Ajith w. Perera /Ruveena Amarasinghe.
මහනුවර යුගයේ පහතරට ශෛලියේ විහාර බිතුසිතුවම්.
*ලංකාවේ බස්නාහිර හා දකුණු මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව මහනුවර පහතරට ශෛලිය බිතුසිතුවම් හමුවේ.
*බටහිරින් පැමිණි ආක්‍රමණයට නතුවීමෙන් සිතුවම් ශෛලිය වෙනස් වී යුරෝපා ලක්ෂණ සිතුවම් කලාවට එක්විය.
*පහතරට විහාර චිත්‍ර ශෛලියේ දැකිය හැකි පොදු ලක්ෂණ.
*අඛණ්ඩකථන කතන ක්‍රමය,පාර්ශව දර්ශී රූප,තීරු සංරචනය.
*රූප වටා ඇඳ තිබෙන ප්‍රශස්ත සියුම් රේඛාකරණය මෙන්ම පරිමාණ රීතීන් නොසැලකීම.
*පසුබිම සඳහා අලංකාර සැරසිලි භාවිතය සහ පර්යාවලෝකය පෙන්වීමට උත්සහ දැරීම.
*යුරෝපීය ලක්ෂණ සහිත වාස්තුවිද්‍යාත්මක අංග,ගෘහභාණ්ඩ, සංගීත භාණ්ඩ හා ඇඳුම් ආයිත්තම් සිතුවම් වලට අන්තර්ගත කර තබීම.
*වර්ණ ලෙස යොදාගන්නා ලද, කහ,නිල්,කොළ,රතු,අළු,කළු,සුදු වර්ණවල තද හා ලා පැහැය සමග මතුකරන ත්‍රිමාන ලක්ෂණ.
*පසුබිමට රක්ත වර්ණයට වඩාඅළු,කළු සහ තද නිල් භාවිතය.
කතළුව විහාර චිත්‍ර.
ස්ථානය :- දකුණු පලාතේ ගාල්ල නගරයටආසන්නව මෙම විහාරය පිහිටා ඇත.
*කාලය:- 19 වැනි සියවස අග භාගය,ක්‍රි.ව.1886
*ශිල්පීන් :- කඩොල්ගල්ලේ මහ සිත්තරා
පොඩ්ඩා සිත්තරා .
*වස්තු විෂය:- බෞද්ධ ජාතක කතා (වෙස්සන්තර,මහා සුතසෝම, තේමිය,චුල්ලපදුම )
*බුද්ධ සමකාලීන සිදුවීම් ( මහධන සිටුවරයාගේ කතාව.පටාචාරා කතාව, නන්දිය උපාසක කතාව)
*මීට අමතරව සූවිසි විවවරණ,අපාය දර්ශන, දිව්‍යලෝක හා වියන්තල සිතුවම්.
මහධන සිටුවරයාගේ කථාව සංගීතය හා විනෝද වීම.
තේමාව:- සිටු මැදුරේ පැවති නැටුම හා ගැයුම් සංදර්ශනයක්.
වර්ණ භාවිතය:- කහ,කළු,සුදු ,නිල්, රතු,කොළ සහ දුඹුරු වර්ණ සහ ඒවායේ ප්‍රභේද භාවිතය.
රූප වටා කළු බාහිර රේඛා යොදා ඇත.
විශේෂ ලක්ෂණ:-
*සම්පූර්ණ තලයම පාවිච්චි කිරීම.
*රේඛා හැඩතල යොදා සංකීර්ණ ලෙස අවකාශ භාවිතාව.
*ත්‍රිමාන ලක්ෂණ දැක්වීම සඳහා වර්ණ ප්‍රභේද භාවිතය.
*පසුබිම වර්ණ සඳහා කහ,කළු, දුඹුරු භාවිතා කර ඇත.
සුතසෝම ජාතකය - රජමැදුරේ කාන්තාවෝ.
තේමාව:- බ්‍රහ්මදත්ත රජමැදුරේ බිසව හා ඇයට පවන් සලන සේවිකාව.
වර්ණ භාවිතය:- කහ,කළු,සුදු,නිල් ,රතු ,කොළ සහ දුඹුරු සහ එම වර්ණ ප්‍රභේද
(මහධන සිටුවර සිතුවමේ විශේෂ ලක්ෂණ වලට සමානය)
කරගම්පිටිය විහාර චිත්‍ර .
*බස්නාහිර පළාතේ දෙහිවල නගරයටආසන්නව සුබෝධාරාමය හෙවත් කරගම්පිටිය විහාරය පිහිටා ඇත .
*මෙහි ඉතිහාසය පළමු පරාක්‍රමබාහු රජ සමයට දිවෙන අතර,මහනුවර යුගයේ රාජාධිරාජසිංහ රාජසමයටද නෑකම් කියයි.
*සිතුවම් අයත්වනුයේ 19 වැනි සියවසෙහි අගභාගයටයි.1807
*ජාතක කතා,බුද්ධ කාලීන සිදුවීම්,බුද්ධ චරිතය,අපාය සහ සදෙව් ලොව වස්තු විෂය වී ඇත.
*කරගම්පිටිය සිතුවම් වල පොදු ලක්ෂණ:-
*ස්වාභාවික වස්තු සඳහා ත්‍රිමාන ලක්ෂණ සහිතව වර්ණ භාවිතය.
*වළාකුළු හා ජලය සඳහා "Indigo blue
භාවිතය.නිල් වර්ණය සමග සුදු හා කළු මිශ්‍රකර යෙදීම.
*තදරතු,තදකොළ,සමග කළු හෝ දුඹුරු වර්ණ භාවිතය.
*අධික සැරසිලි බව හා විස්තරාත්මක බව.
පෙළඹවීම (මාර දුවරු)
සිදුහත් උපත
මෙහි ඉහත ලක්ෂණ අනුව සිතුවම් කර ඇත.
No comments:
Post a Comment