Ajith W.Perera - St,Sylvester's College.
Ruveena Amarasinghe
CP/Wath/Arangala K.V.
සාම්ප්‍රදායික සත්ත්ව රූප.
දේශීය සාම්ප්‍රදායික සැරසිලිවල එන සත්ත්ව රූප අධ්‍යයනය කරමු.
* සාම්ප්‍රදායික සත්ත්ව රූප අතර විවිධ රූප රාශියක් හමුවේ.
*හංසයා සහ හංස පූට්ටුව :- බිතු සිතුවම්, ලී,ගල්, ඇත්දත්,රන්,රිදී,
පිත්තල කැටයම් හා ආභරණ මෙන්ම පුස්කොළ පොත් කම්බ ( පිටකවරය) සහ වඩිම්බු උළු කැට.
සිව් හංස පූට්ටුව :- සාම්ප්‍රදායික බිතු සිතුවම්(මහනුවර දළදා මාළිගාවේ පල්ලේ මාලයේ සිවිලිමෙි හා ලංකාතිලක විහාරයේ සිවිලිමේ ),දැව කැටයම්.
* සිංහයා:- බිතු සිතුවම්,ලී,ගල්, රන්,රිදී,පිත්තල කැටයම් හා වඩිම්බු උළුකැට.
* ඇතා,අශ්වයා, ගවයා,ගිරවා, මොනරා,නාගයා:- බිතු සිතුවම්,ලී,ගල් පිත්තල කැටයම්.
* ඇත්කඳ ලිහිණියා, භේරුණ්ඩ පක්ෂියා
ගජසිංහ, සැරපෙන්දියා:- ලී,ගල් හා පිත්තල කැටයම්.
* යාලී:- ලී හා ගල් කැටයම්.
සත්ත්ව සැරසිලි වල විශේෂ
ලක්ෂණ :-
* සෑම සත්ත්ව රූප සැරසිලි ඒකකයක්ම, රූප එකක් හෝ කීපයක් යොදා ශෛලිගතව නිර්මාණය කර තිබීම.
* මාධ්‍යයට,කලාකෘතියේ ස්වාභාවයට සහ තලයට උචිත ලෙස සම්පිණ්ඩනය කර තිබීම.
සත්ත්ව රූප ,සැරසිලි සුලබව දැකිය හැකි ස්ථාන:-
ලී කැටයම් - ඇම්බැක්ක දේවාලය,හින්දු කෝවිල්.
බිතුසිතුවම් - මහනුවර ශ්‍රී දළදා මාළිගාව, හින්දු කෝවිල්
රන්,රිදී සහ පිත්තල
කැටයම් - මහනුවර හා කොළඹ ජාතික කෞතුකාගාර.
පුස්කොළ පොත් කම්බ සිතුවම් - ශ්‍රී දළදා මාළිගාව ,මහනුවර හා කොළඹ ජාතික කෞතුකාගාර.
No comments:
Post a Comment