Grade 11 - Art - Ajith W.Perera /Ruveena Amarasinghe.
වචනයේ තෙරුම අර්ථවත් වාක්‍යයකින්.........
(ඉතා වැදගත්:-මෙම ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලිවීමේදී අනිවාර්යයෙන්ම තනිවචනයෙන්, උදාහරණ හෝ සමාන වචන පිළිතුරු ලෙස ලිවීමෙන් වලකින්
01- පේසා වළලු :- දාගැබක පාදමට ඉහළින් ඇති වෘත්තාකාර වළලු ත්‍රිත්වය.අතීතයේ දී මෙයට පියවසාව යන්න භාවිතා කර ඇත.
02- ථූපඝර :- අව්වැසි අාදියෙන් කුඩා චෛත්‍යය ආරක්ෂා කිරීමට එය වටා ඉදිකරවන ගොඩනැගිල්ල,මෙයටම වටදාගය යන්නද ව්‍යවහාර වේ.
03- හර්මිකාව :- ලාංකික දාගැබ් වල ඇති හතරැස් කොටුව වෙනුවට සාංචි ස්ථූපයේ ඇති හතරැස් ගල් ගරාදි වැට.
04- ගෝපුරම් :- හින්දු කෝවිලේ පිව්සුම දොරටුව හා සම්බන්ධ ප්‍රධාන ගෘහනිර්මාණ අංගය.
05- නන්දි වෘෂභ :- හින්දු ආගමික සංකේතයක් ලෙස සැලකෙන අතර ගවරුව කලාත්මකව යොදා ගෙන ඇත.
06- ගර්භගෘහය :- හින්දු කෝවිල තුල ප්‍රතිමා තැන්පත්කර ඇති කුටිය.
07- කුබ්/කුෆා :- ඉස්ලාම් පල්ලියේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ඉදිරිපස ඇති,උල් තුඩක් සහිත ගෝලාකාර ශිඛරය මින් හැඳින්වේ.
08- මිනාර්/ මිනරෙට් :- මුස්ලිම් පල්ලිය දෙපස ඉදිකර ඇති කුළුණු.
09- කැලිග්‍රැෆි ( Calligraphy) :-කුරාණයේ එන ආගමික පාඨ විවිධ හැඩ අනුව කලාත්මකව ලිවීමේ කලාව.
10- රෝස් වින්ඩෝ Rose Window:- රෝමානු ක්රමයේ දේවස්ථාන වල (බොකුවහල හා රවුම් ආරුක්කු සහිත )
ඉදිරිපස දොරටුවට ඉහලින් ඇති අලංකාර වීදුරු වලින් නිමවූ වෘත්තාකාර
කවුළුවකි.
11- රංජිත වීදුරු (Stain glass):- ගොතික් ක්රමයේ දේවස්ථානවල(තුඩු සහිත ආරුක්කු සහ දළ බෑවුම් සහිත වහල) තුඩුසහිත කවුළු වල අලංකාර වීදුරු කැබලි වලින් ක්‍රිස්තු චරිතයේ සිද්ධි හා අවස්ථා නිර්මාණය කර තිබීම.
12- යටිපෝරුව:- චිත්‍ර ගුරුතුමා විසින් අධුනිකයා හට චිත්‍ර ඇඳීමට ලබා දෙන පුවරුව.
13- වකදෙක:- ආධුනිකයා හට සුභ මොහොතින් යටිපෝරුව මත අඳින්නට දෙන ප්‍රථම මෝස්තර අභ්‍යාසය.
14- තිරිඟිතලය :- වකදෙක ඇඳීමෙන් පටන්ගන්නා කලාත්මක අභ්‍යාසකරණයේදී ආධුනිකයාට ලබාදෙන අවසන් සංකීර්ණ අභ්‍යාසය වනඅතර වකදෙකෙහි වර්ධනීයම මෝස්තරය ද මෙයයි.
15- කාටුන් වැඩසටහන්:- සරල හා වියුක්ත හැඩතල සහිතව නිර්මාණය කරන ලද රූප පරිගණක තාක්ෂණයෙන් සජීවීකරණයට ලක්කර කරනුලබන නිර්මාණ.
16- කඩහම් :-තල්කොළ ඇසුරෙන් නිපදවන විශාල පෙට්ටි.
17- කුට්ටාන් :- තල්කොළ ඇසුරෙන් නිපදවන තල්හකුරු බහාලන උපකරණය.
