජපවුල කැටයම,
මිනිසා සහ අශ්ව හිස,
ජල ක්‍රීඩා කරන ඇතුන්.

පෙම්යුවල කැටයම.
මාධ්‍ය :- කළුගල්
ශිල්ප ක්‍රමය :- අර්ධඋන්නත
ශෛලිය :- ගුප්ත
කලාත්මක ලක්ෂණ :-
අලංකාර වස්ත්‍රාභරණ යන්දක්වා තිබීම
සජීවී පිරිපුන් ශරීර දැක්වීම
ප්‍රේමය පිළිබඳව භාවාත්මක හැඟීම් ප්‍රකාශය .
සියුම් හා මටසිළුටු බව
රිද්මයානුකූලව ඉරියව් මතු කිරීම.

විද්වත් මත.
සාලිය අශෝකමාලා නිරූපණය.
සෙනරත් පරණවිතාන මහතා.

රාවණා පියා හා මව විශ්‍ර්වස් මුණි හා කෛකසී බිසව.
ශිව හා පාර්වති
සෙබලෙකු /හමුදා නිලධාරියෙකු හා පෙම්වතිය.

රජපවුල කැටයම .
මාධ්‍ය :- කළුගල්
ශිල්ප ක්‍රමය :- අර්ධඋන්නත
ශෛලිය :- ගුප්ත
විද්වත් මත:- දුටුගැමුණු රජපවුල
( සාලිය කුමාරුන් අශෝකමලාවන් දෙමාපියනට හඳුන්වා දීම)සෙනරත් පරණවිතාන මහතා.

මිනිසා සහ අශ්ව හිස.

ඉසුරුමුණි විහාරයේ පොකුණ සම්බන්ධ පර්වත බිත්තියේ නෙලා ඇත.
මාධ්‍ය :- කළුගල්
ශිල්ප ක්‍රමය  :- අර්ධඋන්නත
ශෛලිය :- පල්ලව
මත:- මිනිසා ගෙන් පර්ජන්‍යත්(වැස්ස වලාහක) අශ්ව හිසෙන් අග්නි (විදුලිය /ගින්දර )සෙනරත් පරණවිතාන මහතා.

යුධසෙබලෙක්/සෙනවියෙක්,
කපිල සෘෂිවරයා.

මෙම කැටයමින් මිනිසා වාඩිවී සිටින අකාරය මහා රාජලීලාසනය ක්‍රමය ලෙස හඳුන්වයි.

දියකෙළින ඇතුන් ගේ කැටයම්

පොකුණ ට ඉහළින් නෙළා ඇත.
මාධ්‍ය :- කළුගල්
ශිල්ප ක්‍රමය :- අර්ධඋන්නත
ශෛලිය :- පල්ලව
කලා ලක්ෂණ:- පාර්ශව දර්ශී හා සෘජු දර්ශී ලෙස ඇත් රූප නෙළා ඇත .
ඉන්දියාවේ මහබලිපුරම්හී ආකාශ ගංගාරෝහණ කැටයමේ ඇත්රූ වලට සමාන බවට විචාරකයන්ගේ මතයයි.

තිවංක පිළිමගෙයි සිතුවම් .

ක්‍රි.ව.12 වැනි සියවස ,පොළොන්නරු යුගයේදී 1වැනි පරාක්‍රමබාහු රජු විසින්  ඉදිකරවන ලදී.
හින්දු වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ ආභාසයෙන් ඉදිවූවකි.
මෙහි යුග දෙකකට අයත් සිතුවම් ශෛලීන් දැකිය හැක.

ප්‍රවේශ මණ්ඩපය,අන්තරාලය සහ ප්‍රථිමාගෘහය. යනුවෙන් ගොඩනැගිල්ලේ ප්‍රධාන කොටස් තුනකි.

ප්‍රවේශ මණ්ඩපයේ දක්නටඇති සිතුවම් මහනුවර ශෛලිය අනුව ඇඳ ඇති ජාතක කතාය.
එනම් තේමිය,සස,අසංකාවතී,හා චුල්ලපදුම ජාතකය වේ.
අන්තරාලයේ දේවාරධනාව හා ගර්භ ගෘහයේ ඇති  බුදුරජාණන් වහන්සේ  සංකස්ස පුරයට වැඩම කිරීම ආදී සිතුවම්  අනුරාධපුර යුගයට අයත්වේ.

මහනුවර යුගයේ් සිතුවම් ශෛලියේ
තීරු චිත්‍ර සංරචනය,අඛණ්ඩ කථන මාධ්‍ය
පාර්ශව දර්ශී, පසුබිම සඳහා රතුවර්ණ භාවිතය .ආදී කලා ලක්ෂණ මෙම ජාතකකතා සිතුවම් වල දැකිය හැකිය.

මෙම සියළු සිතුවම් ටෙම්පරා/වියලි බදාමය මත සිතුවම් කරණය, ශිල්පක්‍රමයට නිර්මාණය කර ඇත.

දේවාරධනාව සිතුවම.

අන්තරාලයේ බ්ත්තියක ඇඳ ඇත.
තව්තිසාවේ විසූ බෝසතුනට මනුලොව උපදින ලෙසට දෙවියන් කරන ආරාධනය මෙහි තේමාවයි.

අලංකාර වස්ත්‍රාභරණ සහිතව බිත්තිය පුරා දේවරූප රාශියක් දැකිය හැක.

පද්මපානී බෝසත් රුවට සමානව, නමස්කාර හා මල් ඉසින ආකාරයෙන් නිරූපිතය.
දේව රූප රන්වන්පාටින් මෙන්ම නිලට හුරු කොළ පැහැයෙන් දක්වා ඇත.
රතු,දුඹුරු ,කහ වර්ණ  බහුලව භාවිතාකර ඇත.
චිත්‍රමය අවකාශය මත සංකීර්ණ ලෙස රූප සම්පිණ්ඩනය මෙහි සුවිශේෂී තාවයකි.

බුදුරජාණන් වහන්සේ රන් ඉණිමගින් තව්තිසාවේ සිට සංකස්ස පුරයට වැඩම කිරීම.

මෙම සිතුවම ගර්භගෘහයේ දක්නට ඇත.
විශාල තලයක ඇඳඇති මෙහි බුදුරජාණන් වහන්සේ ගේ රුව විශාලව දක්වා  ඇත.

http://radicallanka.blogspot.com/2020/05/11.html?m=1

No comments:

Post a Comment