මැටි කර්මාන්තය.
* ලෝකයෙහි සෑම ශිෂ්ටාචාරයකම පාහේ ආරම්භයෙහි සිට මැටි කර්මාන්තය පැවතිබවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ඇත.
* ශ්‍රී ලාකේය ඉතිහාසයේ ද
ක්‍රිස්තු පූර්ව 600 පෙර කාලනිර්ණය කරන ලද මැටි බඳුන් හමුවී ඇත.
* ලංකාවේ මැටි භාණ්ඩ නිපදවීම සඳහා කෙයොලින් මැටි,රතු සහ කහපැහැති කිරිමැටි භාවිතා කර ඇති අතර
මින් කෙයොලින් මැට්ට ගුණාත්මක අතින් ඉහළ මට්ටමක පවතී.
* මැටි භාණ්ඩ නිපදවීම සඳහා මෙම කිරිමැටි කපා ගෙන විත් හොඳින් වේලා, අපද්‍රව්‍ය ඉවත්කර කුඩුකර ගනී.
* ඉන්පසු ජලය සමග මිශ්‍රකර හොඳින් පාගාගනී මෙහිදී විශාල මැටි ප්‍රමාණයක් නම් පයින් පාගනවා වෙනුවට මීහරකුන් යොදා මැටි පදම් කරගෙන ඇත.
නිමවන ලද භාණ්ඩ.
---------------------------------
ගේදොර භාවිතාවට:-
වළං,මුට්ටි,කළගෙඩි,ඇතිළි, නෑඹිලි, කොරහා, පිළිහැළි, කරමූඩි,අතල,කොතල.
ආගමික කටයුතු සඳහා:-
කොතල,බුම්මැඩිය,පූනාව, පහන්,කොත්,කොත්කැරලි, පාත්‍රා,හළඹ.
ගොඩනැගිලි ඉදිකිරීම සදහා:-
උළු,පෙතිඋළු, වඩිම්බු උළු,මුදුන් උළු,කොත්,පිහිළි, මැටිබට.
කර්මාන්ත සඳහා :-
ගිනි කබල,උදුන,කෝව.
භාණ්ඩ නිෂ්පාදන ක්‍රම :-
- අත් සකපෝරුව.
කුඩා වලං හා විශාල හැළි වලං
- පා සකපෝරුව යොදා ගැනීම.
මල් පෝච්චි,සල්ලි කැට,කුඩා
ප්‍රමාණයේ විසිතුරු භාණ්ඩ,ගුරුලේත්තු.
- මැටි දඟර/ වළලු, මැටි පුවරු භාවිතයෙන්.
විශාල ප්‍රමාණයේ විසිතුරු භාණ්ඩ.
- ඇඹීම සහ නෙලීම.
විවිධ නිර්මාණ,ප්‍රතිමා,කැටයම් නිර්මාණ,කොත්, කොත්කැරලි , උෟරා කැට ලිං
* මෙසේ නිපදවන මැටිභාණ්ඩ පුළුස්සා ගත යුතුය.
* ඒ සඳහා මැටි ගඩොළින් සදාගත් සරල පොරණුවක් භාවිත කරයි.
* එහි තට්ටුවෙන් තට්ටුව පිදුරු හෝ දහයියා යොදා ,පොරණුව පිරුණු පස සම්පූර්ණයෙන්ම මැටිගසා වසන අතර පළමු දින හොදින් දුම්ගසා දෙවන හා තෙවන දින සෙල්සියස් අංශක 600 වැඩි උෂ්ණත්වයකින් ගින්දරදමා පුළුස්සා ගනී.
මැටි භාණ්ඩ අලංකරණය :-
* තෙත මැටි බඳුන් සායම් යොදා අලංකාර කිරීම.
* අච්චු මගින්,
* පිලිස්සූ බඳුනේ සායම්කර අලංකාර කිරීම.
* යකඩ උල් /කටු මගින් මෝස්තර සීරීමෙන්.
* දිස්නය සඳහා ආලේපන යොදා ගැනීම.
මෝස්තර සඳහා සිංහල සැරසිලිවල අැති නිර්ජීවී මෝස්තර යොදා ගනී:-
සුළිය,සුළිවැල,සුළිදෙක, දියරැලි,හවඩිය,පනාව, පලාපෙති,තනිපට හා දෙපට ලණුව,ලියවැල ,භේරුණ්ඩ පක්ෂියා,බෝපත්,කතිරමල, හංසයා සහ සිංහයා.
ප්‍රචලිත ප්‍රදේශ:-
කැළණිය:- නවගමුව ,කැළණිය,රණාල
කෑගල්ල :- මොළගොඩ.
අනුරාධපුර :-රඹෑව
කුරුණෑගල :- පිදුරුවැල්ල,පඬුවස්නුවර,කළුගමුව.
මහනුවර :-වලල,උඩිස්පත්තුව.
මාතර:- කපුගම,බෙලිඅත්ත, යටියන,කිරින්ද.
කිලිනොච්චිය:- ධර්ම පුර, විසුවමඩු.
යාපනය :- කල්වියංකාඩු, කොඩිකාමම්.
No comments:
Post a Comment