Ajith W.Perera /Ruveena Amarasinghe.
06 වැනි ශ්‍රේණිය චිත්‍ර ප්‍රශ්ණ හා*පිළිතුරු ____________________________________
01- වෙසක් උත්සවයේදී ප්‍රමුඛතාව ලැබෙන පූජාවන් දෙක කුමක්ද ?
* ආමිස පූජාව.
ප්‍රතිපත්ති පූජාව.
02- වෙසක් සැරසිලි නම්කරන්න.
* තොරණ,වෙසක් කූඩු,පහන්වැට.........
03- ප්‍රතිපත්ති පූජාවක් නම්......
* සීලසමාදානය.
භාවනා කිරීම.
04- වෙසක් සැරසිලි සඳහා භාවිත කරන ස්වභාවික ද්‍රව්‍යය නම් කරන්න.
* ගොක් කොළ,ඉරටු, උණබට, පොල්කටු............
වෙල්කදුරු /නාවා ගස්වල ගෙඩි (පොල්තෙල් පහන් දැල්වීම සඳහා මැටිපහන් වලට විකල්ප ලෙස).
05- හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික උත්සවය කුමක්ද ?
* තෛපොංගල් උත්සවය.
06- "තෛපොංගල්"යන්නෙහි තේරුම දක්වන්න.
* තෛයි:- ජනවාරී මාසය.
පොංගල් :- අළුත් මැටි මුට්ටියක අළුත් සහලින් කිරි ඉතිරවීම.(එයින්ම හකුරු,කජු ආදිය මිශ්‍ර කිරිබතක් සාදාගනු ලැබේ. මෙය පොංගල් බත් ලෙසද හඳුන්වයි.
07- තෛපොංගල් සැරසිලි නම්කරන්න.
* නිවසේ ප්‍රධාන දොරටුව දෙපස කෙසෙල් ගස් සිටුවා තොරණ ඉදිකිරීම.
පිරිසිදු කරගත් ගෙබිම මත කහ කුඩු,සහල්පිටි,වර්ණ ගැන්වූ සහල් වලින් කෝලම් රටා නිර්මාණය කිරීම.
08- මෙම උත්සවය පවත්වන්නේ කුමන දෙවියන් උදෙසාද ?
* හිරු දෙවියන් හට කෘතගුණ දැක්වීමට.
09- ඊදුල් ෆිත්ර් යනු කුමක්ද ?
* රාමසාන් උත්සවය මේනමින් හැඳින්වේ.
10- `සව්ම්´ යන්නෙහි තේරුම කුමක්ද?
* රාමසාන් මාසයේදී ඉස්ලාම් භක්තිකයන් යෙදෙන උපවාසය හඳුන්වන නම.
11- රාමසාන් වලදී ඉස්ලාම් භක්තිකයන් දෙනු ලබන ප්‍රධාන දානයන් දෙක දක්වන්න.
* `Zසකාත්´ නම් අනිවාර්ය දානය.
`සදකා´ නම් අනිවාර්ය නොවන දානය.
12- නත්තල් උත්සවය සමරන මාසය හා ආගමිකයෝ කවරහුද ?
* දෙසැම්බර් 25.
කතෝලික /ක්‍රිස්තියානි ආගමිකයන්.
13- මෙම උත්සවයට බැඳුණු සැරසිලි නම්කරන්න.
* දේවස්ථාන හා නිවෙස් සැරසීම.
ගවලෙන් සෑදීම.
නත්තල් ගස් නිර්මාණය.
14- නත්තල් යන්නෙහි අර්ථය දක්වන්න?
* `නතාල´ යන පෘතුගීසි වචනය හා `නතාලිස්´ යන ලතින් වචනයේ තෙරුම `උපත´ යන්නයි.
'නතාල'යන වචනයෙන්
නත්තල යන්න සිංහලයට පෙරළී ඇත.
15- චෛත්‍යයක කොටස් නම් කරන්න.
* පාදම, පේසා වළලු(පියවසාව), ධාතු ගර්භය, හතරැස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැල්ල, කොත, චූඩා මාණික්‍යය( සිළුමිණ,වජ්රචුම්භටුකය).
16- චෛත්‍යය ගර්භයේ හැඩය අනුව ප්‍රධාන වර්ග හය දක්වන්න.
* 1. ධාන්‍යාකාර - වීි (ධාන්‍ය ) ගොඩක හැඩය.
2. පද්මාකාර - නෙළුම් මලක හැඩය.
3. ඝණ්ඨාකාර - ඝණ්ඨාවක (ඝාණ්ඨාරය) හැඩය
4. බුබ්බුලාකාර/බුබුලාකාර-
දිය බුබුලක හැඩය.
5. ඝටාකාර - කළයක් මුනින් අතට නැමූ හැඩය.
