මුරගල.
Ajith w.perera /Ruveena Amarasinghe
Art Grade 9.
--------------------------------------------------
මුරගල.
* ප්‍රභූ මාළිගා සහ පූජනීය ස්ථාන වලට පිවිසෙන පියගැටපෙළ පාමුල සඳකඩ පහණ දෙපසින් ඇති සෘජුකෝණාස්‍රාකාර ගල් පුවරු මින් හැඳින්වේ.
* කොරවක් ගල පහතට රූටා ඒම වැලැක්වීමට මෙන්ම සඳකඩ පහණේ ආරක්ෂාවද මින් සැලසේ.
* කැටයම් රහිතව ඇරඹී පසුව විසිතුරු කැටයම් එක්වී ඇත.
* 1.කැටයම් රහිත මුරගල.
2.පුන්කලස සහිත.
3.බහිරව රූප සහිතව ,
4.නාග රුව සහිතව
( නයි පෙන පහ සහ හතක්
ලෙස).
5.නාරජු සහිතව.
* අනුරාධපුර යුගයේදී අලංකාර කැටයම් සහිතව උසස් කලා ලක්ෂණ සහිතව අභයගිරිය විහාරසංකීර්ණයට අයත් රත්න ප්‍රාසාදයේ මුරගල දැකිය හැකිය.
* විවිධ අවධිවල කළුගල්,ගඩොල්,බදාම වැනි මාධ්‍ය යොදාගනිමින් මුරගල නිර්මාණය කර ඇත.
අනුරාධපුර යුගය- රත්නප්‍රාසාදයේ මුරගල.
පොළොන්නරුව යුගය - වටදාගෙයි මුරගල.
මහනුවර යුගය - දළඳා මාළගෙයි මුරගල (නාරජ රුව වෙනුවට ඇතෙකු සහ ඇත්ගොව්වා දක්වා ඇත).
No comments:
Post a Comment