Ajith w. Perera /Ruveena Amarasinghe.
පුබුදු යුගයේ (Renaissance Period ) සිතුවම්...
* ක්‍රි.ව.15/16 සියවස් වලදී යුරෝපයේ සියළුම අංශවල ඇතිවන වර්ධනය හෙවත් පුනර්ජීවනය චිත්‍ර කලාවටත් බලපවත්වනු ලබයි.
*මේ ප්‍රවනතාවයන් සමග ඉතාලියෙන් බිහිවන මහා චිත්‍ර ශිල්පීන් තිදෙනාගේ සිතුවම් නවතම ආරකට ජනගත වේ.
* ස්වාභාවික වාදය මෙන්ම ඒහා බැඳුණු ත්‍රිමාණ බව,කියාරස්කුරෝ (Chiaroscuro )වර්ණ කිරීමේ සිද්ධාන්තය ඔවුන්ගේ සුවිශේෂී නිර්මාණ කරණයට වැදගත් සාධකයි.
* ඔවුන් තිදෙනා නම්.....
ලියනාඩෝ ඩාවින්චි
මයිකල් ඇන්ජිලෝ
රෆායෙල් සැන්සියෝ (සැන්ටි )
ලියනාඩෝ ඩාවින්චි......
*1452 වින්සි නුවර උපතලබා චිත්‍ර කලාව වෙරෝකියෝ නම් ශිල්පීයා යටතේ හදාරනු ලැබීය.
*චිත්‍ර වලට අමතරව විවිධ විෂයන් කෙරෙහි දක්ෂතා දැක්වීය..ගණිතය,විද්‍යාව,ඉංජිනේරු ශිල්පය,සංගීතය,ගෘහනිර්මාණ ශිල්පයහා සැලසුම් ශිල්පය ඒ අතර විශේෂ වේ.
*ඔහුගේ නිර්මාණ සඳහා ග්‍රීක රෝම කලා අාභාෂය මෙන්ම විද්‍යාත්මක නව සෞන්දර්යය ප්‍රවෙශය පදනම් වී ඇත.
ඔහුගේ සිතුවම් අතර,
1- පර්වත මස්තකයේ දේව මෑණියන්.
2 - අවසන් භෝජන සංග්‍රහය .
3 - මොනාලිසා.
පර්වත මස්තකයේ දේවමෑණියෝ (Vergin of the rocks).
*ප්‍රංශයේ ලූවර් කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති මෙය ක්‍රිව 1483 - 1500 කාලය තුළ නිර්මාණය කරන ලද්දකි.
*තේමාව :- මරියතුමිය අසලින් ජේසු බිළිඳා සහ ශාන්ත ජොන් ද සුරදූතියක් ද සිටී.
*මාධ්‍ය :- කැන්වසය මත තෙල්සායමින් ත්‍රිකෝණාකාර ආකෘතියක නිර්මාණය කර ඇත.
*හැඟීම් ප්‍රකාශනය:- දේවමෑණියන්ගේ කරුණාබරිත මුහුණද දරුවන් ගේ මොළකැටි බවද දක්වයි.
*ශිල්ප ධර්ම:- අඳුර තුළින් ආලෝකය වඩාත් තීව්‍ර ලෙස මතුකර දැක්වීම.
*පසුබිම දක්වා විවිධ හැඩැති ගල් කුළු හා පැළෑටි දක්වා ඇති අතර, පර්යාවලෝකය මනාව දක්වයි.
*මේ වර්ණ ගැන්වීමේ සිද්ධාන්තය කියාරෝස්කුරෝ(Chiaroscuro )ලෙස හඳුන්වයි.දුඹුරු වර්ණයේ විවිධ ප්‍රභේද සහිත අඳුරු වර්ණ මාලාවක අඳුර තුලින් මරියතුමිය ගේ හා දරුවන් ගේ මුහුණු ආලෝකමත්ව මතුකර ඇත.
අවසන් භෝජන සංග්‍රහය.( The Last Supper ).
*ස්ථානය :- ඩාවින්චි විසින් මිලානයේ ලුඩෝවිකෝ ඉල්මෝරෝ ආදිපාදවරයාගේ යටතේ සේවය කරද්දී
ශාන්ත මරියා ඩෙලාග්‍රේසි ඩොමිනිකානු තාපසාරාමයේ භෝජනාගාරයේ බිත්තියක මෙම සිතුවම ඇඳ ඇත.
