Wednesday, August 12, 2020

7 වැනි ශ්‍රේණිය චිත්‍ර - කාටුන් නිර්මාණ.

Ajith  W. Perera /Ruveena Amarasinghe.

රූපවාහිනී කාටුන්

* සරල හා වියුක්ත හැඩ සහිතව නිර්මාණය කරන ලද රූප පරිගණක තාක්ෂණයෙන් සජීවීකරණයට පත්කිරීම කාටුන් ලෙස හඳුන්වයි.

*නිර්මාණවල විවිධ රසයන්(හාස්‍යය,විස්මය) මතුකිරීම සඳහා මන්දගාමී හා අධිවේගී චලන භාවිත කෙරේ.

*කාටුන් නිර්මාණවල විවිධ චිත්‍රමය ලක්ෂණ දැකීමට පුළුවන.

*මෙහිදී ළමා මනසට ගැලපෙන ආකර්ශනීය හැඩ හා වර්ණ යොදාගැනේ.

*අවට පරිසරය තුළ දක්නට ලැබෙන ස්වාභාවික හා නිර්මිත වස්තු කාටුන්  නිර්මාණවල දී සජීවී ලෙස ඉදිරිපත් කිරීම විශේෂ ලක්ෂණයකි.

*මෙම චරිත සියල්ලම හැගීම් ප්‍රකාශනයෙන් යුතුවේ.

*කතාව,දෙබස්,පසුබිම් සංගීතය හා ගීත,  කාටුන් නිර්මාණවල සාර්ථකත්වය සඳහා උපකාරීවෙයි.

*නමුත් විශිෂ්ඨ කාටුන් නිර්මාණ සේම ළමා මනසට නුසුදුසු නිර්මාණ බහුල  බැවින් වැඩිහිටි උපදෙස් මත කාටුන් තොරාගැනීම වැදගත් වේ.

*කාටුන් නිර්මාණ වල එන චරිත වර්ථමානය වනවිට ස්ටිකර් ලෙස සකසා වෙළඳපොලට එවීමත්,ළමුන් සඳහා භාවිත කරන විවිධ උපකරණ හා භාණ්ඩ අලංකරණය සඳහා යොදා ගැනීමත් දැකිය හැකිය.

No comments:

Post a Comment