18- කදීර්පායි:- ධාන්‍ය වර්ග මෙන්ම වී සහ තම්බාපු වී වේළීම සදහා භාවිතා කරණ තල්කොළ පැදුරු.
19- පඩුක්කේයි පායි:- නිදාගැනීමට පාවිච්චි කරන තල්කොළ පැදුරු.
20- වර්ණ පායි:-මංගල අවස්ථා වල භාවිත කරන වර්ණවත් තල්කොළ පැදුරු.
21- සෝට්ටුප්පායි :- බත්දැමිමට යොදාගන්නා තල්කොළ පැදුරු.
22- දුම්බර කළාල :- නියඳ හෝ හණකෙඳි වලින් වියනු ලබන පැදුරු විශේෂයකි.
23- පන්නම්කළාල :- දුම්බර කළාල කර්මාන්තයේ දී නිපදවන සාමාන්‍ය පැදුරු.
24- වැඩකළාල :- දුම්බර පැදුරු කර්මාන්තයේදී මිශ්‍ර සැරසිලි සහිතව(රත්වත්තේ අලංකාරය,තොරණ් පෙත්ත ආදී සැරසිලි මෝස්තර) නිර්මාණ කළ පැදුරු.
25- කුරුලු කළාල:- සත්ත්ව හා පක්ෂී මෝස්තර සහිතව (ඇතා,මුවා,නාග,තාරාවා සහ කුරුල්ලන්) නිපදවන දුම්බර පැදුරු.
26- ඔන්ඩිප්පායි :- මඩකළපු පන් පැදුරු වල ජ්‍යාමිතික මොස්තර සහිත පැදුරු.
27- පුනිප්පායි :- සමාන්තර රටා සහිත මඩකලපු පන් පැදුරු.
28- යාගසාලෙයි:- හින්දු කෝවිලේ පැවැත්වෙන කුම්බාබිෂේකම් ශාන්ති කර්මය සඳහා අඹ ලී වලින් සාදන මඩුව.
29- තෛමින්තිය:- හින්දු කෝවිලේ දිනපතා පවත්වන පුජාවන් මෙයින් හැඳින්වේ.
30- සකපෝරුව :- සාම්ප්‍රදායික වළං කර්මාන්තයේදී මැටි වළං සෑදීම සඳහා භාවිතා කරනුලබන අතින් කරකවන වෘත්තාකාර පුවරුව.
31- වළං පත්ත සහ අත් ගල :- සකපෝරුව මඟින් සාදා ගත් වළං වල අඩිය(පල්ල)සාදාගැනීමට භාවිත කරන උපකරණ.
32- තළන වැඩ :- පිත්තල තහඩු උපයෝගී කරගෙන භාණ්ඩ නිපදවීම.
33- වාත්තු වැඩ:- පිත්තල උණුකර අච්චුවලට වත්කර භාණ්ඩ නිපදවීම.
34- පිත්තල තිරුවාසී :- හින්දු කෝවිල් වල දේව ප්‍රතිමා වටා සවිකරන පිත්තල ලෝහයෙන් නිමවූ රැස්වලල්ල.
35-ඌරා කැට ළිං:-කුඩා විශ්කම්භයකින් යුත් ළිං සඳහා යොදා ගන්නා මැටි බට.
36- ගණ කැපීම :- වෙස් මුහුණු සෑදීමේ පළමු පියවර වන මෙය ලී කඳන් කපා පොතු ගසා අවශ්‍ය ප්‍රමාණයට කපා ගැනීම.
37- පායම් පෑහීම:- ගැට සහිත තැන් කපා වෙස්මුහුණ සෑදීමට අවශ්‍ය ලෙස පැතලි කරගැනීම.
38- කිරි හිඳවීම :- වෙස්මුහුණ කැපීමට සකසාගත් කදුරු ලීයේ අධික කිරි ගතිය ඉවත්කිරීම සඳහා දුමේ දමා හෝ මද අව්වේ දමා වේලා ගැනීම.
39- ලකුණු කැපීම:- වෙස්මුහුණේ ඇස් කන් නාසය වැනි සියුම් අංග මතුකිරීම.
40- අල්ලියාදු:- වෙස්මුහුණ වර්ණ ගැන්වීමට පෙර එහි ආලේප කිරීමට කිරිමැටි හෝ මකුළු මැටි දියකර පෙරා සාදාගත් මූලික ආලේපනය.
41- මනිමේඛලෙයි:- හින්දු ඉතිහාසයේ සංග නම් යුගයේ සිට හින්දු ආගම හා බැඳුණු දැව කැටයම් පිළිබඳව සටහන්ව ඇති ඉතිහාස ග්‍රන්ථය.
