Ajith w. Perera - St,Sylvester's College.
Ruveena Amarasinghe -
CP/Wath /Arangala K.V.
ගුප්ත යුගයට අයත් කලා කෘති.
සාරානාත් බුදු පිළිමය.
යුගය:- ගුප්ත යුගය.
මාධ්‍ය:- චුනාර් නම් ගල් විශේෂය.
තේමාව:- බරණැස ඉසිපතන මිගදායේ දී බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව
සිදුකළ මොහොත.
හමුවූ ස්ථානය:- ඉන්දියාවේ සාරානාත් ප්‍රදේශයෙන්.
ආසන ක්‍රමය :- පද්මාසනය
මුද්‍රාව :- ධම්ම චක්ක මුද්‍රාව.
විශේෂ ලක්ෂණ :-
*බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ආසනය මැද ධර්මචක්‍ර ලාංඡනයද, දෙපස මුවන් දෙදෙනකු හා මානව රූප සම්පිණ්ඩනය මගින් දම්සක් සුතුර දෙසන මොහොත බව අවස්ථාව.
*පිළිමය පිටුපස රැස් වළල්ල වෙනුවට ලියවැල් බිංදු රටා මෝස්තරයක් සහිත ප්‍රභා මණ්ඩලයකි.ඒ දෙපස දේවතා රූප දෙකකි.
*ප්‍රභා මණ්ඩලයට පහතින් පිළිමය දෙපස මකර හා අශ්ව රූප සම්බන්ධ අලංකාර කැටයමකි.
*උෂ්ණීෂය,අක්බඹරුවන් හිසකෙස් , අඩවන් දෙනෙත්,ලඹ සවන් හා මුහුණෙන් උපශාන්ත බව හා මහා කරුණාව සහිත මහා පුරුෂ ලක්ෂණ පෙන්වයි.
*දෙවුර වසාසිටින සිවුර, ඇඟටම ඇළුණු ආකාරයෙන් පෙන්වන අතර, සියුම් රේඛා කිහිපයකින් චීවරය ඉස්මතු කර දක්වයි.
සාරානාත් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
අජන්තා චිත්‍ර
වයඹදිග ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වඝෝරා ගඟට මායිම්ව අශ්ව ලාඩමක හැඩයගත් උස් පර්වතයක අජන්තා ලෙන් පන්තිය පිහිටා ඇත.
අජන්තා හී ලෙන් 29 කි. ක්‍රි .පූ.2 වැනි සියවසේ සිට ක්‍රි.ව. 7 වැනි සියවස දක්වා වරින්වර නිර්මාණය කර ඇත.
ලෙන් වර්ග දෙකකි.
1 - චෛත්‍ය ශාලා
2 - ආවාස ශාලා
*අජන්තා චිත්‍ර වලට වස්තු විෂය වී ඇත්තේ බුද්ධ චරිතය,ජාතක කතා හා ඓතිහාසික සිද්ධිය.
*අජන්තා චිත්‍ර ප්‍රස්කෝ සිකෝ(වියළි බදාම මත සිතුවම් කරණය) ශිල්ප ක්‍රමයටයි.
* චිත්‍ර ඇඳීම සඳහා ලෙන් බිත්ති සකසා ගෙන ඇත්තේ මැටි,ගොම,දහයියා,පිදුරු,
ඝන සත්ත්ව ලෝම සහ මැලියම් එකට අඹරා සාදාගත් බදාමයක් ආලේප කිරීමෙනි.පසුව ඒමත මකුළු මැටි දියකර ආලේප කොට වියළුණු පසුවය.
අජන්තා චිත්‍ර වල දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ.
*අවස්ථාවෝචිත ලෙස හැඟීම් ප්‍රකාශය හා සිද්ධිය අනුරූප වන ලෙස නාට්‍යමය අයුරින් අවස්ථා නිරූපණය.
*මිනිස් හා සත්ත්ව රූ නිර්මාණයේදී දක්වා ඇති සජීවී බව.
*අඛණ්ඩකථන ක්‍රමයට අනුව මුල,මැද,අග සහිතව කථාව දක්වා තිබීම.
*නිර්මාණශීලී රටා මෝස්තර වලින් අලංකාර කිරීම.
*ගුරු වර්ණයෙන් මූලික රේඛා ඇඳ වර්ණ ගැන්වීම.
*වර්ණ කිරීම සඳහා රතු,කහ,නිල්,කළු හා කොළ වර්ණ භාවිතය .
*තේමාව ත්‍රීව්ර කිරීම සඳහා අඳුරු සහ දීප්තිමත් වර්ණ භාවිතය.
පද්මපානී බෝසත් රුව.
*මෙම සිතුවම අංක 01 ලෙනෙහි නිර්මාණය කර තිබේ.
*සෙසු රූපවල ප්‍රමාණයට වඩා විශාලව දක්වා ඇති බෝධිසත්ව රුව තිභංග හැඩයෙන් යුක්තය.
*මද සිනා සපිරි මුහුණෙන් ගැඹුරු හැඟීම් ප්‍රකාශනයෙන්යුතු ,ආධ්‍යාත්මික ගුණයෙන් පිරිපුන්,තාරුණ්‍ය විදහා පෙන්වන නිර්මාණයකි.
* දකුණ'තින් නිල් මහනෙල් මලක් දරා සිටින අතර අලංකාර වස්ත්‍රාභරණ වලින් සැරසී සිටී.ආභරණ අතර කුණ්ඩලාභරණ,අත් වළලු හා සියුම් කැටයමින් යුත් උස් ඔටුන්නක් දැකිය හැකිය.
*වර්ණ ගැන්වීමේදී පද්මපානී බෝසත් රුව දීප්තිමත් කහපාටකින් මතුකර සෙසු චරිත හා හැඩ අඳුරු වර්ණ සහිත පසුබිමකින් මතුකර ඇත.
*ගුප්ත කලා ලක්ෂණ පෙන්වයි.
බුදුරජාණනවහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කිරීම.
*මෙම සිතුවම අජන්තා අංක 17 ගුහාවේ දක්නට ලැබේ.
*නෙළුම් මලක් මත වැඩ සිටින බුදුරජාණන්වහන්සේ ගේ හිසට ඉහළින් ඡත්‍රයක් දරා සිටින දේවතා රුවකි.
*යශෝධරා දේවිය රාහුල පුතුට සිය පියා පෙන්වන ආකාරය දැක්වේ.
*බුදුරජාණන්වහන්සේගේ රූපය විශාලව සහ සෙසු රූප කුඩාවට දක්වා ඇත්තේ බුදුරජාණන්වහන්සේ ගේ උත්තරීතර බව දැක්වීමටය.
*පර්යාවලෝක ලක්ෂණ දැක්වීමට උත්සහ දරා ඇත.
*ගුප්ත කලා ලක්ෂණ පෙන්වයි.
No comments:
Post a Comment