Ajith W.Perera - St,Sylvester's College.
Ruveena Amarasinghe -
CP/ Wath / Arangala K.V.
ශ්‍රී දළදා වරුණ.......
* ඓතිහාසික සෙංකඩගල පුරයට මෙන්ම ශ්‍රී ලංකාවටද මුදුන් මල්කඩක් වූ ශ්‍රී දළදා මාළිගාව ක්‍රි: ව: 1687 රජ පැමිණි 11විමල ධර්ම සූරිය රජු විසින් ඉදිකරනු ලැබීය.
* මහනුවර යුගයටම ආවේණික ඉදිකිරීම් වන ලෙන් විහාර (ස්වාභාවික ගල් ලෙන් හා කැණීම් කර සකසාගත් ලෙන්),ටැම්පිට විහාර හා ඉදිකළ විහාර ගොඩනැගිලි වලින්,
තෙවැනි ක්‍රමයට මාළිගා සංකීර්ණය අයත්වේ.
* මාළිගා සංකීර්ණයේ ගොඩනැගිලි අතර.....
*දළදා මැදුර(වැඩහිටින මාළිගාව),
* මගුල් මඩුව,
*පත්තිරිප්පුව,
*උල්පැන් ගේ,
*දියතිලක මණ්ඩපය හා *මුලාදෑණි මන්දිරය ආදී වාස්තුවිද්‍යාත්මක ගොඩනැගිලි ප්‍රධාන වේ.
දළදා මැදුර - වැඩහිටින මාළිගාව ලෙස හඳුන්වන දළදාවහන්සේ තැන්පත් කර ඇති දෙමහල් මන්දිරය.
පත්තිරිප්පුව - දළදා මාළිගාවට මහත් අලංකාරයක්වූ අටපට්ටම් හැඩති ගොඩනැගිල්ල,මෙහි පහල කොටසේ පේශාවන් දැක්වෙන අතර ඉහළ අලංකාර කුළුණු ,කවුළු හා ගරාදි වැටවල් (ලාක්ෂා නිර්මාණ යෙන් අලංකාර කල) නිර්මාණය කර අැත.මෙයද දේවේන්ද්‍ර මූලාචාරී තුමන් ගේ නිර්මාණයකි.
මගුල් මඩුව - දැනට ඉතිරිව තිබෙන අලංකාර කැටයම් සහිත දැව කණුවලින් ඉදිකල මෙම ගොඩනැගිල්ල එකල රජතුමා අමුත්තන් හමුවූ ස්ථානය වේ.මෙය ශ්‍රී වික්‍රම රාජ සමයේ ජීවත් වූ දේවේන්ද්‍ර මූලාචාරී තුමන් ගේ නිර්මාණයකි.
උල්පැන් ගේ - මාළිගයට දකුණු පසින් (වර්තමානයේ ධර්මපාල තුමන් ගේ පිළිරුව අසල) වැවට සම්බන්ධ කර ඉදිකර ඇත.දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙහි පහත මාලය පොකුණක් ලෙස සකසා ඇත.එකළ අන්ත:පුර බිසෝ වරුන් දියනෑ පොකුණ මෙයයි.
දියතිලක මණ්ඩපය- වර්තමානයේ වැව මැද දැකිය හැකි දූපතේ එකළ ඉදිකරතිබූ රජතුමාගේ විවේක මණ්ඩපය.
මුලාදෑණි මන්දිරය - අලංකාර දැවකණු වලින් නිමවා ඇති ගොඩනැගිල්ල එකළ රජතුමන් හමුවට පැමිණෙන සුළු නිලධාරීන් තම අවස්ථාව එනතුරු රැදී සිටි ස්ථානය.
* මහනුවර යුගයේ විශිෂ්ටතම සඳකඩපහණ හමුවන්නේ දළදා මාළිගාවෙනි.
ත්‍රිකෝණ හැඩති මෙහි මධ්‍යයේ මදක් උස්වූ පූර්ණ පද්මයක් හා එය දෙපස හා මුළු සඳකඩ පහණම ලියවැල් රටාවලින් සැරසිලි කර ඇත.
No comments:
Post a Comment