Thursday, April 29, 2021

7 වැනි ශ්‍රේණිය -උද්භිද ගණයට අයත් සිංහල සැරසිලි .

සිංහල සැරසිලි මෝස්තර අතර උද්භිද ගණයට අයත් සැරසිලි.

* පුෂ්ප හා වෘක්ෂලතා මූලික කරගනිමින් සිත්තම් කළ මෝස්තර උද්භිද මෝස්තර ලෙස හඳුන්වයි.

* ස්වාභාවික මෙන්ම කල්පිත(නිරූඪ) ලෙස සිංහල සැරසිලි මෝස්තර අතර මෙම සැරසිලි දැකිය හැකිය.

* ස්වාභාවික - සපුමල, වැටකේ මල, මානෙල් මල,නෙළුම් මල.

* කල්පිත(නිරූඪ) - සීනමල, පරසතුමල,කතිරි මල, කඩුපුල් මල.

* ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් වල මෙන්ම මහනුවර යුගයේ සිතුවම්වල හිස්තැන් ( පසුබිම) පිරවීමට ද මෙම සැරසිලි බහුලව යොදාගෙන ඇත.

න්නාසි මල :-
* තනි මලකට වඩා ලියවැලක් ලෙස දක්වා ඇත.
* අන්නාසි (🍍 ) ගෙඩියක හරස් කැපුමක් කල්පිත ආකාරයට දක්වා තිබීමක් අනුමාන කළ හැකිය.
* රන්,රිදී,පිත්තල සහ මැටි ආදී ජන කලා කර්මාන්ත මෙන්ම ලී කැටයම්,ඇත්දත් කැටයම්, සිතුවම් කලාව ආදිය සඳහා යොදා ගනී.

නෙළුම් මල:-
*වෘත්තාකාර ආකෘතියක් තුල නෙළුම් මල් නිර්මාණ රාශියක් හමුවේ.
පැරැණි බිතු සිතුවම් වල නෙළුම් වර්ග එකසිය අසූදෙකක් පමණ සොයාගෙන ඇත.

* මේ ආකාරයට සිංහල ජන කලා කර්මාන්ත සඳහා සපුමල,
වැටකේ,කඩුපුල්,පිච්ච,බිනර,
කතිරි ,හා සීනමල ඇතුළු මල් රාශියක් නිර්මාණය කර ඇත.

* වාටි මෝස්තර සඳහා ලියවැල් සහ පලාපෙති මෝස්තර සියගණනක් යොදා ගෙන ඇති බව පැරණි සිතුවම් හා ජනකලා කර්මාන්ත පිළිබඳව හැදෑරීමේදී හඳුනාගත හැකිය.

No comments:

Post a Comment