Ajith w. Perera /
Ruveena Amarasinghe -
CP/Wath/Arangala K.V.
හින්දු ලෝකඩ ප්‍රතිමා.
පොළොන්නරුවෙන් හමුවූ ලෝකඩ ප්‍රතිමා අතරින්,
නටරාජා ප්‍රතිමාව
පාර්වති ප්‍රතිමාව
ගණදෙවි ප්‍රතිමාව
කාරයික්කාර් අම්මයියාර් ප්‍රතිමාව
සුන්දර මූර්තිස්වාමි ප්‍රතිමාව පෙන්වාදිය හැක.
නටරාජා ප්‍රතිමාව.
*මෙය 12වැනි සියවසට අයත් නිර්මාණයකි.
*ශිව හෙවත් ඊශ්වර දෙවියන්ගේ තාණ්ඩව නර්තන විලාසය පෙන්නුම් කරයි.
*අංක 1 ශිව දේවාලයෙන් හමුවී තිබේ.
*ලෝකඩ මාධ්‍ය වන අතර, ලෝහ වාත්තු කිරීමේ ඉපැරැණි ශිල්පක්‍රමයට වටිනා උදාහරණයකි.
*මෙය පූර්ණ උන්නත මූර්තියකි.
*සමබරතාව පිළිබඳව මූර්ති සිද්ධාන්ත භාවිතාකර ඇත.
* අත් හතරකි
දකුණු ඉහළ හස්තය - උඩැක්කිය
(ඩමරුව) - ලොවේ කම්පනය හෙවත් රිද්මය.
පහළ හස්තය - අභය මුද්‍රාව ( නිදහස/ජිවිත දානය දීම)
ඉහළ වම් හස්තය - ගිණිසිළුව( විනාශය)
පහළ වම් හස්තය - පොළවට දිගු කර ඇති ගජහස්ත/දණ්ඩ හස්ත මුද්‍රාව ( දඬුවම)
* වම් පය ඔසවා රංගනයේ යෙදෙන අතර දකුණු පයින් වාමනයෙකු ( අවිද්‍යාව සංකේතවත් වේ.) පාගාගෙන සිටී.
* විහිදෙන කෙස්රොද වලින් ගංගානම් ගඟ නිරූපිතය.
* හාත්පසින්ම ගිනිගත් චක්‍රයක පද්මාසනයක් මත පිහිටුවා ඇති අතර වේගවත් නර්තන විලාසයක් පෙන්නුම් කරයි.
*මෙම රූපයේ දකුණු පස පුරුෂ
( තාණ්ඩව) ලක්ෂණ ද, වම් පස ස්ත්‍රී (ලාස්‍යය)ලක්ෂණ දක්වා තිබීම විශේෂයකි.
පාර්වතී ප්‍රතිමාව.
* ශිවගේ පතිනිය දැකවෙන මෙම ප්‍රතිමාව ශිවකාම සුන්දරී /ශිව ශක්ති ලෙසද ප්‍රසිද්ධියක් උසුලයි.
* අංක 5 දරණශිව දේවාලයෙන් හමුවී ඇත.මෙය 12වැනි සියවසට අයත් නිර්මාණයකි
* දකුණ'තින් කටක හස්ත මුද්‍රාවද වම'ත පහතට හෙලා ඉන් ලෝල හස්ත මුද්‍රාව ද දක්වා ඇත.
* අලංකාර ආභරණ, හිසපලඳනාව, ඇඟටම ඇළුණු වස්ත්‍ර, ත්‍රිභංග ඉරියව්ව ස්ත්‍රී ලාලිත්‍යය මනාව ඉස්මතු කරයි.
* ලෝකඩ මාධ්‍ය භාවිතයෙන් ලෝහවාත්තු කිරීමේ ශිල්පක්‍රමයට නිමවූවකි.
*දැනට පොළොන්නරු කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
ගණදෙවි ප්‍රතිමාව.
*අංක 5 දරණ ශිව දේවාලයෙන් හමුවී ඇත.
*ක්‍රි.ව.12 වැනිි සියවස.
* ඇත් හිසක්, විශාල උදරයක් සහිත ඥානයට අධිපති සහ බාධක ඉවත්කරන්නා ලෙස ජනසම්මානයට පාත්‍ර වූ ගණදෙවියන් ශිව හා පාර්වතිය ගේ වැඩිමහල් පුතා ලෙස සැලකේ.
* අත්සතරකි,
ඉදිරිපස දකුණ'තින් - බිඳුනු දළය.
පිටුපස දකුණ'තින් - කෙටේරිය.
ඉදිරිපස වම'තින් - අඹ ගෙඩියක්.
පිටුපස වම'තින් - අක්ෂර මලාවක් ද දරා සිටියි.
* පද්මාසනයක් මත රාජලීලාසනය (ආසනයෙන්) සිටී.
* ලෝකඩ මාධ්‍ය හා ලෝහවාත්තු ශිල්පක්‍රමයට නිර්මාණය කර ඇත.
* පොළොන්නරු කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
කාරයික්කාල් අම්මයියාර්
* මෙය 12වැනි සියවසට අයත් නිර්මාණයකි.
*අංක 5ශිවදේවාලයෙන් හමුවී ඇත.
* ශිව දෙවියන් කෙරෙහි ඇති අචල භක්තිය නිසා සිය නාරි දේහ සෞන්දර්යය අහෝසි කර කෘෂ අශෝභන රූපයක් දෙවියන් ගෙන් ලබා ගත් තැනැත්තියකි.
*සිය විකෘති ශරීරයෙන් යුතුව තාලම්පොට වයන අයුරින් ලෝකඩ මාධ්‍ය හා ලෝහ වලින් වාත්තු කර ඇත.
සුන්දරමූර්තිස්වාමි ප්‍රතිමාව
* ලෝකඩ වාත්තු මූර්තියක් වන 11වැනි සියවසට අයත්ය.
*අංක 5 දරණ ශිව දෙවාලයෙන් හමුවී ඇත.
* මෙයින් සුන්දර් මූර්තිස්වාමි නැමති ශිව භක්තිකයා නිරූපණය වේ.
* සුන්දර් මූර්ති ස්වාමි යනු ශිවාගමෙි දැක්වෙන 63 ගෙන් යුතු එක් හින්දු ශාන්තුවරයෙකි.
* ඔහු "තේවාරම්" නැමති
හින්දු ස්තෝත්‍ර ලියා දේවාලයෙන් දේවාලයට යමින් ඒවා ගායනාකරන කෙනෙකි.
* තාරුණ්‍යය කඩවසම් බවින් යුතු මෙම ප්‍රතිමා වා මංගල අැඳුමකින් සරසා ඇති අතර කටක හස්ත මුද්‍රාව දෑතින් දක්වා ඇත.
* භද්‍ර පිඨයක් මත පිහිටුවා ඇත.
*දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති මෙය දැඩි ශිව දේව භක්තිකයකු ලෙස නිරූපිතය. තිභංග ප්‍රතිමාවකි.
No comments:
Post a Comment