Wednesday, May 20, 2020

10 ශ්‍රෙණිය - චිත්‍ර - ද්‍රව්‍යසම්පිණ්ඩන

Ajith w. Perera /Ruveena Amarasinghe.

ද්‍රව්‍යසම්පිණ්ඩන සඳහා අවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව පහත පරිදි වේ.

(ඔබ විසින්  මෙම ද්‍රව්‍ය හැකි තරම් අභ්‍යාස කළයුතු බව අවධාරණය කරමු.)

ඝනකය.........
*සෙ.මි.12×20×30 කාඩ්බෝඩ් පෙට්ටිය.
           ( kg1 බිස්කට් පෙට්ටියක්.)
*මලලසේකර ශබ්දකෝශය ප්‍රමාණයේ ලොකු පොතක්.

ගෝලාකාර............
*පාපන්දුව තරම් බෝලයක්.(හුළං පුරවන බීච් බෝලයක් සෑහේ.)
*මැටි සෙම්බුවක්./කුඩා මැටිකලයක්.
*ටෙනිස් බෝලයක්.

සිලින්ඩරාකාර...........
*රවුම් වීදුරු   750ml බෝතලයක්
375ml රවුම් බාගේ බෝතලයක්.
*රෝල්කර මැදින් පටියකින් ගැට ගසන ලද A4 කඩදාසියක්.

ශාක............
*කොළ පහක් සහිත ක්‍රෝටන් අත්තක්.
*ඇනතූරිම් කොළ දෙකක් සහ මල.
*මල් සහිත අරලිය අත්ත.
*කහ ඉද්ද (රුක්අත්තන) මලක්  සහිත අතු කැබැල්ලක්.

පලතුරු..............
*ගස්ලබු ගෙඩියක්.
*පැණිකොමඩු ගෙඩියක්.
*කහ දොඩම් ගෙඩියක්.
*ඇපල් ගෙඩියක්.

වෙනත් ගෙඩි..........

*ලෙල්ලසහිත පොල් ගෙඩියක්.
*ලෙල්ලරහිත පොල් ගෙඩියක්.
*තැඹිලි ගෙඩියක්.

රෙදි ...........
කාඩ්බෝඩ් පෙට්ටිය මත දැමූ
චීත්ත/ඉරිඉරි/කොටු රෙදි කෑල්ලක්.

මෙවා හැකිතරම් අඳිමින්,වර්ණකරමින්
අභ්‍යාස කරන්න.
ත්‍රිමාන ලක්ෂණ
අඳුර හා ආලෝකය
පරියාවලොකය වැනි ශිල්ප ධර්ම පිළිබඳව පූර්ණ අවධානය යොදවන්න.

No comments:

Post a Comment