Sunday, May 9, 2021

6ශ්‍රේණිය චිත්‍ර - රාමසාන් උත්සවය.

Ajith W.Perera - St,Sylvester's College.
Ruveena Amarasinghe -
CP/Wath /Arangala K.V.

රාමසාන් උත්සවය.(ඊදුල් ෆිත්ර්)

*ඉස්ලාමීය දින දර්ශනයට අනුව රාමලාන් මාසයේදී, මුල් සඳ දුටු දින සිට ඊළඟ මාසය ෂව්වාල් මාසයේ මුල් සඳ දකින දින දක්වා උපවාස කාලයකින් පසුව රාමසාන් උත්සවය පවත්වයි.

*මෙම උපවාසය සව්ම් යනුවෙන් හැඳින්වේ.

* මෙම උපවාස කාලය තුලදී කුසගින්නේ කුරිරු බව තමන්ට දැනීම නිසා දුගියන්ට පිහිට වී අනිවාර්යයෙන්ම සිදුවන බව ඔවුන් ගේ අදහසයි.

* මේ කාලයේදී Zසකාත් යන අනිවාර්ය දානය මෙන්ම සදකා යන දානයද මුස්ලිම් වරුන් දෙනු ලබයි.

* අවුරුදු දහයට වැඩි සියළු මුස්ලිම් ජාතිකයන් මේ කාලයේදී උපවාසයේ යෙදිය යුතු අතර රෝගීන්,ඉතාමත් වයෝවෘද්ධ පුද්ගලයන්,ගැබිනි හා කිරිදෙන මව්වරුන් මෙයින් නිදහස් කෙරේ. ඔවුන් හට විකල්ප ඇත.

* නව සඳ දැකීමෙන් උපවාසය නිමාවේ.

*රාමසාන් මාසයේ කෙරෙන මහත්ම දානය වන්නේ  සකාතුල් පිත්රා නම් දානයයි.
මෙහිදී පවුලේ එක් අයෙකු වෙනුවෙන් 2kg බැගින් ආහාර දන් දීමයි.

Saturday, May 8, 2021

10 ශ්‍රේණිය චිත්‍ර - දමිළ චිත්‍ර ශිල්පීන් ගේ නිර්මාණ.

Ajith W.Perera - St,Sylvester's College.
Ruveena Amarasinghe -
CP/Wath / Arangala K.V.

දමිළ චිත්‍ර ශිල්පීන් ගේ නිර්මාණ...........
තෝරාගත් දේශීය ශිල්පීන් ගේ නිර්මාණ රසාස්වාදය යටතේ
* තාවඩි මූ.තුරෙයිසාමි - සුදු කුකුළා.සුදු අත් ඇති පූජක රුව.

* පෙරියතම්බි සුබ්‍රමනියම් - අගස්තියර් හා විනයාගර්,ඇතා වල්ලිව එළවාගෙන යාම.

තාවඩි මූ. තුරෙයිසාමි.

* 19 සියවස අග භාගයේ යාපනයේ ජීවත්වූ චිත්‍ර ශිල්පියෙකි.

* දකුණු ඉන්දීය තන්ජාවූර්(Thanjavur) චිත්‍ර වල ශිල්පක්‍රම මෙන්ම යුරෝපා යථාර්ථවාදී (Realism) හා පෙරදිග සිතුවම් වල ලක්ෂණ ද මිශ්‍ර වී ඇත.

* හුණු බදාම මත ප්‍රස්කෝ සිකෝ ක්‍රමයට නිමවා ඇත.

* තාවඩි මුරුගන් කෝවිලේ ද සිතුවම් නිර්මාණය කර  ඇත.
ඒ අතර,කිරි කාවඩි කරුවා, වල්ලී දෙවඟන බිහිකල මුව දෙන, වශිෂ්ටර් හා කරාම් පශු , කතරගම දෙවියන් මහළු බ්‍රාහ්මණ වෙස් ගෙන අලියා ගෙන් වල්ලීව බෙිරාගැනීම හා වැදි රුව.

සුදු කුකුළා :-

*තාවඩි මූ.තුරෙයිසාමි ගේ නිර්මාණයක් වන මෙම චිත්‍රය සට්ටනාදර් ශිව දේවාලයේ ඇඳ තිබිණි.

* යුරෝපා යථාර්ථවාදී අභාසය දැකිය හැක.

* ලා පැහැයට හුරු දුඹුරු වර්ණ මාලාවකි.

* ප්‍රස්කෝ සිකෝ ක්‍රමයට නිමවා ඇති අතර ගාම්භීර පෙනුම මෙන්ම කුකුළාගේ චලනය සජීවීව දක්වා ඇත.