*ශිල්පක්‍රමය :- ටෙම්පරා ක්‍රමයට තෙල්සායමින් කර ඇත.
*වර්ණ :- දුඹුරු .රතු සහිත අඳුරු වර්ණමාලාවක් යොදා ඇත.
*හැඟීම් ප්‍රකාශනය:- ජුදාස් නම් පාවාදෙන්නාගේ මුහුණේ හැඟීම් මනාව මතු කර ඇත.
*ශිල්පක්‍රමය:- කියාරෝස්කුරෝ වර්ණ කිරීමේ ශිල්ප ක්‍රමය අනුව අඳුරු පසුබිමේ සිට ක්‍රමයෙන් ආලෝකමත් වෙමින් ජේසු තුමන් වඩාත්ම ආලෝකමත්ව දක්වා සෙසු රූප අඳුරු වර්ණ මාලාවකින් දක්වයි.
මොනාලිසා.....
*ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
*පොප්ලර් නැමති ලීයක තෙල්සායමින් කර ඇත.
*ෆැන්සිස්කෝ ජියෝකොන්ඩා නැමති වෙළෙඳ ව්‍යාපාරිකයාගේ බිරිඳ ලීසා ගේ උඩුකය රුව (Portrait) බවට මතයකි.
*පසුබිම සඳහා විෂමාකාර භූ දර්ශනයක් සහිත භූමියකි.
*මුහුණට සහ පපු පෙදෙසට මෙන්ම දෑත්වලට ආලෝකයක් දෙමින් ත්‍රිකෝණාකාර සම්බන්ධයක් යෙදීම මෙන්ම මඳ සිනහාව හා බැල්ම සිතුවමට
ආකර්ශනීයක් දෙයි.
මයිකල් ආන්ජිලෝ (මයිකල් ඇනජිලෝ බොනාරොටි - 1475).
*ක්‍රිව 1475 දී ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ කාසල් කැප්රීස් හී උපත ලැබීය.
*චිත්‍ර හා මූර්ති ,කැටයම් පිළිබඳව උපන් හපනෙකි.
මූර්ති..........
*පියෙටා
*ඩේවිඩ්
*මෝසෙස්
*කැරලිකාර වහලා
*බැඳදැමූ වහලා
*මියයන වහලා
*බෘාගස්හී මරියතුමිය
*ii වැනි ජුලියස් පාප්තුමා ගේ *සොහොන් ගෙය
සිතුවම්.........
* සිස්ටයින් දෙව්මැදුරේ චිත්‍ර
*ශුද්ධ වූ පවුල
පියෙටා (Pieta ).........
මාධ්‍ය:- කිරිගරුඬ නෙළු පූර්ණ උන්නත මූර්තියකි.
තේමාව :- කුරුසියෙන් බාන ලද ජේසු තුමන්ගේ අප්‍රාණික සිරුර මරියතුමිය විසින් උකුලෙහි හොවාගෙන සිටින අයුර.
ස්ථානය :- රෝමයේ ශාන්ත පීතර දෙව්මැදුරේ ප්‍රදර්ශනයට තබා ඇත.
ශිල්පීය දක්ෂතා :- අප්‍රාණි ශරීර ස්වාභාවය මෙන්ම සළුපිළි වල නැමීම් හා රිද්මයානුකූලව හා සජීවී බව කිරිගරුඬින් නෙලා තිබීම.
භාව ප්‍රකාශනය:- දිව්‍යමය බව දැක්වීම සඳහා මව සහ පුතු සමවයස් ලෙස දැක්වීම.
මානුෂිකත්වය පිළිබඳ අනුවේදනීය ස්වාභාවය ඉස්මතු කර පෙන්වයි.
ඩේවිඩ් (David )......
හැඟීම් ප්‍රකාශනය:- ශක්තිය,නිර්භීතභාවය,මානව දයාව හා තාරුණ්‍යය මින් මැනවින් නිර්මිතය.
මාධ්‍ය :- කිරිගරුඬ,
පූර්ණ උන්නත නග්න පුරුෂ රුවකි, උස අඩි 14යි අඟල්03 කි.
සම්ප්‍රදාය:- ග්‍රීක /රෝම.
භාව ප්‍රකාශනය :-
මානව දේහයේ සුන්දරත්වය,කඩවසම් බව රිද්මය හා සජීවී බව තාත්වික බව.
