Thursday, April 29, 2021

7 වැනි ශ්‍රේණිය චිත්‍ර - ප්‍රාග් ඓතිහාසික චිත්‍ර (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සිතුවම්..............

* ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත්වූ ගල්ලෙන් රාශියක් ලංකාව පුරාවට හමුවෙන අතර මින් ⁣ බොහෝමයක් උතුරු , උතුරුමැද හා නැගෙනහිර පලාත් වලින් හමුවේ.

* ගල් ආයුධවල කාල නිර්ණය අනුව ඔවුන් ජීවත් වූ කාලය වසර දෙලක්ෂ පනස්දහසක් පමණ බව පුරාවිද්‍යා මතයයි.

* පුරාවිද්‍යාඥයන් වන ඩී.බී. නන්දදේව මහතා සහ ඊ.පී.දැරණියගල මහතාට අනුව මේ සිතුවම් වසර තිස්දහසක් පමණ පැරණිය.

* සෙලිග්මාන්ගේ පවසන්නේ  මෙ⁣ම සිතුවම් නිමවා ඇත්තේ දේශීය වැදි ජනයා බවයි.

* ප්‍රාග් මානව සිතුවම් වල වස්තු වී ඇත්තේ මිනිසුන් හා සතුන්ය.

* අලියා,දිවියා,කිඹුලා, පත්තෑයා, මුවා,ගෝණා ,වඳුරා, තලගොයා හා මොණරා බහුලව දැකිය හැකිය.

චිත්‍ර වල පොදු ලක්ෂණ :-

* රේඛාමය සටහන් ඇඳීම.
*ලීකෝටුවකින් හෝ ඇඟිල්ලෙන් සායම් ගෑම.
*සීරීමෙන් මතු කිරීම.
* අඟුරු ,අලු,කිරිමැටි,ලේ,
හිරියල්,ජලය හෝ සත්ත්ව ලේ සමග මිශ්‍ර කර වර්ණ කිරීම.
* තනි හා යුගල රූප සම්පිණ්ඩනය .
*සරල හැඩ වලින් සංකේත ඇඳ තිබීම.
*මිනිස්,සත්ත්ව,හා ජ්‍යාමිතික හැඩ සංකේත බහුලව යොදා තිබීම.

සිතුවම් ඇති ගල්ලෙන් විශාල ප්‍රමාණයෙන් කිහිපයක්:-

තන්තිරිමලේ ලෙන.
බිල්ලෑව ලෙන.
දොරවක ලෙන.

තන්තිරිමලේ ලෙන.

* අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගරයට උතුරු පැත්තට වන්නට තන්තිරිමලේ ග්‍රාමයේ පිහිටා ඇත.

* මෙහි ඇඳඇති සිතුවම් අතර
       දුනුවායා,සතෙකු පිට යන
       මිනිස් රුව,කණ්ඩායම්
       සම්පිණ්ඩනය(කොටුවක්
       තුල ඇති මානව රූ දෙක)
       තලගොයා.

දොරවක ලෙන.

* කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරළයේ වරකාපොලට නුදුරු මල්දෙණිය නම් පෞද්ගලික රබර් වත්තේ පිහිටා ඇත.

* G.F.R.Brohiyer 1919 සොයාගන්නා ලදී.

* පොළෙව මට්ටමින් අඩි 6 1/2පමණ උසින් සිතුවම් ඇත.

* මාලුවා,මිනිස්රූප, තලගොයා,
වැනි සිතුවම් සහ ඉර,හඳද දැකිය හැක  මීට අමතරව දැකිය හැකි විශේෂ සිතුවම නම් ඇතා සහ ඇත්පැටවා සිතුවමයි.

බිල්ලෑව ලෙන:-

* උතුරු මැද පලාතේ අනුරාධපුරයට නුදුරු බිල්ලෑව ග්‍රාමයේ පිහිටා ඇත.

* 1951 වසරේ දී එස් .යූ. දැරණියගල මහතා විසින් සොයාගෙන ඇත.

*බහු මාධ්‍යයෙන් කළ සිතුවම් දැකිය හැකිය.

*ජෝන් ස්ටීල්ට අනුව නිවසක් තුළ මිනිස් රූ දෙකක්ද.

*ජ්‍යාමිතික සංකේත,මොල්ලිය සහිත ගව රුව,
ගෝණකු, මොණරා  මෙන්ම ස⁣තෙකු පිට උඩ යන මිනිස් රුව මෙහි සිතුවම් අතර විශේෂ වේ.

No comments:

Post a Comment