ලාක්ෂා නිර්මාණ අගයමු.
* පැරණි ජනකලා කර්මාන්තයක් වූ ලාක්ෂා කර්මාන්තය මහනුවර යුගයේ දී වඩාත්ම ප්‍රචලිත විය.
* මහනුවර රජු න් ගේ ප්‍රසාදයට බඳුන් වීම නිසා රාජකීය කර්මාන්ත කාර්යංශය වූ "කොට්ටල් බද්දට " පවා ඇතුලත් කරගෙන තිබුණි.
* එකල ලාක්ෂා ශිල්පීන් හැඳින්වූයේ "හංගිඩියන්/ඊවඩුවන්" යන නමිනි.ඔවුන්ගේ ශිල්ප ශ්‍රේණිය හංගෙඩි වසම නමින් හැඳින්විය.
* නමුත් වර්තමානයේ දී යම් පසුබෑමකට ලක්ව ඇති මෙම කර්මාන්තය පුදේශ කිහිපයකට පමණක් සීමාවී ඇත. එනම්,
මාතලේ - හපුවිද
තංගල්ල - අඟුල්මඩුව
මහනුවර - හුරීකඩුව
බලංගොඩ - පල්ලේකන්ද.
* ලාක්ෂා සඳහා අවශ්‍යය අමුද්‍රව්‍ය වන ලාක්ෂා ලබා ගන්නේ කැප්පෙටියා,කෝන්,තලකීරියා වැනි ශාකවල ජීවිත් වන ලාක්ෂා කෘමියා විසින් පිටකරන ලාටු විශේෂයකිනි.
* මෙම කෘමියා පිටකරන ලාටු විශේෂය සුළං වැදී ඝනවූ පසු ඒවා සූරා ගෙන, කපුරෙදි කඩක ඔතා ගින්දරට අල්ලා රත්කර,
උණුවන ලාක්ෂා මිරිකා ගැනීමෙනි. ඉන් පසු එයට වර්ණ එක්කරගනී.
සායම් පිළියෙලකර ගැනීම:-
රතු - සාදිලිංගම්
කළු - පහන් දැළි/
කැකුණ දැළි
කහ - කහ හිරියල්
නිල් - නිල් අවරිය කොළ
ඉස්ම.
කොළ - කහ සහ නිල් මිශ්‍ර කිරීමෙන් .
ප්‍රධාන ශිල්ප ක්‍රම දෙකකි.
නියපොතු වැඩ.
ලාක්ෂා නූල් මගින් (රත්කර ඇදීමෙන් ) කුඩ,කොඩි,සේසත් මිට හා හැරමිටි/බස්තම් වැනි දිගටි භාණ්ඩ,රත්කර ඒ මත ලාක්ෂා කෙඳි ඇලවීමෙන් (භාණ්ඩය ගින්නට අල්ලා මදක් රත්කර ලාක්ෂා නූල් අලවා වියළි තල්කොළ කැබැල්ලකින් හොඳින් මැදීම).
පට්ටල් වැඩ.
ලාක්ෂා පට්ටලයට සවිකරන ලද භාණ්ඩය කරකවමින් ඒ මත ලාක්ෂා කැබැල්ලක් ඇල්ලීමෙන්. (එවිට භාණ්ඩ යේ එකාකාරීව ලාක්ෂා තැවරේ).
පසුව මෝස්තර යොදන අතර සායම් සීරුමි ක්‍රමය බාවිතා කරයි. (උල්කටුවකින් සායම් මත සීරීමෙන්). අළු බඳුන් , බුලත් තට්ටු, සේරක්කාල, උඩැක්කි කඳ, වටාපත් මිට සහ බීරළු මෙසේ සාදයි.
කර්මාන්තයේදී භාවිතා කරන සැරසිලි :-
වැල්පොත,ලණු දඟය, ගල්බිංදු,
පළාපෙති,තනිපට හා දෙපට ලණුව,අරිම්බුව හා පනාව.
No comments:
Post a Comment