Ajith w.Perera /Ruveena Amarasinghe.
යුරෝපා ප්‍රාග්ඓතිහාසික චිත්‍ර........
ක්‍රිපු 40,000 - 10,000 අතර කාලයට අයත් වේ.ගුහාවල ජීවත් වූ මානවයා එදිනෙදා දඩයම් ජිවිතයේදී ලැබූ අත්දැකීම්,ගුහා බිත්ති මත සිතුවම් කොට තිබේ.
මේවා අතර සත්ත්ව හා මානව රූ, ජ්‍යාමිතික හැඩ,විවිධ සංකේත ද වේ.
ප්‍රංශයේ ලැස්කෝ,
ස්පාඤ්ඤයේ ඇල්ටමයිරා,ෆොන්ඩිගෝම්.කෝගුල්
ගුහා ප්‍රධාන තැනක් ගනී.
මේ සඳහා ඔවුන් භාවිතකළ ශිල්පක්‍රම
කිහිපයකි
- රේඛා චිත්‍ර (Line drawing)
- වර්ණ සිතුවම් (Painting)
- ගල්බිත්තිය හාරා නිර්මාණය කරන රූප(Engraving )
- අත් සළකුණු (Hand prints)
*වර්ණ ගැන්වීම සඳහා පරිසරයෙන් සොයාගත් ස්වාභාවික ද්‍රව්‍ය වන අඟුරු,කිරිමැටි,සත්ත්ව ලේ,හිරිගල්,පස් ආදිය භාවිත කර ඇති අතර ඒවා ජලය, මැලියම් හෝ සත්ත්ව ලේ සමග පාවිච්චිකර ඇත.
ඇල්ටමීරා (අල්ටමයිරා) ගුහා චිත්‍ර......
*මෙම ගුහාව අයත්වනුයේ ස්පාඤ්ඤයටයි. ක්‍රිපු:15,000 - 10,000 පමණ අයත් යැයි සැලකේ.
*මෙහි රේඛා චිත්‍ර, වර්ණ සිතුවම්,ගල් බිත්තිය හාරා කරන නිර්මාණ, අත්සළකුණු ආදි ශිල්පක්‍රම කිහිපයකටම අයත් සිතුවම් දැකිය හැක.
*බයිසන් රුව, අශ්ව රූ,පිනිමුවන් සහ වල්ඌරන්ගේ සිතුවම් හා ජ්‍යාමිතික හැඩතල ඒ අතර වේ.
*රතු,දුඹුරු,කළු සහ සුදු යන වර්ණයන්ගෙන් වර්ණ ගන්වාකළු පැහැති බාහිර රේඛාවක් යොදා තිබේ.
ලැස්කෝ ගුහා චිත්‍ර(බයිසන් ගුහාව)........
*ප්‍රංශයේ මොන්ටිනැක්නුවර ආශ්‍රිතව ලැස්කෝ (Laxcaus) ගුහා පිහිටා ඇත.
*මෙම සිතුවම් ක්‍රිපු 15,000 - 13,000 අතර කාලයට අයත්ය.
ප්‍රාග්ඓතිහාසික සිතුවම් වලට අයත් සියළු ශිල්පක්‍රමය වලට අයත් සිතුවම් මෙහි ඇත.
*මෙහි ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ බයිසන් රූප විශාල ප්‍රමාණයක් ඇති අතර අඩි 17 ක් දිග බයිසන් රුවක් ද නිර්මාණය කර තිබීමයි.
*දඩයම් දර්ශනය (Hunting Scene ) ලෙස සැලකෙන ඊතල පහර කා ඉදිරියට පනින බයිසන් ගවයා ගේ රුව සහ බිම වැතිර සිටින මිනිසාගේ රුව මෙහි ඇත විශේෂ චිත්‍රයකි.
හොදට තේරුණා...
ReplyDeleteඇත්ත තමා
DeleteThanks
ReplyDeleteකෝ හුත්තො පින්තූර
ReplyDeleteඒකනෙ
ReplyDeleteස්තූතියි
ReplyDeleteපකේ කතා කියන්න එපා ඉතිං දෙයක් දැනුවත් කලාම
ReplyDelete