Ajith w.perera /Ruveena Amarasinghe.
සොයිලියස් මැන්දිස් චිත්‍ර ශිල්පියා ගේ නිර්මාණ.
---------------------------------------------------
* 1897/ජූනි /17 දාන මහවැවදී උපතලද මෙතුමා ස්ව ශක්තියෙන් ම චිත්‍ර හැකියාව දියුණු කරගත්තෙකි.
* නව කැළණි විහාර සිතුවම් නිර්මාණය සමගින් ලෝක පූජිත විය.
*මේ සඳහා ඔහුට අජන්තා ,එල්ලෝරා,භාග් වැනි ඉන්දීය නිර්මාණ මෙන්ම සීගිරිය,තිවංක පිළිම ගෙයද හොඳින් අාභාෂය ලබාගත් ස්ථාන විය.
* කැළණියට අමතරව රණස්ගල්ල විහාරයගිරිඋල්ල මැද්දේපොළ,හබරාදූව කැළණි ගොඩ විහාරය සහ පොළොන්නරුව ශ්‍රී විජය විහාරය යන විහාරවලදීද ඔහු ගේ නිර්මාන දැකිය හැකිය.
එතුමාගේ චිත්‍රවල පොදු ලක්ෂණ:-
- ප්‍රාණපූර්ණ සියුම් රේඛාකරණය .
- රිද්මයානුකූල හා විස්තරාත්මක මානව රූප සම්පිණ්ඩනය.
- අඳුර තුළින් ආලෝකය වඩාත් තීව්‍ර කර දක්වන ,කියරොස්කුරෝ(Chiaroscuri) සිද්ධාන්තයට සමාන වර්ණ ගැන්වීමේ ලක්ෂණ පෙන්වීම.
- ටෙම්පරා ශිල්ප ක්‍රමය (වියළි බදාම මත සිතුවම්කරණය.
හේමමාලා කුමරිය හා දන්ත කුමරු ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවීම:-
කීර්ති ශ්‍රී මේඝවර්ණ රාජ සමයේ (ක්‍රි:ව:301-328) කළිඟු රට ගුහසීව රජු විසින් හේමමාලා සහ දන්ත කුමරු අත දළඳා වහන්සේ මෙරටට වැඩම කරවීම.
විශාල අවකාශයක් මත මානව රූප ලාලිත්‍යවත් ලෙස සම්පිණ්ඩනය කරතිබීම.
රිද්මයානුකූල ප්‍රාණපූර්ණ සියුම් රේඛාකරණය.
ස්වාභාවික පරිසරය විස්තරාත්මකව නිර්මාණය කර තිබීම.
සංගත වර්ණ මාලාවක් භාවිතා කරමින් ත්‍රිමාන ලක්ෂණ පෙන්වීම.
අඳුරු කහ, දුඹුරු, කළු,සුදු ආසී වර්ණ වල ප්‍රභේද මතුවන සේ වර්ණ කිරීම.
No comments:
Post a Comment