සුදු අත් සහිත පූජක රූපය සහ ගණපති රූපය:-

* සට්ටනාදර් ශිව දේවාලයේ ඇති මෙම සිතුවමින් සුදු අත් ඇති පූජකවරයකු ගණපති ට පූජාපවත්වන ආකාරය දැක්වේ.

* ලා දුඹුරු වර්ණ මාලාවකි බාවිතා කර ඇත.පසුබිම ලා වර්ණයන් ගෙන් දක්වා ඇත.

* පූජකරුව පෙරදිග සාම්ප්‍රදායික ලක්ෂණවලින් ඇඳ ඇත.

* ස්වාභාවිකව සකස් කරගත්
වර්ණ භාවිතා කර ඇති අතර වියළි හුණු බදාම මත සිතුවම්කරණය (ප්‍රස්කෝ සිකෝ ) ශිල්ප ක්‍රමයට නිර්මාණයකර ඇත.

පෙරියතම්බි සුබ්‍රමනියම් කලාකරුවා ගේ නිර්මාණ අගයමු.( 1920/09/21 - 2006/03/15)

* දමිළ ජනතාවගේ එදිනදා ජීවන අවශ්‍යතාවය න් සමග බැඳි අභිලාෂයන් ඉටුකරන ලද නිර්මාණ  ලෙස ඔහුගේ නිර්මාණ අගයනු ලැබේ.

*ස්ව උත්සහයෙන් චිත්‍ර ශිල්පය හැදෑරූ ශිල්පියෙකු වන ඔහු  රවි වර්මාගේ පුරාණ ඓතිහාසික සිද්ධි  නිරූපිත සිතුවම් ⁣ශෛලිය ලක්ෂණ හා ඔහුගේ දෘෂ්ටි මායා (Illusion opticsl) ප්‍රකාශන ශිල්පක්‍රමය සිය නිර්මාණ සඳහා යොදාගෙන ඇත.

* කෝවිල් බිත්ති චිත්‍ර වලට අමතරව තිර සිතුවම් හා බැනර්/Cutout නිර්මාණ කර ඇත.

*ඔහුගේ  නිර්මාණ ඇති කෝවිල්......
- නල්ලූර් කෛලාසපිල්ලෙයාර් කෝවිල.
- ඉනුවිල් පරරාසසේකර පිලිලෙයාර් කෝවිල.
- සුදුමලයි අම්මාන් කෝවිල.
- වැල්වෙට්ටිතුරෙයි සිවන් කෝවිල.
- නල්ලූර් වීර කාලා අම්මන් කෝවිල.
වේලණෙයි අම්මන් කෝවිල.

අගස්තියර් හා විනයාගර්  නම් සිතුවම:-

* පෙ.සුබ්‍රමනියම්  ගේ සුවිශේෂ සිතුවමකි.ඉනුවෙල් පරරාසසේකර  පිල්ලයාර් කෝවිලේ  දක්නට ඇත.

* මෙයින් අගස්තියර් ගේකෙණ්ඩියට කපුටු වෙසින් පැමිණ විනයාගර් තට්ටු කිරීම නිසා හටගත් කාවේරි නදියේ කතා පුවත අවස්ථා තුනකින් යුතුව නිරූපණය කර ඇත.

*ස්වාභාවිකව නිර්මාණය කර ඇති මෙය වර්ණ යන්ගේ විවිධ ප්‍රභේදයන් යොදා ගෙන ත්‍රිමාන ලක්ෂණ හා පර්යාවලෝකනයද මනාව දක්වා ඇත.

ඇතා වල්ලීව එළවාගෙන යාම:-

* ඉනුවිල් පරරාසසේකර පිලිලෙයාර් කෝවිල හි දක්නට ලැබේ.
ඇතා වෙසින් පැමිණ විනයාගර් (ගණදෙවි),වල්ලීව එලවාගෙන යන අතර,වල්ලී තාපස වෙසින් පැමිණ මුරුගන් ගෙන්පිළිසරණ ලැබීම.

* බිත්ති යේ තලය සැකසීමෙන් තොරරව එනමල් වර්ණයෙන් සිතුවම් කර ඇත.

* සංකේතාත්මකව වර්ණ යොදාගෙන ඇති අතර දීප්තිමත් වර්ණ මාලාවක් යොදාගෙන ඇත.

* අඳුර හා ආලෝකය යොදාගෙනරූප වල සීමා රේඛාකරණයෙන් තොරව දක්වා ඇත.

* හැඟීම් නිරූපණය ඉහල මට්ටමක ඇති අතරබිය මුසු බව,ත්‍රාසය හා බියමුසු හැඟීම් ප්‍රකාශ කරයි.

Friday, May 7, 2021

9 වැනි ශ්‍රේණිය චිත්‍ර - ශෛලිගත නාට්‍ය රසවිඳිමු.

ශෛලිගත නාට්‍ය රසවිඳිමු..........

