Ruveena Amarasinghe - CP/ Wath /Arangala K.V.
Ajith w.Perera -St,Sylvester's College.
සිංහල සැරසිලි නිර්මාණකරණයේ පදනම.
* චිත්‍ර කලාව ඉගෙනගන්න ගුරුතුමා ළඟට එන කුඩා දරුවාට (ආධුනිකයාට) පළමුවරට සිංහල සැරසිලි මෝස්තර තමයි උගන්වන්නේ.
යටිපෝරුව.
* මේ චිත්‍ර අඳින්න භාවිතා කරන පුවරුවට අපි කියනවා "යටිපෝරුව " කියලා.
* ලෑලි තට්ටුවක "වඩි" කියන මිශ්‍රණය ගාලා තමා යටිපෝරුව හදලා තියෙන්නේ.
* ඉකිරි කියන මුහුදු ජීවියා ගේ කටුවක් උණ ලීකෝටුවක සවිකරගෙන ඒකෙන් තමයි.
යටිපොරුවේ චිත්‍ර අඳින්නේ.
* යටිපොරුවේ වකදෙක පළමුවෙන්ම අඳිනවා. ඊටපස්සේ ලියපත හා තිරිඟිතලය යන සැරසිලි ඒකක අඳිනවා
වකදෙක :-
සුභ නකතකට අනුව ගුරුතුමා විසින් ගෝලයාට අඳින්න දෙන මුල්ම අභ්‍යාස ය තමයි වකදෙක.
ලියපත :-
වකදෙක තවටිකක් වර්ධනය කරලා තියෙන ලියපත තමා ඊළඟට අන්දන්නේ.
තිරිඟිතලය :-
වයස අවුරුදු හතෙන් විතර ගුරුතුමා ළඟට එන ගෝලයා විවිධ අභ්‍යාසකරලා හොඳින් ඉගෙනගෙන අවුරුදු දොළහා විතරවෙනකොට චිත්‍ර වලින් අති දක්ෂයෙක් වෙනවා. ඉතිං අන්තිමට ගෝලයාට කියලා දෙන්නේ වකදෙකේ අමාරුම නිර්මාණයක් වුණු තිරිඟිතලයයි. ගෝලයා මේක මතකින් අඳින්න ඕනේ.
No comments:
Post a Comment