බුදු පිළිමවල ආසන,ආසනක්‍රම හා මුද්‍රා:-
ආසන:-
* සෑම බුද්ධ ප්‍රතිමාවක් ම පීඨයක් මත පිහිටුවන අතර,මේ සඳහා පද්මාසනයක් හෝ වජ්‍රාසනයක් යොදා ගනී.
* පද්මාසනය- පද්මයක අකාරයට කැටයම් කරයි.
*වජ්‍රාසනය- ආසනය ඉදිරිපස වජ්‍රයක සළකුණක් කැටයම් කර ඇත.
ආසන ක්‍රමය :-
* හිඳි බුද්ධ ප්‍රතිමා වල දෙපා පිහිටුවන ආකාරය, එනම් හිඳගෙන සිටින ඉරියව්ව අනුව ආසන ක්‍රමය තීරණය වෙි.
* වීරාසනය
පද්මාසනය(යෝගාසනය)
භද්‍රාසනය යනුවෙන් ආසන ක්‍රම තුනකි.
* වම් පාදය මත දකුණු පාදය පිහිටන සේ වාඩිවී සිටීම වීරාසනයනම් වේ.
*පද්මාසනය යන් දෙපාවල යටි පතුල් දෙකම උඩු අතට සමව පිහිටන සේ වාඩිවී සිටීම වේ.
*ඉතා කෙටි ආසනයක වාඩිවී දෙපා දණ හිස්වලින් ඉදිරියට නවාගෙන යටි පතුල් පොළොවට ස්පර්ශ වන සේ තබාගෙන සිටීම.
මුද්‍රා:-
*බුද්ධ ප්‍රතිමාවක ගුණාංග හා අවස්ථාව ප්‍රකාශ කිරීම සඳහා සංකේතාත්මකව දෑත් යොදා ගෙන ඇති ආකාරය මුද්‍රා ලෙස හැඳින්වේ.
මුද්‍රා වලින් ප්‍රකාශිත අර්ථ ය පහත පරිදි වේ.
*ධ්‍යාන මුද්‍රාව :- සමාධියට/ ධ්‍යානයකට සමවැදුණු ආකාරය .
* අභය මුද්‍රාව :- අභය හෙවත් නිදහස දීම සංකේතවත් කරයි.මෙය ආශිර්වාද හෙවත් ආශිව මුද්‍රාව ලෙසද හඳුන්වයි.
* විතර්ක මුද්‍රාව :- ගැටළුවක් විසඳන අවස්ථාව.
* භූමි ස්පර්ශ මුද්‍රාව :- මහපොළොව සාක්ෂි යන අර්ථය මාර පරජය අවස්ථාව සඳහා යෙදේ.
* වරද මුද්‍රාව :- වරයක් ලබාදීම සංකේතවත් වෙි.
* පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාව :- අන්‍යයන්ගේ දුක පිළිබඳව සැළකිලිමත් වීම.අනිමිස ලෝචන පූජාව යනුවෙන්ද මතයකි.
* ධම්මචක්ක මුද්‍රාව :- ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ අවස්ථාව.
* කටක හස්ත මුද්‍රාව :- යමක් අල්ලාගෙන සිටින ආකාරය නිරූපණය වන බව.