Wednesday, August 12, 2020

7 වැනි ශ්‍රේණිය - චිත්‍ර - රූකඩ කලාව.

Ajith W. Perera /Ruveena Amarasinghe.

රූකඩ කලාව.

*රූකඩ කලාව අතීතයේ සිට පැවත එන අපේ සංස්කෘතික උරුමයක් සේම වර්ථමානයේ ඉතා ජනප්‍රිය ප්‍රාසාංගික කලාවකි.

*රූකඩයක් යනු සැහැල්ලු ද්‍රව්‍යයකින් සාදන ලද සත්ත්ව හෝ මානව අනුරුවක් යම් ක්‍රමයකින් ක්‍රියාත්මක කරවීමයි.

*මෙම ක්‍රියාත්මක කරවීමේ ස්වාභාවය හා භාවිතා කරන මාධ්‍ය අනුව රූකඩ වර්ග කිහිපයකට දැක්විය හැකිය.

¡. නූල් රූකඩ
¡¡.අත් රූකඩ
¡¡¡.සෙවනැලි රූකඩ
¡v. රිටි රූකඩ
v.ඇඟිලි රූකඩ

*රූපවාහිනී මාධ්‍ය තුළ අත් රූකඩ සහ රිටි රූකඩ ජනප්‍රිය වී ඇත.

*නූල් රූකඩ කලාව අතීතයේ සිට පැවත එන  ජන කලාවකි.චරිත සියල්ලම හැගීම් ප්‍රකාශනයෙන් ඉහළ මට්ටමේ පවතී

*ඓතිහාසික සිද්ධි මෙන්ම බෞද්ධ සාහිත්‍යයේ එන ජාතක කතා නාට්‍යානුසාරීව ඉදිරිපත් කරයි. ඒ අතර ඇහලේපොල කතාව, සිරිසඟබෝ , අජාසත්ත , කාලගෝල , පටාචාරා , අංගුලිමාල මෙන්ම වෙස්සන්තර ජාතකය වැනි කතාංග දැකිය හැකිය.

* වෙසක් පොසොන්  කාල මෙන්ම විහාරස්ථාන වල විවිධ ඉදිකිරීම සඳහා ආධාර සඳහද  රූකඩ සංදර්ශන සංවිධානය කරයි.

*පසුබිම් සංගීතය,දෙබස් කතනය,ගීත ගායනය.වේදිකා පසුතල නිර්මාණ, රූකඩ වල ඇඳුම් නිර්මාණය  සහ ආලෝකකරණය
මේ සියල්ලම රූකඩ ශිල්පීන් විසින්ම කරනු ලබයි.

*තිරය ඉහලට ඇකිළිය හැකි      කුඩා වේදිකාව ඇස්මට්ටමට ඉහළින් සකස් කරණු ලබයි.

*රූකඩ නිර්මාණ සඳහා බරින් අඩු කදුරු හා රුක් අත්තන  ලී උපයෝගී කරගනී.

*අත් පා හිස ආදිය චලනය කිරීම සඳහා බයිසිකල් වල ටියුබ් කැබලිසහ හැඩ ගැන්වීම සඳහා වර්ණවත් රෙදි කැබලි⁣,අත්මේස්,බොත්තම් ,පබළු, නූල් , මැලියම් සහ කම්බි ආදී විවිධ දේ භාවිත කරයි.

*අත් රූකඩ සරල ද්‍රව්‍ය භාවිතා වෙන් නිර්මාණය කරගත හැක.

*දකුණු පළාතේ අම්බලන්ගොඩ ප්‍රදේශය රූකඩ කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.

No comments:

Post a Comment