Ajith w.Perera - St,Sylvester's College.
Ruveena Amarasinghe -
CP/Wath /Arangala K.V.
පුවත්පත් චිත්‍රකතා ශිල්පීන්ගේ නිර්මාණ අගයමු.
* චිත්‍රකතා සම්ප්‍රදාය ලොවට බිහි වූයේ ප්‍රවෘත්ති පත්‍ර මගිනි.
* 19 වැනි සියවසේදී චිත්‍රකතා කතා ජනප්‍රිය වන්නේ ඇමරිකානු ප්‍රවෘත්ති පත්‍රවලය.
* ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් ඔස්සේ ඇරඹෙන චිත්‍ර කලාව මෙසේ සංවර්ධනය වීමේ ප්‍රතිඵලයකි චිත්‍රකතා.
* ලාංකීය චිත්‍රකතා වල මුල් සළකුණු පොලොන්නරු හා මහනුවර යුගයේ විහාර බිතු සිතුවම් වල දැකිය හැකිය.
* 20වැනි සියවසේ 50දශකයේදී එනම් 1951 ඔක්තෝම්බර් 28 වැනිදා ඉරිදා ලංකාදීප පත්‍රයේ
"නීලා "නමින් පළමු චිත්‍රකතාව
පලවිය.එහි නිර්මාණ ශිල්පියා වූයේ..... ජී.ඇස්.ප්‍රනාන්දු මහතාය.
*ශ්‍රී ලාකේය චිත්‍රකතා වේ ස්වර්ණමය යුගය ඇරඹෙන්නේ 70 දශකයෙනි. ඒ චිත්‍රකතා සඳහා ම වෙන්වුණු පුවත්පත් ඇරඹීමත් සමගය.
* 1972 වර්ෂයේ ලේක්හවුස් ප්‍රකාශණයක් ලෙස ලංකාවේ ප්‍රථම චිත්‍රකතා පත්‍රය වන "සතුට " පුවත්පත ආරම්භ විය.
* 1975 පමණ දෙවැනි චිත්‍රකතා පත්‍රය ලෙස සී/ස මල්ටිපැක්ස් සමාගමේ "සිත්තර" චිත්‍රකතා පත්‍රයද,ඉන්පසුව "සත්සිරි,චිත්‍රමිත්‍ර, ස්වර්ණ, රසික," ආදී පුවත්පත් බිහිවිය.
* මේ සමගින් වෘත්තීය චිත්‍රකතා ශිල්පීන් බිහිවිය.
ඒ අතරින්,
බන්ධුල හරිශ්චන්ද්‍ර.
දයා රාජපක්ෂ.
ජනක රත්නායක.
බලන්ගොඩ සරත්මධු.
අනුර විජේවර්ධන.
ආදීන් පුරෝගාමී චිත්‍ර ශිල්පීන් විය.
බන්ධුල හරිශ්චන්ද්‍ර. (1940 - )
* මූලික අධ්‍යාපනයෙන් පසුව රජයේ ලලිත කලායතනයේ චිත්‍ර කලාව පිළිබඳව සති අන්ත පාඨමාලාව හැදෑරීය.
* රෙදි,මැටිබඳුන් පින්තාරුව, මූර්ති ශිල්පිය හා තොරණ චිත්‍ර ආදිය මගින් ස්වාධීන ශෛලියක් ගොඩනගා ගති.
* ඉන්පසු 1962 දී " දිනමිණ " පුවත් පත සමග එක්වී ජාතක කතා ඇසුරින් චිත්‍රකතා අඳින්නට විය.
* ඔහු එසේ ඇඳි පළමු ජාතක කතාව වන්නේ "සුලසා ජාතකයයි".
* ශ්‍රී ලංකාවේ පළමු වර්ණ චිත්‍රකතාව වන "නල දමයන්ති"
ඔහු ගේ නිර්මාණයකි.
* ලංකා ඉතිහාසයේ කතා,බයිබලය,මහාභාරතය, ග්‍රීක වීරකතා,අරාබි නිසොල්ලාසය හා ජපන් සෙන්කතා ඔහුගේ නිර්මාණ සඳහා වස්තු විෂය විය.
* ජීවරූප ඇඳීමට මනා කුශලතාවයක් ඇති ඔහු විවිධ පරිසර තත්ත්ව යටතේ මිනිසුන් ගේ දේහ ලක්ෂණ ඇඳුම් පැළැඳුම් ආභරණ නිවරදිව නිර්මාණය කිරීමට රුසියෙකි.
