Wednesday, April 28, 2021

7 වැනි ශ්‍රේණිය - චිත්‍ර -නියඳ හා පන් පැදුරු කර්මාන්තය.

නියඳ හා පන් පැදුරු කර්මාන්තය.

* නියඳ කර්මාන්තය දුම්බර පැදුරු /දුම්බර කළාල කර්මාන්තය ලෙසද හඳුන්වයි.

*මෙය සාම්ප්‍රදායික ජනකලා කර්මාන්තයකි.මහනුවර දුම්බර මිටියාවතේ ප්‍රචලිත නිසා දුම්බර කලාල/දුම්බර පැදුරු  ලෙස හඳුන්වයි.

නියඳ කෙඳි ලබාගැනිම:-
නියඳ පෝරුව නම් සරල උපකරණ මගින් නියඳ හෝ හණ පත්ත ලෑල්ලක තබා සූරා කෙඳි ලබාගනී.

දුම්බර කළාල වර්ග 3කි.:-

පන්නම් කලාල- සාමාන්‍ය පැදුරු
වැඩ කලාල- මිශ්‍ර සැරසිලි සහිත පැදුරු (තොරන්පෙත්ත,රත්වත්තේ අලංකාරය,මල්ගස,තනිවැල් ඉරුව,දෙපොට ලණුව, සත්ත්ව රූ-[අලියා,නාගයා,මුවා] ,පක්ෂි රූ ).
කුරුලු කලාල-පක්ෂී රූප පමණක් දැක්වෙන පැදුරු.

* අතීතයේ මෙම කර්මාන්තය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය වූයේ නියඳ පත් වුවත් වර්තමානයේ දී බහුලව යොදා ගන්නේ හණ ශාකයයි.

වර්ණ ගැන්වීම.
රතු - පතඟි දැව (Gareinia Gummigutta) හා කොරකහ කොල.
කහ - වෙනිවැල්ගැට(CurmaKonga)
හෝ අමුකහ.
කොළ - කනේරු කොළ(Nerium Odorm), ලුණුමිදෙල්ල,කැලෑ කොහොඹ(Melia Dubia).
කළු - අරළු සහ බුළු කොටා තම්බා ගැනීමෙන

පන් පැදුරු කර්මාන්තය :-
* පන් කර්මාන්තය  ලංකාවේ සෑම ප්‍රදේශයකම ප්‍රචලිතව තිබුණි.

* පන් කපා වියලා වර්ණ සමග තම්බා සකසා ගෙන අතින් වියා පැදුරු ,වට්ටි, පෙට්ටි නිපදවයි.

* වර්තමානයේ මෙය අභාවයට යන ජන කලා කර්මාන්තයකි.අමුද්‍රව්‍ය සොයාගැනීමේ අපහසුව.ප්ලාස්ටික් නිෂ්පාදන අඩුමිලට ජනප්‍රිය වීම මේ තත්ත්වයට බලපා ඇත.

* කළුතර,ගාල්ල,ගම්පහ,
රත්නපුර හා මඩකලපුවේ වාලච්චේන, කල්ලාරු,කාත්තන්කුඩි,එරාවූර්
ප්‍රදේශ වල දැනට පවතී.

* තනිපොට හා දෙපොට ලණුව, කදුරු මල,අවුල්හැරේ,
මාස දොළහා,රත්වත්තේ අලංකාරය, තාරකා පෙත්ත,අලියා ,කුරුල්ලා ,නයි පොරේ, මකුළු රටාව.වැනි රටා යොදාගනී.

* මඩකලපු පැදුරු වල........
ඔන්ඩිප්පායි - සමචතුරස්‍ර, සෟජුකෝණාස්‍ර, ත්‍රිකෝණ, සමමිතික රටා.
පුනිප්පායි - සමාන්තර රටා.
මේ දෙවර්ගය සමග රටා තිහක් පමණ යොදා පැදුරු වියයි.

No comments:

Post a Comment