Saturday, May 16, 2020

11 වැනි ශ්‍රෙණිය - චිත්‍ර - සීගිරිය.....

Ajith w. Perera /Ruveena Amarasinghe.

සීගිරිය.........

*මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉනාමළු කෝරලයේ පිහිටා ඇත.

* ක්‍රි.ව 5 සියවස දී කාශ්‍යප රජුගේ අනුග්‍රහයෙන් ඉදිවූවක් බව මහාවංශය කියයි.

*චිත්‍ර වලට අමතරව මෙහි ඇති වාස්තුවිද්‍යාත්මක අංග අතර සිංහ පාදය, කැටපත් පවුර,පර්වත මුදුනේ රජමාළිගා නටඹුන් මෙන්ම, ශිලාඋද්‍යානයේ ආරුක්කු,පියගැටපෙළ,දිය අගල්,පොකුණු හේතුවෙන් ලෝක උරුමයක් බවට පත්ව ඇත.

සීගිරි චිත්‍ර............

*පර්වතයේ බටහිරට වන්නට කෙවෙනිවල ( බෙයද) ඇති ස්ත්‍රී රූප මින් අදහස් කරේ.

*සීගිරි චිත්‍ර පන්සීයක් පමණ තිබූ බව කැටපත් පවුරේ ඇති කුරුටු ගීවල සඳහන් වුවත් දැනට ඉතිරිව ඇත්තේ රූප විසිදෙකක් පමණි.එයිනුදු හොඳම තත්වයේ ඇත්තේ කිහිපයකි.

*මෙම චිත්‍ර ඇඳීමට පෙර ස්වාභාවික ගල් බිත්තිය මත පිදුරු,දහයියා,මැටි,කොහුකෙඳි,ශාකයුෂ,හුඹස් මැටි,කිරිමැටි,හුණු ආදිය යොදා සාදාගත් බදාමයක් ආලේප කර ඒමත මකුළු මැටි පිරියම් කර, බදාමය වියළීමට පෙර රේඛා සටහන් ඇඳ වර්ණ පූර්ණය කළ බව පිළිගත් විද්වත් මතයයි.

*මෙම ශිල්පක්‍රමය ෆ්‍රෙස්කෝ බුවනෝ හෙවත් තෙතමාත්තු ක්‍රමය( තෙත බදාමය මත සිතුවම්කරණය.) ලෙස හඳුන්වයි.
-----------------------------

ෆ්‍රෙස්කෝ සිකෝ:- වියළි හුණු බදාමය මත ඛණිජ වලින් තනාගත් වර්ණවලින් ඇඳීම.

ටෙම්පරා :- වියළි බදාමය මත මැලියම් ( බන්ධන මාධ්‍යයක්) සමග මිශ්‍රකර ගත් වර්ණවලින්  සිතුවම්කරණය.
-----------------------

සීගිරි චිත්‍ර වල කලා ලක්ෂණ.

*කාන්තා  උඩුකය රූප පමණක් නිරූපණය කිරීම හා ඒවා යුගල කේවල රූප ලෙස දක්වා තිබීම.

*සෑම කාන්තා රූපයකම පහළ කොටස වලාකුළු රේඛාවකින් ආවරණය කර තිබීම.

*සම්පූර්ණයෙන්ම හෝ මදක් හැරී සිටින  ආකාරයට දැක්වීම සහ මලක්,මල්පොකුරක් හෝ මල් වට්ටියක්දරා සිටින අයුරින් නිරූපණය.

*වර්ණ ගැන්වීමේදී කහ,ගුරු,රතු,කොළ,නිල් සහ ආදි වර්ණ  යොදා ගෙන ඇත.

*හිස්පළඳනා සදහා නෙළුම් ,අරලිය, මානෙල් මල් උපයෝගි කරගෙන ඇත .

*සිරුරවර්ණකිරීමේදී.........                 රන්වන් රූ- කහ,රතු වර්ණ ද,
අඳුරු රූප සඳහා නිලට හුරු අඳුරු කොළ යොදාගෙන ඇත.

*රූප වටා රිද්මයානුකූලව ප්‍රාණපූර්ණ රේඛාකරණය සහ ත්‍රිමානත්වය හා ඝනත්වය දක්වන රේඛාකරණය සුවිශේෂී වේ.

විද්වත් මත.........

මහාචාර්ය සෙනරත් පරණවිතාන.

*සීගිරිය කුවේරයාගේ ආලකමන්දාව බවත්,මෙම රූප වලින් ඔහුගේ දියණියන් දැක්වෙන බවත්,
රන්වන් රූ වලින් විදුලිය ( විජ්ජුලතා)  හා අඳුරු රූ වලින් වළාකුළු (මේඝලතා )
නිරූපණය වන බව.

එච්.සී.පී.බෙල්

*කාෂ්‍යප රජු ගේ අන්ත:පුර බිසෝවරුන් හා සේවිකාවන්  පිදුරංගල විහාරය  වන්දනාවට යෑමට සූදානම් බව.

ආනන්ද කුමරස්වාමි

*දිව්‍ය අප්සරාවන් බව.ඔවුන් වලාකුළු අතර සිටින බව.

No comments:

Post a Comment