* නාට්‍ය ධර්මී සහ ලෝක ධර්මී යනුවෙන් ලෝකයේ නාට්‍ය වර්ග දෙකකි, මින් ශෛලිගත නාට්‍ය අයත් වන්නේ නාට්‍ය ධර්මී කොටසටය.

* නාට්‍යයේ සියළු දෙබස්, ගීත මෙන්ම අංග චලනයන්, ඇවිදයාම් ආදී සියළු රංගනයන් රිද්මයානුකූලව සිදුවීමයි.
සිංහබාහු,මනමේ,බෙරහඬ වැනි වේදිකා නාට්‍ය උදාහරණ ලෙස දැක්විය හැක.

* වේදිකාවෙි පසුතලය ඉතාමත් චාම් හා සරළ වීමද විශේෂත්වයකි.

* අංග රචනය(වෙස්ගැන්වීම/වේශනිරූපණය) බහුලව යොදාගන්නා අතර අදාල භූමිකාවන් සතු ගති ලක්ෂණ මතුකිරීමට අවශ්‍යය කොණ්ඩා,රවුළු ඇලවීම මුහුණු පාට කිරීම  ද දැකිය හැකිය.

* රංග භාණ්ඩ  බහුලව යොදාගන්නා අතර කඩු,දුණුහී,හෙල්ල,තෝමර  විශාල වශයෙන් යොදා ගනී.

* අදාල භූමිකාවන්  ගේ සාර්ථකත්වය සඳහා මෙන්ම අලංකාර කිරීමට රංග වස්ත්‍රාභරණ යොදාගනී...
වර්ණවත් ඇඳුම්,
ඔටුනු,නළල්පට,කරමාල, උරමාල,වළලු,තෝඩු,
කර්ණාභරණ,මුදු, පාදසලං,පාදජාලා සහ පාවහන්
උදාහරණ ලෙස දැක්විය හැකිය.

9වැනි ශ්‍රේණිය චිත්‍ර - ලාක්ෂා කර්මාන්තය.

ලාක්ෂා නිර්මාණ අගයමු.

* පැරණි ජනකලා කර්මාන්තයක් වූ ලාක්ෂා කර්මාන්තය මහනුවර යුගයේ දී වඩාත්ම ප්‍රචලිත විය.

*  මහනුවර රජු න් ගේ ප්‍රසාදයට බඳුන් වීම නිසා රාජකීය කර්මාන්ත කාර්යංශය වූ "කොට්ටල් බද්දට " පවා ඇතුලත් කරගෙන තිබුණි.

*  එකල ලාක්ෂා ශිල්පීන් හැඳින්වූයේ "හංගිඩියන්/ඊවඩුවන්" යන නමිනි.ඔවුන්ගේ  ශිල්ප ශ්‍රේණිය හංගෙඩි වසම නමින් හැඳින්විය.

* නමුත්  වර්තමානයේ දී යම් පසුබෑමකට ලක්ව ඇති මෙම කර්මාන්තය පුදේශ කිහිපයකට පමණක් සීමාවී ඇත. එනම්,
       මාතලේ   - හපුවිද
       තංගල්ල   -  අඟුල්මඩුව
       මහනුවර   -  හුරීකඩුව
        බලංගොඩ - පල්ලේකන්ද.

* ලාක්ෂා සඳහා අවශ්‍යය අමුද්‍රව්‍ය වන ලාක්ෂා ලබා ගන්නේ කැප්පෙටියා,කෝන්,තලකීරියා වැනි ශාකවල ජීවිත් වන ලාක්ෂා කෘමියා විසින් පිටකරන ලාටු විශේෂයකිනි.

*  මෙම කෘමියා පිටකරන ලාටු  විශේෂය සුළං වැදී ඝනවූ පසු ඒවා සූරා ගෙන, කපුරෙදි කඩක ඔතා ගින්දරට අල්ලා රත්කර,
උණුවන ලාක්ෂා මිරිකා ගැනීමෙනි. ඉන් පසු එයට වර්ණ එක්කරගනී.

සායම් පිළියෙලකර ගැනීම:-

     රතු     -  සාදිලිංගම්
     කළු    -  පහන් දැළි/    
                       කැකුණ දැළි
     කහ    -  කහ හිරියල්
     නිල්    -  නිල් අවරිය කොළ
                       ඉස්ම.
     කොළ     -  කහ සහ නිල් මිශ්‍ර  කිරීමෙන් .