ආදම් මැවීම......
*රෝමයේ සිස්ටයින් දෙව්මැදුර
*වියන්තල සිතුවම් අතර සුවිශේෂී නිර්මාණයකි.
*දෙවියන් සමාන්‍ය මිනිස් ස්වාභාවයෙන් නිරූපණය කර තිබීම.
*ඔහුගේ මූර්තිවල දැකිය හැකි ජව හා ශක්තිසම්පන්න බව මෙහි දැකිය හැකිය.
අන්තිම විනිශ්චය ( The Last Judgment ).
ස්ථානය:- සිස්ටයින් දෙව්මැදුරේ අල්තාරය පිටුපස බිත්තියේ.
ශෛලිය :-ඔහුටම ආවේණික ස්වාභාවික හා තාත්වික ශෛලියකින් සංරචනය කර ඇත.
ශිල්පක්‍රමය:-ප්‍රෙස්කෝ බුවනෝ.
විශේෂ ලක්ෂණ :- ලොව විශාලතම ප්‍රෙස්කෝ සිතුවම මෙයයි.අඩි 48×44
ප්‍රධාන කොටස් තුනකට බෙදා ස්වර්ගය,මනුලොව හා පරලොව දක්වා ඇත.
මිනිස් රූපවල කායික හා ක්‍රියාකාරී ලක්ෂණ සමග හැඟීම් ප්‍රකාශනය මැනවින් දත්වයි.
රෆායල් සන්සියෝ ( Raphale Sanzio)1483.....
*ක්‍රිව 1483 ඌර්බිනෝ නගරයේ උපත ලැබීය .
*ඔහුගේ බෙහෝ සිතුවම් අතර මහත් ප්‍රසිද්ධියක් ලැබූ සිතුවම් කිහිපයකි,
ඇතන්ස් ගුරුකුලය
තණපිටියේ සිටින මැඩෝනා
මැඩෝනා ඩෙලා සේදියා
දැකිය හැකිය.
ඇතන්ස්ගුරුකුලය
(School of Athens)........
ස්ථානය:- රෝමයේ ස්ටැන්සා ඩෙලා සිගන්චුරා (Stanza Della Segnatura)
ගොඩනැගිල්ලේ බිත්තියක.
ශිල්පක්‍රමය :-ප්‍රෙස්කෝ බුවනෝ
කුසලතා:- වාස්තුවිද්‍යාත්මක අවකාශය මත රූප සම්පිණ්ඩනය කිරීම සහ ප්‍රතිභාව .
වස්තුවිෂය.:- ඇරිස්ටොටල් හා ප්ලේටෝ යන දාර්ශනිකයන් මැදිකරගත් එදා තෙක් විසූ දාර්ශනිකයන්,විද්‍යඥයන් ඇතුළු මහා පුරුෂයින් පනහක් පමණ සිතුවම් කර ඇත.( රෆායල් ගේ මුහුණ ද මෙම සිතුවමේ ඇත .)
වර්ණ :- දුඹුරු වර්ණයේ/අඳුරු කහ වර්ණයේ විවිධ ප්‍රභේද, රඹ හා සුදු වර්ණයන් භාවිතාකර ඇත.
තණපිටියේ සිටින මැඩෝනා (Madonna of the Meadows ).......
*පර්යාවලෝකය සහිත භූමිදර්ශනයක
ගස් කොළ මල් සහිත පිටිසර ගැමි පසුබිමක සාමාන්‍ය ගැහැණියක් ලෙස නිරූපණය කර ඇත
*ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
මැඩෝනා ඩෙලා සේදියා ( Madonna Della Sedia).........
*වෘත්තාකාර ආකෘතියක් තුල අැඳ අැති මෙම සිතුවමින් මරියතුමියට තුරුළු වී සිටින ළදරු ජේසුතුමන් හා ඒ දෙස බලාසිටින ළදරු ශාන්ත ජෝන් බැප්ටිස් නිරූපිතය.
*රූප ත්‍රිත්වය සමීප දර්ශනයක් ලෙස එක තලයක් තුල සංරචනය කර ඇත
*මානව දේහයේ සුන්දරත්වය මෙන්ම වස්ත්‍රවල විස්තරාත්මක ලක්ෂණ මැනවින් නිරූපිතය.
*අඳුරු පසුබිමක් භාවිතා කර ඇත.
No comments:
Post a Comment