Ajith W.Perera - St,Sylvester's College.
Ruveena Amarasinghe -
CP/Wath/Arangala K.V.
එස්.පී.චාල්ස් ශිල්පියා ගේ නිර්මාණ අගයමු.
* 1916 මාතර වැලිගමදී උපන් මෙතුමා කොක්මාදූවේ නානායක්කාර ශිල්පියාගෙන්
චිත්‍රකලාව හැදෑරීය.
* 1944දී කොළඹ කාර්මික විද්‍යාලයෙන්, චිත්‍ර ශිල්පී ජේ.ඒ.ඩී.පෙරේරා මහතා යටතේ වැඩි දුරට චිත්‍රකලාව හැදෑරීය.
* පාරම්පරික බිතුසිතුවම් පිටපත් කිරීම හා ඒවායේ වර්ධනය සඳහා විශාල මෙහෙවරක් කලේය.
* ශ්‍රී ලංකාවේ ජාතික ධජය නිර්මාණ කමිටුවේ චිත්‍ර ශිල්පීයා මෙන්ම පාර්ලිමේන්තු සෙංකෝලයේ සැලසුම් නිර්මාණ ශිල්පියාද මෙතුමාය.
ජාතික ධජය.
* වර්තමානයේ භාවිතා කරන වර්ණ තීරුසහිත සිංහ කොඩිය නිර්මාණය කිරීම සඳහා පත්කල කමිටුවේ මෙතුමා සාමාජිකයෙක් විය. (එස්.ඩබ්:ආර්.ඩී.
බණ්ඩාරනායක මහතා - සභාපති/ සර් ජෝන් කොතලාවල මහතා/ ජේ.ආර්.ජයවර්ධන මහතා/
ලලිත රාජපක්ෂ මහතා/ ටී.බී.ජයා මහතා/ ජී.ජී.පොන්නම්බලම් මහතා/ පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා -කමිටු ලේකම් / චිත්‍ර ශිල්පී එස් .පී.චාල්ස් මහතා ).
*සිංහ කොඩියේ වර්ණ
හා සංකේත වල අර්ථ නිරූපණය :-
කඩුව අතින් ගත් සිංහයා - තේජස හා උත්තරීතරභාවය.
අසිපත - පරමාධිපත්‍යය.
බෝකොළ සතර - සතර බ්‍රාහ්ම විහරණ.
තද රතුපාට පසුබිම - සිංහල.
රඹ පාට තීරුව - ද්‍රවිඩ.
කොළ පාට තීරුව - මුස්ලිම්.
සෙංකෝලය :-
* බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව 1949දී මෙරට පාර්ලිමේන්තුවට හඳුන්වාදෙන ලදී.
* මෙම සෙංකෝලයේ නිර්මාණ සැලසුම කර ඇත්තේද එස්.පී.චාල්ස් මහතා විසිනි.
* මෙහි නිර්මාණ දායකත්වය බ්‍රිතාන්‍යය රාජකීය අභාරණ නිෂ්පාදන සමාගමකි.
* දේශීය අනන්‍යතාව රැකෙන පරිදි......
අඟල් 52 ක දිගින් යුතුව කැරට් 20 රන් පවුම් 45 ක්, රිදී රාත්තල් 3 1/2 පච්චවඩම් ,නිල් මැණික් හා නවරත්න මැණික් මෙන්ම කළුවර දැව භාවිතාකර ඇත.
* මෙවැනි සෙංකෝලයක් සිංහල රාජසභාවේදී භාවිතා කල යෂ්ටිය,සෝළු ලීය,ලීලා දණ්ඩය යන නම්වලින් හැඳන්වූ නිර්මාණයට සමාන වේ.
No comments:
Post a Comment