Wednesday, May 13, 2020

11 වැනි ශ්‍රේණිය - චිත්‍ර - ගල්විහාරයේ බුදු පිළිම........

Ajith w. Perera /Ruveena Amarasinghe.

පොළොන්නරු බුදු පිළිමය.

ගල්විහාරයේ බුදු පිළිම........

*උත්තරාරාමය ලෙසද හඳුන්වන ගල්විහාරය 12 වැනි සියවසේ දී 1 වැනි පරාක්‍රමබාහු රජු ගේ අනුග්‍රහයෙන් ඉදිවූවකි.
*අධි උන්නත ශිල්ප ක්‍රමයට නෙලා ඇත.
ථේරවාද ලක්ෂණයන්ට වඩා මහායාන බෞද්ධ සංකල්ප වඩාත් ඉස්මතු වේ.

විශේෂ ලක්ෂණ.

*මහා කරුණා ගුණයට වඩා දශබල ගුණය, වීරත්වය පෙන්වීම.
*ඒකාංශ කළ සිවුර සමාන්තරව ද්විත්ව  රේඛාවෙන් දැක්වීම සහ ඇගට ඇළුණු ආකාරයෙන් දක්වා තිබීම.
*අඩවන් නෙත් , ලඹසවන්, අක්බඹරු කෙස් සමග උෂ්ණීෂ ලක්ෂණ දක්වා තිබීම.
මෙහි පිළිම සතරකි.

1- සමාධි බුද්ධ ප්‍රතිමාව (විශාල හිඳි බුදු පිළිමය )
යුගය :- පොළොන්නරු .
අනුග්‍රහය :- 1වැනි පරාක්‍රමබාහු රජු.
සම්ප්‍රදාය :- මහායාන .
මාධ්‍ය :- කළුගල් .
ශිල්ක්‍රමය:- අධිඋන්නත.
මුද්‍රාව:- සමාධි
ආසනය:- වජ්‍රාසනය
ආසනක්‍රමය:- වීරාසනය.
ලක්ෂණ :-
*බුදු පිළිමය පිටුපසින් නෙළුම් මල් හා විමාන ලක්ෂණ සහිත තොරණකි.
*මෙහි තිරස්හා සිරස් කුලුනු හාඑහි විමාන වල කුඩා සමාධි පිළිම,තිරස් කුලුනු කෙලවර මකර මුඛ හා සිංහරූප ඇත.

2- විද්‍යාධර ගුහාවේ බුදු පිළිමය .(හිදී පිළිමය )

මුද්‍රාව :-සමාධි
කලා ලක්ෂණ :-
*අභ්‍යන්තරයට කපා සකස් කළ ලංකාවේ පළමු විශාල ගුහාව මෙයයි.

*පිටුපස තොරණ දෙපස චාමර සලන විද්‍යාධරයින් දෙදෙනෙකි.

*ඉහළින් විෂ්ණු, බ්‍රහ්ම,රූප දක්වා ඇත

*ගල් සිවිලිම හා ගුහාවේ බිත්ති පුරා දේවතා රූප චිත්‍රණය කරතිබුණු බවට සක්ෂි ලෙස කුඩා සිතුවම් පදාස කොටස් ඉතිරිව ඇත.

3 - හිටි පිිළිමය.
මුද්‍රාව :- පරදුක්ඛ දුක්ඛිත
ආසනය :-පද්ම පීඨිකාවක් මත නිර්මාණය කර ඇත.

කලාලක්ෂණ:-
*ත්‍රිභංග ලක්ෂණ සහිතව නෙලා ඇත.

*සම්බුදු පරිනිර්වාණය නිසා වැළපෙන ආනන්ද තෙරණුවන් ගේ ප්‍රතිමාව ලෙස මතයකි.
* පද්මයක් මත වැඩ සිටීම, අක්බඹරු කෙස් හා උෂ්ණීෂය දක්වා තිබීම හේතුවෙන් බුදු පිළිමයක් ලෙසද මතයකි.

4- සැතපෙන පිළිමය.

ඉරියව්ව:- සැතපෙන ඉරියව්ව.

ලක්ෂණ :-
*සමහර සිරිපතුල් පිහිටන ආකාරය අනුව පිරිනිවන් මංචකය ලෙස හැදින්වුවද තව සමහරක් දෙනා සැතපෙන අවස්ථාවක් ලෙස හඳුන්වයි.
*හිස තබා සිටින කොට්ටය ඇතුලට එබී ඇති ආකාරයෙන් දක්වා තිබීම ශිල්පීයා සතු සියුම් හැකියාව මනාව පිළිබිඹු කිරීමකි.

No comments:

Post a Comment