Ajith w. Perera - St,Sylvester's College.
Ruveena Amarasinghe - CP/Wath/Arangala K.V.
සාංචි ස්ථූපය...
*අශෝක අධිරාජයා විසින් ඉදිකරවන ලදී.
*සාංචි ස්ථූපයට අමතරව තවත් ස්ථූප දෙකකි.ඉන් සාංචි ස්ථූපය ප්‍රධාන වේ.
*අඩි 120 විශ්කම්භයකින් හා උස අඩි 54කි.
*බුබ්බුලාකාර හැඩතිය.පොළව මට්ටමින් අඩි16ට උසින් දාගැබ වට ප්‍රදක්ෂිණා පථයකි. මෙය මේධිය යනුවෙන් හඳුන්වයි මෙය වටා ගල් ගරාදි වැටකි.එයට නැගීම සඳහා සෝපාන (පඩිපෙල්)දෙකකි.
*මේධිය මත ගර්භයද එය මුදුනේ ශෛලමය හතරැස් ගල්ගරාදි වැටකි.එය හර්මිකාව ලෙස හඳුන්වයි.
*එය හරිමැද අටපට්ටම් ශෛලමය කුළුණකි.යෂ්ටිය හෙවත්යූපකණුව වේ
*මෙම යූපයේ මුදුනේ පැතළි වෘත්තාකාර ගල් පුවරු තුනකි.
පහළ සිට ඉහළට කුඩා වන සේ සවිකර අැත. මේවා ඡත්‍ර නමි.
සාංචි තොරණ
*තොරණ හී මුල්ම ආකෘතිය මෙයයි.
සාතවාහන යුගයටයි.
*මෙහි තොරණ හතරකි.ඒසියල්ලම සමාන ආකෘති වේ.
*දෙපස කුළුණු යුගලය යා වෙන පරිදි ඉහළින් ගල් පුවරු තුනකි.
*උඩලිපත් ලෙස හැඳින්වෙන මෙවා තල්පතක ස්වාභාවය ගනිමින් දෙකොන ඇතුලට එතුනු ලෙස කලාත්මකව දක්වා ඇත.
*මේ ගල්පුවරු සියල්ලම හා හතරැස් ගල කණු සාංචි ශිල්පියා කැටයමින් අලංකාර කර ඇත .
කුළුණු අග ඇත්,වාමන,සිංහරූප වලින් යුත් ශීර්ෂයකින් සමන්විත වේ.
*පළමු තිරස් ගල් පතුරට කුඤ්ඤයක්ලෙස
සම්බන්ධ සාලබංජිකා නම් යක්ෂණී රූප නෙලා තිබේ.
සාංචි කැටයම් වල දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ :-
සිරස් ගල්කණු මත පනේල ලෙසත් තිරස් ගල් පතුරු ( උඩෙලිපත්) මත අඛණ්ඩකථන ක්‍රමයටත් කැටයම් කිරීම.
සියුම් හා අලපෝන්නතව මතුකර තිබීම.
රූපයකට රූපයක් මුවාවන ලෙස රූප, තලයමත සංරචනය කිරීම
ඉතා කුඩා ඉඩක පවා මානව රූප,සත්ත්ව හා ශාක හැඩ අවකාශය පුරා සම්පිණ්ඩනය කිරීම.
මානව රූ ශෛලිගත වත් සත්ත්ව රූප ස්වාභාවික වත් දැක්වීම.
ඉරියව්,, ගතිලක්ෂණ හා චලනයන් තාත්වික ව නිරූපනය කර දැක්වීම.
බුදුරජාණන් වහන්සේ සහ සිදුහත් කුමරා නිරූපණය කිරීමට බෝගස, ඡත්‍රය, ස්ථූපය,ධර්මචක්‍රය,සහ ශ්‍රීපාද ලාංඡනය වැනි සංකේත යොගෙන ඇත.
සාංචි තොරණ කැටයම් වල වස්තු විෂය.
1 - ජාතක කතා :- ඡද්දන්ත,මහා කපී
වෙස්සන්තර
ජාතකය.
2 - සිදුහත් චරිතයේ
සිද්ධි.:- අභිනිෂ්ක්‍රමණය.
කේශ ඡේදනය.
3 - බුද්ධ චරිතයේ
සිද්ධි:- බුදුවීම.සංකස්ස පුර
වැඩම කිරීම.
4 - ඓතිහාසික
සිද්ධි:- ධාතු කෝලහලය.
අශෝක රජු ශ්‍රී මහා
බෝධිය වැඳීම
No comments:
Post a Comment