* පොත් පිටකවර නිර්මාණය පිළිබඳව ද ඔහුට මනා හැකියාවක් ඇත.
දයා රාජපක්ෂ (1941 -)
* පාසලේ ලද චිත්‍ර කලා ආභාසයෙන් ස්වොත්සහයෙන්
චිත්‍ර දියුණු කරගත දයා 1966 දී
සිළුමිණ පුවත්පතෙහි පලවූ "ඉන්දු" නම් චිත්‍රකතාවෙන් සිය නිර්මාණ දිවිය ඇරඹීය.
* කුඩාකල ඔහුගේ පරමාදර්ශී චිත්‍ර ශිල්පියා වූයේ එම්.සාර්ලිස් මහා ශිල්පියාණන් ගේ පුතාවූ සුසිල් ප්‍රේමරත්නයන්ය.ඔහු ගේ නිර්මාණ කොපිකිරීම දයා නිරන්තරයෙන් කල අභ්‍යාසයක් විය.
* ඉන්දුගෙන් පසු දිනමිණ පුවත්පතට ඇඳි විද්‍යාත්මක ප්‍රබන්ධයක් වූ "ආදර කොමා"
චිත්‍රකතාවද පාඨකයන් අතර ජනප්‍රිය විය.
* ගිනිගත් කිරීටය, හුලවාලී, සාමපුරාණය, අනුපමා, රක්තා, වෙදහාමුදුරුවෝ, තවලම, වැනි චිත්‍රකතා රාශියක් ඉන්පසුව ඔහු නිර්මාණය කළේය.
* ඒ බොහෝ චිත්‍රකතා පසුකාලයේදී ටෙලිනාට්‍ය හා චිත්‍රපට ලෙස නිර්මාණය විය.
* ඒ ඒ පරිසරයන් ආශ්‍රිත ව සිද්ධි හා අවස්ථා නිර්මාණය මෙන්ම පුද්ගල චරිත නිර්මාණයට දයා රාජපක්ෂයන් උපන් හපනෙක් විය.
ජනක රත්නායක
* කොළඹ නාලන්දා වේ විද්‍යා ශිෂ්‍යයයෙකු ලෙස උසස්පෙල හැදෑරූ ඔහු ඉන්පසුව චිත්‍රකතා ශිල්පියෙකු ලෙස තම වෘත්තිය ඇරඹීය.
* ඔහු දවස පුවත්පත් ආයතනයේ චිත්‍රකතා ශිල්පියෙකු වන්නේ පාසල් ඇඳුමින්ම ගොසිනි.
*ඉන්පසු ලේක්හවුස් ප්‍රකාශනයක් වූ සතුට චිත්‍රකතා පත්‍රයේ ද මල්ටිපැක්ස් ප්‍රකාශනයක්වූ සිත්තර පත්‍රයේද ඉන්පසුව උපාලි පුවත්පත් ආයතනයේ චිත්‍රකතා ප්‍රධාන කතෘ ලෙසද ඔහු සේවය කරයි.
*ඔහුගේ විශේෂත්වයක් නම් තම නිර්මාණ සඳහා ස්වාභාවික දර්ශන තල උපයෝගී කරගැනීමයි.
*මහනුවර වැව රවුම, නිදහස් චතුරශ්‍රය. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ආපන ශාලා, දේශනශාලා ආදිය ඒ අතර වේ.
* නවීන රථවාහන, යුධ උපකරණ හා ආයුධ තරුණ විලාසිතා ඔහු සිය නිර්මාණ සඳහා යොදා ගනී.
*ස්වාභාවික රූප,තලය භාවිතය මෙන්ම විස්තරාත්මක රේඛාකරණය හා දිය සායම් ශිල්ප ක්‍රමය ජනක රත්නායකයන් ගේ නිර්මාණ ජනප්‍රිය වීමට බලපෑවේය.
* සාරංගා, කබළෙන් ලිපට, අත්තික්කා මල් ඔහුගේ ජනප්‍රිය නිර්මාණ විය.
සුසීමා, පාටපාට හීනයක් වැනි චිත්‍රකතා පසුකාලීනව ටෙලි නාට්‍ය බවට පත්විය.
No comments:
Post a Comment