Ajith W.Perera /Ruveena Amarasinghe .
චතුර්නාරි පල්ලැක්කිය.
* දෝලාවක නොහොත් පල්ලැක්කියක ආකාරයට සම්පිණ්ඩනය කරන ලද කාන්තා රූප හතරක සම්පිණ්ඩනයකි.
* මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩහිටින මාළිගාවේ උඩුමහලේ
මෙම චතුර්නාරි පල්ලැක්කිය සිතුවම දැකිය හැකිය.
*ස්ත්‍රී රූප දෙකක් කකුල් පටලවා දෑත් දිගුකර සිටින අතර එම දෑත් දෙක දෝලාවක කඳ සේ ගෙන ස්ත්‍රීන් දෙදෙනෙකු ඔසවාගෙන යන ආකරයක් නිරූපිතය.
*දෝලාව ඇතුලත පියුමක් අතින් ගත් දෙව් කෙනෙකු හෝ බෝසත් කෙනෙකුගේ රූපයකි.
සප්ත නාරී පල්ලැක්කිය .
* කාන්තාවන් හත්දෙනෙකු ගේ රූප ,පල්ලැක්කියක ආකාරයට
සම්පිණ්ඩනය කර ඇත.
* ශ්‍රී දළදා මාළිගාවේ පිටමාලයෙහි මෙම සිතුවම දක්නට ඇත.
පංචනාරී ඝටය.
*කාන්තාවන් පස්දෙනෙකු ගේ රුව කළයක හැඩයට සම්පිණ්ඩනය කර නිර්මාණය කර ඇත.
* පාරම්පරික ඇත්දත් කැටයම් අතර බහුලව දක්නට ලැබෙන මෝස්තරයකි.
*මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර න්ට අනුව සශ්‍රීකත්වය මින් සංකේතවත් වේ.
* රිදීවිහාරයේ දොරට සවිකර තිබුණු ඇත්දත් කැටයම විශිෂ්ඨ නිර්මාණයකි.
* මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ සහ වෙනත් පුරාණ විහාරස්ථානවල දක්නට ලැබේ.
සප්ත නාරී රථය.
* රථයක ආකාරයට කාන්තාවන් හත්දෙනෙකු ගෙන් මෙම සැරසිල්ල නිර්මාණයකර ඇත.
* රථයේ රෝද දෙකටද කාන්තාවන් දෙදෙනෙකු දක්වා ඇති අතර මධ්‍යයේ පත්තිනි දේවියගේ රූපය රථයේ ගමන් කරන ආකාරයට දක්වා ඇත.
නවනාරී කුඤ්ජරය.
* කාන්තාවන් නම දෙනකුගෙන් ඇතෙකුගේ රුව සැරසිලි කරඇත.
* ශ්‍රී දළදා මාළිගාවේ පිටමාලයෙහි සිවිලිමේ මෙය සිතුවම්කර ඇත.
නාරීලතා මල.
* සාම්ප්‍රදායික මෝස්තර තුල නාරීලතා මල ලියවැලක් ලෙසද දක්වයි.
* කාන්තා උඩුකය පිපුණු මලක් ලෙස යොදාඇත.
* ඇම්බැක්ක දේවාලයේ ලී කැටයමක් ලෙස හා විහාර දේවාල රාශියක මෙම නාරිලතා මල දැකිය හැකිය.
* නාරිලතා මල් ශ්‍රී දළදා මාළිගාවේ එකිනෙකට වෙනස් වූ නිර්මාණ සම්පිණ්ඩනයක් ලෙස දක්නට ලැබීමද විශේෂත්වයකි.
No comments:
Post a Comment