42- මරවාහනම්:- හින්දු ආගමික පුූජා උත්සව වලදී දේව ප්‍රතිමා පෙරහැරේ ගෙනයාමට සකස්කළ දැවයෙන් කරන ලද වාහන.
43- වඩම්:- හින්දු දේව ප්‍රතිමා පෙරහැරේ වැඩමවාගෙන යන කඹයොදා ඇදගෙන යන වාහන.
44- කොට්ටල් බද්ද:- මහනුවර යුගයේදී පැවති රාජකීය කාර්මික කාර්යාංශය මේ නමින් හැඳින්වේ.
45- හංගිඩියන් :- අතීතයේදී ලාක්ෂා ශිල්පීන් හඳුන්වා ඇත්තේ මේ නමිනි.
46- පට්ටල් වැඩ:- භාණ්ඩය පට්ටලයට සවිකර එය කරකැවෙන විට ලාක්ෂා කැබැල්ල එයට අල්ලා ඒකාකාරව ලාක්ෂා තැවරීමෙන් සාදාගන්නා ලද භාණ්ඩ.
47- නියපොතු වැඩ:- කොඩි, සේසත් මිටවල් සැරසිලි කිරීම සඳහා ලක්ෂා නූල් භාවිත කිරීම සහ ඒ සඳහා නියපොත්ත භාවිත කිරීම.
48- මඩොල් කුරුපාව:- ඇම්බැක්ක දේවාලයේ පරාල 26ක් එකම ලී ඇණයකට සවිකර ඇති වහල අංගය.
49- අඛණ්ඩකථන ක්‍රමය:- මහනුවර යුගයේ චිත්‍ර වල දැකිය හැකි එකම රූපය හෝ රූප, විවිධ දර්ශන වල නැවත නැවත යොදමින් රූප රාමු පෙලක් ලෙස කතාව සිතුවම් කිරීම.
50- පාර්ශව දර්ශී :- මහනුවර යුගයේ සිතුවම් වල මානවරූප පැත්තකට හැරී ඇති ආකාරයට දක්වා තිබීම.
51- පූර්ව දර්ශී :-මානවරූප ඉදිරි පසට හැරී ඇති අාකාරයට නිර්මාණය කර තිබීම.
52- ස්පින්ක්ස් රුව:- ඊජිප්තුවේ කුෆු පිරමීඩය ඉදිරිපිට ඇති සිංහ ශරීරයෙන් හා මනුෂ්‍ය මුහුණක් සහිත උසින් අඩි 66ක් පමණ වූ ඉපැරැණි මූර්තිය.
53- ක්ෂය වෘද්ධි ලක්ෂණ :- රූප වල ඉදිරියට දැක්වීමේ දී කෙටිකර පෙන්වීම.
54- ප්‍රෙස්කෝ බුවනෝ:- තෙත බදාමය මත ඇඳ වර්ණ පූර්ණය කිරීමේ ක්‍රමය.
55- ප්‍රෙස්කෝ සිකෝ:- වියළි බදාමය මත සිතුවම් ඇඳීම.
56- ටෙම්පරා :- වියළි බදාමය මත බන්දන මාධ්‍යයක්(මැලියම්) සමග වර්ණ මිශ්‍රකර සිතුවම් ඇඳීම.
57- සරළ කඩරේඛණය (Hatching ):- එක් පැත්තකටම ඇඳි රේඛාවන්ගෙන් එළිය සහ අඳුර දැක්වීම.
58- හරස් කඩරේඛණය (Cross Hatching ):- එකිනෙකට කැපීයන රේඛා යොදාගනිමින් එළිය හා අඳුර දැක්වීම.
59- අල්ප උන්නත :- තලයෙන් කාලක් එසේත් නැතිනම් ස්වල්ප ප්‍රමාණයක කැටයම මතුකිරීම.
60- අර්ධඋන්නත :- තලයෙන් භාගයක, පමණ කැටයම මතුකිරීම.
61- අධි උන්නත:- තලයෙන් හතරෙන් තුනක, පමණ කැටයම මතුකිරීම.
62- පූර්ණ උන්නත :- තලයෙන් සම්පූර්ණයෙන්ම කැටයම මතුකිරීම.
63- පර්යාවලෝක :- වස්තුවක් ඈතට දකින විට කුඩාවට පෙනීම.
64- වර්ණ පර්යාවලෝකය :-
වර්ණ ඈතට දකින විට ලා පැහැයෙන් පෙනීම.
