Thursday, May 14, 2020

11 වැනි ශ්‍රේණිය - චිත්‍ර - පොළොන්නරු ගෘහ නිර්මාණ..........

Ajith w. Perera /Ruveena Amarasinghe.

පොළොන්නරු ගෘහ නිර්මාණ.

නිශ්ශංක ලතා මණ්ඩපය.

*ක්‍රි.ව.12වැනි සියවස( ක්‍රි.ව.1187- 1196)කාලයට අයත්වේ.නිශ්ශංකමල්ල රජු විසින් ඉදිකරවන ලදී.
* ගල් ගරාදි වැටකින්වටකර ආයත චතුරස්‍රාකාර හැඩයකට ගොඩනගා ඇති මෙහි නෙළුම් දණ්ඩාකාර හැඩති ගල් කණු අටකින් යුක්ත වේ.

* මෙම මණ්ඩපය මධ්‍යයේ  බුබ්බුලාකාර කුඩා දගැබකි.
*දළදා වන්දනාවට හා පිරිත් ශ්‍රවනය
සඳහා රජ තුමා මෙම ස්ථානය යොදාගෙන තිබේ.
*නෙළුම් දණ්ඩෙහි රිද්මය අනුව යමින් නිමවාඇති මෙම කුළුණු මුදුනේ අඩක් පිපුණු නෙළුමක ස්වරූපය නිරූපණය කරඇත.මේ එක් කණුවක උස අඩි7 කි.

පොළොන්නරුව වටදාගෙය

*දළඳා මළුවේ පිහිටි ගල්පොත සෙල්ලිපියට අනුව නිශ්ශංකමල්ල ගේ නිර්මාණයක් වුවද එය 1වැනි පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයක් බවටද මතයක් ඇත.

*දේශගුණික හා කාලගුණික සාධක වලින් කුඩා දාගැබ් ආරක්ෂා කිරීමට අතීතයේ දී ඒ වටා කළ ඉදිකිරීම් වටදාගෙය/චේතියඝර /ථූපඝර /වට්ටධාතුගෙය ආදි නම් වලින් හැඳින්වේ.

* පළමු  හා දෙවන යනුවෙන් සලපතල මළු දෙකකි. දෙවන මළුව මධ්‍යයේ කුඩා දාගැබකි, එහි සිව් දිශාවට මුහුණලා ධාන්‍ය මුද්‍රාවෙන් හිඳි පිළිම සතරකි.

*මෙම යුගයේ සුවිශේෂී බුදු පිළිම වන මේවායේ චීවරය අගටම ඇළුණු අකාරයට දක්වා රැළි රහිතව දක්වා ඇති අතරහිසකෙස් අක්බඹරු රහිතව දක්වා ඇත.

*පළමු සලපතල මළුවට පිව්සුම දොරටුවකි. දෙවන මළුවට දොරටු  සතරකි මේ සෑම දොරටුවක් ම සඳකඩ පහන් මුරගල් කොරවක්ගලින් අලංකාර කර ඇත.

* පොළොන්නරු යුගයේ කලාත්මකම සඳකඩ පහණ සහ නාරජ මුරගලදැකිය හැක්කේ මෙහි උතුරු දොරටුවේදීය.

ශිවදේවාලය අංක 01

*දකුණු ඉන්දීය වාස්තුවිද්‍යා ලක්ෂණ  අනුව 13 වැනි සියවසෙහි දී ගොඩනගා ඇත.

*හින්දු  ගෘහ නිර්මාණ ලක්ෂණ වන මණ්ඩපය,අන්තරාලය,ගර්භගෘහය ආදියෙන් සමන්විත වේ.

* කපා සකසාගත් කළුගල් පුරුද්දා බිත්ති සකසා එයින්ම ගල්බිත්තියේ බොරදම් හා විමාන ලක්ෂණ මතුකර තිබේ.කණු සඳහා නෙළුම් මල්හැඩ යොදාගෙන ඇත.

*ශිව දේව ඇදහීමට අයත් ලෝකඩ ප්‍රතිමා රාශියක් මෙයින් සොයාගෙන තිබේ.

ශිවදේවාලය - 02

* 10වැනි සියවසේ දී චෝලපාලන සමයේදී ඉදිකර ඇති මෙම දෙවොල පොළොන්නරු යුගයට අයත් පැරණි ම ශිවදේවාලය වේ.

*වානවන්-මාදේවී - ඊශ්වරම් - උදෙයියාර්( මාදේවී - ඊශ්වරම් /ඉසාරමුදියර්) නම් එකල සොළී අගරජු වූ මහාරාජරාජගේ  අග මෙහෙසිය සිහිවීමට සාදවා ඇත.

*හැඩැති පාදම මතගොඩනගා ඇති මෙහි පැන්නුම් කුළුණු යොදාපිටත බිත්ති අලංකාර කර මහල්තුනකින් යුත් වහල මත විමානයක් ද එය වසාසිටින අටපට්ටම් ශිඛරයකින් ද යුක්තය.

*අභ්‍යන්තරමණ්ඩපය,අන්තරාලය,ගර්භගෘහය දැකිය හැකි අතර ඒතුළ ශෛලමය ශිවලිංගයක්ද වේ.

*මෙහි කැනීම් වලදී නටරාජා පාර්වති ඇතුළු හින්දු ප්‍රතිමා රැසක් හමුවී තිබේ.

No comments:

Post a Comment