Ajith w. Perera /Ruveena Amarasinghe.
තිස්ස රණසිංහ (1952).......
විසිවැනි සියවසේ ශ්‍රී ලංකාවේ නූතන මූර්ති කලාවේ නව ශෛලියක් බිහිකිරීමට පුරෝගාමි විශිෂ්ට නිර්මාණ ශිල්පියාය.
ජේ.ඩී.ඒ. පෙරේරා යටතේ චිත්‍ර කලාව හදාරා එංගලන්තයට ගොස් චෙල්සි කලා පාසලේ (Chelsea School of Art) හා රාජකීය කලා පාසලේ (Royal College of Art) මූර්ති ශිල්පය හැදෑරීය.
ශ්‍රී ලංකාවේ මූර්ති ශිල්පියකු ලැබූ උසස්ම ජාත්‍යන්තර සම්මානය වන 1963 දී බ්‍රසීලයේ පැවති සාවෝපාව්ලෝ ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ "විපාක" හෙවත් "පව් සමාව"ලෝහ මූර්තියට හිමි විය.
ඔහු ගේ නිර්මාණ අතර....
පරණවිතාන පිළිමය
දුෂ්කරක්‍රියාව,පව්සමාව,ගනේෂ,
කොළඹ රාජකීය විද්‍යාලයයේ නවරඟහලේ ඇති බිතුකැටයම.
විචාරකයන්ගේ ප්‍රසාදයට ලක්වූ
නිර්මාණයෝය.
දුෂ්කරක්‍රියාව.......
සිදුහත් බෝසතුන්ගේ දුෂ්කරක්‍රියාව පිළිඹිබු කරයි.
අභ්‍යන්තර හැඟීම් නිරූපිත යතාර්ථවාදී ශෛලියකි.
වියුකතවාදී කලා ආභාසයෙන් යුක්තය.අර්ධ වියුක්තවාදී හැඩ හා අර්ධ නිරූපණාත්මක හැඩ අතර සංකලනයකි.
ලෝකඩ මාධ්‍යයයෙන් නිර්මාණය කර ඇත.
රාජකීය විදුහල් නව රඟහල් බිතු කැටයම.............
ටෙරාකොටා මාධ්‍යයෙන් නිර්මාණය කර ඇත.
නාට්‍ය කලා ඉතිහාසය තේමාව වේ.
ඝනිකවාදී කලා ආභාසයෙන් මෙය නිර්මාණය කර ඇත.
ඝනිකවාදී වියුක්ත හැඩ වලට අමතරව ශෛලිගත හැඩද දක්නට ලැබේ.
වර්ණ කර ඇත්තේ ටෙරාකොටා
මාධ්‍යටම අදාළ රතු.කහ,දුඹුරු වර්ණ සංකලනයකිනි.
----------------------------------------------------------
සුමන දිසානායක.........
මරදානේ කාර්මික විදුහලින් හා එංගලන්තයේ,නෙදර්ලන්තයේ චිත්‍ර කලාව හදාරා ඇත.
තෙල්සායම් හා සන්නිදර්ශන චිත්‍ර ලෙස ඔහුගේ නිර්මාණ කොටස් දෙකකි.
සරල හා නූතන හැඩවල බතික් නිර්මාණයන් ගේ පුරෝගාමියා ඔහු ලෙස සැලකේ.
ඔහුගේ සන්නිදර්ශන නිර්මාන අතර පොත් පිටකවර,පාසල් පෙළ පොත්, ළමා කතන්දර පොත් සඟරා ආදියේ චිත්‍ර දැක්වීමට පුළුවන.
සරල හා වියුක්ත හැඩතල මෙන්ම වර්ණ සංයුතිය ද නිර්මාණශීලී බවින් යුක්තය.
මුල්කාලීන නිර්මාණ වල ස්වාභාවික රූප ද, පසුකාලීනව අධිතාත්වික හැඟීම් ලබදෙන හැඩතලද දැකිය හැක.
----------------------------------------------------------
වෛතීසවරම් සිවසුබ්‍රමනියම් ( රමණී ) 1942.
යාපන අර්ධ ද්වීපයේ අලවෙට්ටි ප්‍රදේශයේ උපත ලබා. විඩුමුරෙයි කාලඔවියක් කලහම් හීදී මූලික අධ්‍යාපනයද පසුව රජයේ ලලිත කලායතනයෙන්ද චිත්‍ර කලා අධ්‍යාපනය හැදෑරීය.
ඔහුගේ මුල්ම ප්‍රකාශිත සන්නිදර්ශන චිත්‍රය වන්නේ රාධා පුවත්පතේ පලකළ සිතුවමකි.
තමාටම ආවේණික ශෛලියකින් සිතුවම් කරණයේ යෙදෙන මොහු දේව රූප සම්බන්ධ මූර්ති ශිල්පියෙකි.
අධ්‍යාපන ප්‍රකාශයන දෙපාර්තමේන්තුව සම්බන්ධ දෙමළ මාධ්‍ය පොත් පිටකවර ඔහුගේ සුවිශේෂ නිර්මාණ වේ.
No comments:
Post a Comment