65- කුරුලු ඇසින් දැකීම:- අහසේ සිට බලන විට පොළොවේ ඇති වස්තූ පෙනෙන ආකාරය.
66- මේධිය :- සාංචි ස්ථූපය වටා පොළොව මට්ටමෙන් අඩි 16 ක් පමණ ඉහලින් ඇති ප්රදක්ෂිණා පථය.
67- යූපය හෙවත් යෂ්ටිය :- සාංචි ස්ථූපය මුදුනේ ඇති හර්මිකාව මැද සවිකර ඇති ශෛලමය අටපට්ටම් කුළුණ.
68- උඩලිපත:- සාංචි තොරණේ ඇති තිරස් ගල් පුවරු තුන.
69- සාලබංජිකා:- සාංචි තොරණේ තිරස් පළමු ගල් පුවරුවට කුඤ්ඤයක් ලෙස සම්බන්ධව ඇති යක්ෂණී රූප.
70- සාරිපුත්‍රය:- බුදුු පිළිම ඇඹීම සහ ඇඳීම පිළබඳ මිනුම් හා සිද්ධාන්ත ඇතුලත් ග්‍රන්ථය.
71- මූලික වර්ණ :- වර්ණාවලියෙහි ඇති ප්‍රධාන වර්ණ තුනවන නිල්,කහ සහ රතු මෙයින් අදහස්වේ.
72- කියරොස්කුරෝ- අඳුර තුලින් ආලෝකය තීව්ර ලෙස පින්සල් පහර නොපෙනෙන සේ මතුකර දැක්වීම.
73- ඝනිකවාදය:- වර්ණ හා හැඩතලවලට ඝනත්වයක් එකතුකිරීමට ජ්‍යාමිතික හැඩතල ආදේශ කිරීම.
74- පර්ජන්‍ය:- වැස්සවලාහක දෙවියන් හඳුන්වන නාමයක් වන මෙයින් ඉසුරුමුණි මිනිසා හා අශ්ව හිස කැටයමේ මිනිසා සංකේතවත් කෙරේ.
75- ත්‍රිභංග:- ප්‍රතිමා නිර්මාණයේදී බෙල්ලෙන්,ඉඟෙන් හා දණහිස යන තුන් පලින් නැමුණු ආකාරය දැක්වීම.
Thank you wery much
ReplyDeleteGood for the knowledge as a short notes
ReplyDeleteThank you very much
ReplyDeleteThis is a great support for students who are doing Art for O/L
හොද වැඩක් වටිනව
ReplyDeleteGodak watinawa sthuthi 🙏
ReplyDeleteඅනේ ගොඩක් ස්තූයි මෙවා මම හොය හොය හිටියෙ
ReplyDeleteThanx
ReplyDeleteThankq !👊
ReplyDeleteThank you so much
ReplyDeleteHi
DeleteSuper work❤
ReplyDeletethanks very mauch
ReplyDeleteSuper work 👌
ReplyDeleteThanks
ReplyDeleteThanks
ReplyDeleteTnx godak
ReplyDeleteTnx
thank you so much
ReplyDeleteVinod
ReplyDeleteThank you so much 🌹
ReplyDeleteගොඩක් වැදගත් වුනා
ReplyDeleteගොඩක් වැදගත් වුනා
ReplyDeleteThank yoy
ReplyDeleteThank you සලපතළ මළුව kiyana aketh theruma danna puluvanda
ReplyDelete❤️🔥
ReplyDelete😌❤️🩹
ReplyDeleteTank you ☺️🙏
ReplyDelete❤️☺️බොහොම ස්තුතියි
ReplyDeletehodha wadaka godaak watinawa thank you
ReplyDeleteSuper work very usefull for ol exam
ReplyDeleteHighly appreciate.
හොදයි
ReplyDeleteහොද වැඩක්
ReplyDeleteThank you
ReplyDelete❤️
ReplyDeleteThanks hoda wadak
ReplyDeleteThanls you ♥️♥️ හොද වැඩක්😉
ReplyDeleteතීරු චිත්,ක්‍රිස්ටල්,නෙබාමුන් මෙම වචනවල තෙරුම් නැනෙ
ReplyDeleteඅල්පනාව කියන එකට වාක්‍යක්
ReplyDeleteIts very helpful to art subject
ReplyDeleteThanks😀,
ස්තූතියි...තවත් වචන ටිකක් එකතු කරන්න.
ReplyDeleteThank you so much
ReplyDeleteගොඩක් හොදා නියමයි
ReplyDelete