6. ආමලකාකාර/ආම්ලාකාර - නෙල්ලි ගෙඩියක හැඩය.
17- ඉන්දියාවේ සාංචි ස්තූපයේ ඇති හර්මිකාව හා ඡත්‍ර සහිත යූප කුළුණ වෙනුවට ලංකාවේ චෛත්‍ය දක්නට ලැබෙන්නේ මොනවාද ?
*හර්මිකාව - හතරැස් කොටුව.
ඡත්‍ර සහිත යූප කුළුණ- දේවතා කොටුව හා කොත්කරැල්ල.
18- හින්දු කෝවිලේ බිම සැලැස්මේ ප්‍රධාන කොටස් හතර නම් කරන්න.
* 1.මණ්ඩපය
2.ගෝපුරම්
4.ප්රදක්ෂිණ පථය
5.ගර්භ ගෘහය
19 -ගෝපුරම් යනු කුමක්ද ?
* කෝවිලට ඇතුළු වන ප්‍රධාන දොරටුවේ ඇති උස් ඉදිකිරීම මේ නමින් හැඳින්වේ. මෙය අට්ටාල, විමාන හා පැන්නුම් කුළුණු වලින් සමන්විත අතර විවිධ මූර්ති රාශියක් ද දැකිය හැකිය.
20- හින්දු ආගමික සංකේතය කුමක්ද ?
* වෘෂභ කොඩිය.
21- මස්ජිදය යන්නෙහි තේරුම ලියන්න.
* ඉස්ලාම් පල්ලිය.
22- කුෆා හෙවත්කුබ් ( කුම්බා) යනු කුමක්ද?
* ඉදිරිපස ප්‍රධාන ගොඩනැගිල්ලේ ඉහළින් ඉදිකර ඇති,උල්වූ තුඩක් සහිත
ගෝලාකාර විශාල ශිඛරය.
23- මිනාර් හෙවත් මිනරෙට් යනු කුමක්ද ?
* මස්ජිදය දෙපස ඉදිකර ඇති කුළුණු,මේවා මතද කුඩා ගෝලාකාර ශිඛර තනා ඇත.
24- කැලිග්‍රැෆි( Calligraphy )යනු මොනවාද?
* කුරානයේ ආගමික පාඨ ආරාබි බසින් විචිත්‍ර ලෙස ලිවීමේ කලාව.(ඉස්ලාම් පල්ලියේ චිත්‍ර හෝ මූර්ති දැකිය නොහැකිය.
25- ලංකාවේ ඇති ක්‍රිස්තියානි දේවස්ථාන ඉදිකර ඇති නිර්මාණ ශෛලීන් දෙක නම් කරන්න.
* රෝමානු ශෛලිය.( බොකු වහල හා රවුම් ආරුක්කු සහිතයි.ප්‍රධාන දොරටුවට ඉහළින් වෘත්තාකාර කවුළුවකි.Rose Window )
ගොතික් ශෛලිය (දළ බෑවුම් සහිත වහල හා තුඩු සහිත ආරුක්කු ඇත මේතුල තුඩු සහිත ජනේල රංජිත වීදුරු වලින් අලංකාරකර ඇත.)
26- රංජිත වීදුරු (Stain Glass ) යනු මොනවාද?
* කුඩා අලංකාරවත් වීදුරු කැබලි ආශ්රයෙන් බයිබලයේ කතා ක්‍රිස්තු චරිතයේ සිද්ධි නිර්මානය කර තිබීම
27- ක්‍රිස්තු දේවස්ථානයේ බිම්සැලැස්මේ ප්‍රධාන කොටස් නම් කරන්න.
* අල්තාරය
දෙපස කාමර
දිග් ශාලාව
ස්තම්භ( කුළුණු )
බයිබලය කියවන ස්ථානය
පිවිසුම දොරටුව.
28- අල්තාරය යනු කුමක්ද ?
ශාලාවේ එක් කොනක වේදිකාවක අලංකාර වැටකින්වටකර ඇති පුජාසනය.(එය පිටුපස බිත්තියේ කැටයම්,චිත්‍ර,හෝ රංජිත වීදුරු වලින්
ක්‍රිස්තු තුමන්ගේජීවන අවස්ථා දක්වා ඇත).
06 වැනි ශ්‍රේණියේ චිත්‍ර දරුවන්ට,
මෙම පාඩම් සඳහා අවශ්‍ය රූප සටහන්
O/L Art 2020
Whatsapp සමූහයට ගොස් ලබාගන්න.
ඒක හරි ම වටිනවා .
ReplyDeleteගොඩක් ස්තූතියි 🌹🌹🌹🌹👍👍👍
Thank you..
ReplyDeleteThank you so much
ReplyDelete👍👍
ReplyDelete