ප්‍රධාන ශිල්ප ක්‍රම  දෙකකි.
   නියපොතු වැඩ.
ලාක්ෂා නූල් මගින් (රත්කර ඇදීමෙන් ) කුඩ,කොඩි,සේසත් මිට හා හැරමිටි/බස්තම් වැනි දිගටි භාණ්ඩ,රත්කර ඒ මත ලාක්ෂා කෙඳි ඇලවීමෙන් (භාණ්ඩය ගින්නට අල්ලා මදක් රත්කර ලාක්ෂා නූල් අලවා වියළි තල්කොළ කැබැල්ලකින් හොඳින් මැදීම).
    පට්ටල් වැඩ.
ලාක්ෂා පට්ටලයට සවිකරන ලද භාණ්ඩය කරකවමින්  ඒ මත ලාක්ෂා කැබැල්ලක් ඇල්ලීමෙන්. (එවිට භාණ්ඩ යේ එකාකාරීව ලාක්ෂා තැවරේ).
පසුව මෝස්තර යොදන අතර සායම් සීරුමි ක්‍රමය බාවිතා කරයි. (උල්කටුවකින් සාය් මත සීරීමෙන්). අළු බඳුන් , බුලත් තට්ටු, සේරක්කාල, උඩැක්කි කඳ, වටාපත් මිට සහ බීරළු මෙසේ සාදයි.

කර්මාන්තයේදී භාවිතා කරන සැරසිලි :-
වැල්පොත,ලණු දඟය, ගල්බිංදු,
පළාපෙති,තනිපට හා දෙපට ලණුව,අරිම්බුව හා පනාව.

Wednesday, May 5, 2021

8 වැනි ශ්‍රේණිය චිත්‍ර - හින්දු ප්‍රතිමා වල ආසන,ආසන ක්‍රම හා මුද්‍රා.


හින්දු ප්‍රතිමා වල ආසන,ආසන ක්‍රම  හා මුද්‍රා.......

* පද්මාසනය හා භද්‍රාසනය හින්දු ප්‍රතිමා වල දැකිය හැකි ආසන  දෙකයි.

* නෙළුම් පෙති වලින් අලංකාර කරන ලද ඕවලාකාරහැඩයකින් පද්මාසනයද,
චතුරස්‍රාකාර  හැඩයක් සහිත ආසනය භද්‍රාසනය ලෙසත් හැඳින්වේ.

දෙපා පිහිටුවන ආකාරය ආසන ක්‍රමය ලෙස හැඳින්වේ .

*ලලිත ආසන ක්‍රමය -
එක පාදයක් නමා අනික් පාදය නිදහසේ පහතට දමා සිටී.
පාර්වති දේවිය හා සරස්වති දේවිය මෙම ඉරියව්වෙන් නිරූපණය කර ඇත.

* රාජලීලාසනය ආසන ක්‍රමය -
වම්පය තිරස් අතට නවා  දකුණු පය සිරස් ව නවා ඒ මත දකු'ණතේ වැලමිට තබාගෙන සිටීම.

* පර්යංක ආසන ක්‍රමය -
පුටුවක දෙපා නවා පහතට තබාගෙන හිඳ සිටින ආකාරය.

මුද්‍රා -
ප්‍රතිමාවක දෑත් තබා ගෙන සින ආකාරය මින් අදහස් කෙරේ.

ප්‍රතිමාවක භාව ප්‍රකාශනය,
සමස්ත ගුණය නිරූපණය කරණුයේ මුද්‍රාවෙනි.

අභය මුද්‍රාව - නිදහස හා ආරක්ෂාව ලබා දීම.
(නටරාජ් ප්‍රතිමාව).

ගජ හස්ත මුද්‍රාව - අැත් සොඬය ආකාරයට අත්ල සහ ඇඟිලි පහංළට දිගුකර ගෙන සිටීම.(නටරාජ්  ප්‍රතිමාව)

නමස්කාර මුද්‍රාව /අංජලී මුද්‍රාව - ආයාචනා ,ප්‍රාර්ථනා හා වැඳීම.දෑත් වැලමිටෙන් නවා පපුවට ඉදිරියෙන් එකතුකර.

වරද මුද්‍රාව -
වරයක් ලබාදීම. ඉදිරියට හැරවූ අත්ල හා ඇඟිලි.(ශිව ප්‍රතිමාව)

විතර්ක මුද්‍රාව -
අත්ල ඉදිරියට හරවා මහපට ඇඟිල්ල මත දබරඟිල්ල නවා තබාගෙන.ගැටළුවක් විසඳන අවස්ථාව.

කටක හස්ත මුද්‍රාව -
යමක් අල්ලාගෙන සිටින ආකාරය.මෙම මුද්‍රාව ත්‍රිභංග ලක්ෂණ සහිත ප්‍රතිමාවල දැකිය හැක.(පාර්වති ප්‍රතිමාව).

ලෝල හස්ත මුද්‍රාව -

පහළට දැමූ අතෙහි අත්ල සහ ඇඟිලි  රිද්මයානුකූලව පොළෙවට දිගුවන ලෙසට.
මින් තැන්පත් බව සංකේතවත් කෙරේ.(පාර්වති ප්‍රතිමාව).