Wednesday, June 2, 2021

11 ශ්‍රේණිය චිත්‍ර - පොත්ගුල් විහාර ප්‍රතිමාව.

Ajith W.Perera -St,Sylvester's College.
Ruveena Amarasinghe -
CP/Wath/Arangala K.V.

පොත්ගුල් විහාර ප්‍රතිමාව.

*මෙම ප්‍රතිමාව  1 පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාව ලෙසද හඳුන්වයි.

* පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අසල පිහිටා ඇති පොත්ගුල් විහාර භූමියේ පිහිටි ගලක,අධි උන්නතව මෙම ප්‍රතිමාව නෙලා ඇත.

*පොළොන්නරු යුගයට අයත් ක්‍රි.ව. 11 -12 යුගයට අයත් බවට සැලකේ.

* මනාව වැඩුණු ශරීරයකින් යුතු, එක පාදයකට බරදී, අනෙක් පාදය සැහැල්ලුවෙන් තබාගෙන ත්‍රිභංග ඉරියව්වෙන් මනා ශරීර රිද්මයකට නෙලා තිබේ.

* තම දෑත් මත තබාගෙන සිටින වස්තුව දෙස කල්පනාකාරීව  බලාසිටින ඉරියව්වකින් දැක්වේ.

* ළය මත්තක් දක්වා වැඩුණු යටි  රැවුල හා දෙපැත්තෙන් පහතට නැමුණු උඩරැවුල, රූපයට ශාන්ත බවක් මෙන්ම ප්‍රතාපවත් මහේශාක්‍ය බවක්ද  එක්කරයි.

* දෝතිය වැනි ඇඳුමකින් යටිකය අලංකාර වේ.ඉණට තදවී ඇති බඳ පටිය නිසා උදරය ඉදිරියට නෙරා ඇති බවක් දැක්වේ.

* පොළොන්නරු යුගයේ ප්‍රබුද්ධ කලා ලක්ෂණ මෙම ප්‍රතිමාවෙන් ඉස්මතුව පෙනේ.

පොත්ගුල් විහාර ප්‍රතිමාව පිළිබඳව පවතින විවිධ මත.

* පළමුවැනි පැරකුම්බා රජු බව,
* මහාරාවණා රජුගේ මුත්තනුවන් වන පුලතිසි සෘෂිවරයා බව.(ප්‍රතිමාවේ දකුණු පසට වන්නට මුහුණට ඉහළින් පු ල ති සි යන අකුරු හතර කොටා ඇත).
* කපිල සෘෂිවරයා බව.
* පොළොන්නරු යුගයේ විසූ ගුරුළුගෝමී පඬිවරයා බව.

No comments:

Post a Comment